IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කුරුඳු පොලු නඩුව කල් යයි

එක්සත්  ජාතික පක්ෂයේ  නායක රනිල්  වික්‍රමසිංහ මහතාට  එම තනතුරින්  ඉවත්වන්නැයි  බල කරමින්  එම පක්ෂයේ පාක්ෂිකයන්  පිරිසක්  සංවිධානය කළ විරෝධතා පාගමනකට  2013 වසරේ දී  කුරුදු පොලු වලින්  පහර දී  තුවාල සිදු කිරිම සම්බන්ධයෙන්  වු  නඩුව ලබන මාර්තු 06 වැනි දා  දක්වා කල් තැබීමට  මාතර  වැඩබලන මහේස්ත්‍රාත්  හා  නීතිඥ උපාලි  රණසිංහ මහතා  අද (08) නියෝග කළේය.

එම නඩුවේ  සැකකරුවකු  වු  වත්මන්  විදෙස්  ඇමැති  මංගල සමරවීර  මහතා  ඇතුළු සැකකරුවෝ  60 දෙනෙක්  අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අධිකරණයට  නොපැමිණි  සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට  වරෙන්තු  නිකුත්  කැරිණි.

නඩුවේ සැකකරුවකු වන හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී  සුරනිමල රාජපක්ෂ මිය ගොස් ඇති  බව නිතිඥවරු  අධිකරණයට  දැනුම්  දැන්වූහ. 



අදහස් (0)

කුරුඳු පොලු නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site