IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


කොරෝනා පාලනයට ප්‍රංශයේ ඇඳිරි නීතිය


අද සිට රාත්‍රී කාලයේ ප්‍රංශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව රාත්‍රී 9.00 සිට අලුයම 6.00 දක්වා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වේ. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ  අරමුණින් පැරිස් ඇතුළු තවත් නගර 8 ක මෙය ක්‍රියාත්මක වේ.

අද සිට මසක කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඇඳිරි නීතිය පැනවෙන ප්‍රදේශවල ප්‍රංශ ජනගහනයෙන් මිලියන 20 කට අධික සංඛ්‍යාවක ජනතාවක් වාසය කරති. ඇඳිරි නීතිය අනුව ආපන ශාලා, මත්පැන්හල් සහ සිනමා ශාලා රාත්‍රී 9.00 ට වසා දැමිය යුතුයි.

කෙසේ වුවත් ආහාර අලෙවිසැල්වලට රාත්‍රී කාලයේ ආහාර බෙදාහැරීමේ කටයුතුවල නිරත වීමට අවසර දී තිබේ.

මේ වන විට ප්‍රංශය යුරෝපා කලාපයේ කොරෝනා වසංගතය පැතිරෙන එක් ප්‍රධාන රටක් බවට පත්ව ඇත.

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (2)

කොරෝනා පාලනයට ප්‍රංශයේ ඇඳිරි නීතිය

බද්රානි Saturday, 17 October 2020 09:47 AM

ප්‍රංශයේ ඇඳිරි නීතිය දමා ඇත්තේ රාත්‍රි කාලයේදී පමණයි. මෙහිදී සාමාන්‍ය ජනතාව කිසිඳු පීඩාවකට පත් නොවන ලෙස ඒ රටේ බුද්ධිමත් පාලකයින් තීන්දු තීරණ අරගෙන තිබෙනවා. එ්ත්, අපේ රටේ පාලකයින් කරන්නේ ජනතාව පීඩාවට පත් කරන එකනේ. හැබැයි ඒක එහෙම වුණයි කියලා ගැටළුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනතාව හා රජකෙනෙකු යටතේ යටත් වැසියන් ලෙස ජීවත් වීමට කැමති ගෝත්‍රික ජනතාවක් වෙසෙන රටක වෙනස ඒකයි. මම නම් කියන්නේ සති කීපයක් වත් නොකඩවා ලංකාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් රටේ රජතුමාට හා ඇමතිවරුන්ට අවශ්‍ය ලෙස මේ ගෝත්‍රිකයින් පාලනය කිරීමට බැරි වෙනවා. අනික ඉතින් ජාතික ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතිවන්නේත් නැහැනේ.

:       14       15

Demuni Uduwara Saturday, 17 October 2020 01:34 PM

අපරිණතභාවයට බෙහෙත් නැහැ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site