IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොරියා ධීවර තාක්ෂණය ලංකාවට

කොරියානු ධීවර තාක්ෂණයෙන් සමන්විත තාක්ෂණ විද්‍යාල දෙකක් උතුරේ සහ දකුණේ පිහිටුවීමට කොරියා රජය කැමැත්ත පළ කර ඇත.

කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ ආරාධනයෙන් එරට සිදුකළ සංචාරයේදී ධීවර ක්ෂේත්‍රයේ මෙම ආයෝජන හා ව්‍යපෘති රැසකට එරට ව්‍යාපාරික ප්‍රජාව හා රජයේ එකඟත්වය ලබා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම සමත්වීමත් සමඟ මෙම කැමැත්ත පළ වී ඇත.

ඊට අමතරව ධීවරයින් වෙනුවෙන් නව නිවාස, ධීවර වරායන්, ධිවර ක්ෂේත්‍රයට අදාළ විශාල ව්‍යාපෘති ගණනාවකට කොරියාවේ සහය ලබා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයාට හැකිව තිබේ.

මෙම සංචාරයේ දී අමාත්‍යවරයා ධීවර, සමුද්‍රීය පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදන පිළිබඳ කොරියාවේ ප්‍රමුඛ ආයතන ගණනාවක ප්‍රධානීන් හා නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ අතර එහිදී වැඩි අවධානයක් යොමු වුයේ ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය තුළ සිඳු කළ හැකි ආයෝජන පිළිබඳවය.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වූ කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපතිවරයා එම සමුකාර සම්මේලනය විසින් මෙහෙය වන අවුරුදු දෙකක කාල සීමාවක් සම්පුර්ණ ගෙවීම් සහිතව පශ්චාත් උපාධි සහිතව ශිෂ්‍යත්ව දෙකක් ප්‍රධානය කිරීමට එකඟත්වය පළ ව ඇත.

 



අදහස් (0)

කොරියා ධීවර තාක්ෂණය ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site