IMG-LOGO

කරාපිටියේ ස්නායු රෝග වාට්ටුව තාවකාලිකව වසයි

(සිරංගිකා ලොකුකරවිට)

කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වී අකුරැස්සේ නිවසකට ගොස් සිටිය දී කොවිඩ් - 19 අසාදිත බව තහවුරු කරගත් තරුණයා සිය පියා සමඟ මේ වාට්ටුවේ රැඳී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඔහුගේ පියා ස්නායු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ගෙන  ගොස් එතැනින් මාතර මහ රෝහලට මාරු කර යවා අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට එවා ඇත. මෙම තරුණයා සිය පියාගේ උදව්වට වාට්ටුවේ රැඳී සිට තිබේ.

රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට එම පියාගේ සහ පියා සමග නැවතී සිටින තවත් තරුණයකුට කොවිඩ් - 19 ශරීරගත වී තිබේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.



අදහස් (1)

කරාපිටියේ ස්නායු රෝග වාට්ටුව තාවකාලිකව වසයි

de silva Sunday, 05 April 2020 09:36 AM

නිරෝධනය වුන මෙම තරුණයට කොරෝන හැදුනේ කොහොමද ? කදවුර තුලද ? එහෙම නැතිනම් ප්‍රවාහනය කරන බස් රථයේ දිද ? නැතිනම් පියා සමග කරාපිටිය රෝහලේ සිටියදී රෝහලේදීද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site