IMG-LOGO

කර්මාන්තපුරයේ කම්හල් තුනක් ගිනි ගෙන වැනසෙයි

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මල්කඩුවාව හෙරළියාවල කර්මාන්තපුරයේ පවත්වාගෙන යන කම්හල් තුනක්  ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

පින්තූර රාමු නිපදවන කම්හලක් සමඟ පාවහන් නිෂ්පාදන සහ රෙදි නිෂ්පාදන කම්හලක් මෙම ගින්නෙන් විනාශයට පත්ව ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

එකිනෙකට යාව පිහිටි කම්හල් තුනක් මෙලෙස ගින්නට හසුව තිබෙන අතර පින්තූර රාමු නිපදවන කම්හලෙන් ගින්න හටගෙන ඇති බවට සැක කරයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද කියයි.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සමඟ කුරුණෑගල මූලස්ථාන පොලීසිය හා හෙරළියාවල යුද හමුදා කඳවුරේ සාමාජිකයන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ දරා ඇතත් කම්හල් තුළ තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් ඇත. 



අදහස් (0)

කර්මාන්තපුරයේ කම්හල් තුනක් ගිනි ගෙන වැනසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site