ක්‍රිති ෂැනොන් දන්නවානේ. අර "හීරෝපාන්ත්" චිත්‍රපටයේ ජැකි ෂෙරොෆ්ගේ පුතා ටයිගර් ෂෙරොෆ් එක්ක රඟපෑවේ. ඊට පස්සේ නම් එයා ටික කාලයක් දැක්කේ නැහැ. එත්, ගිය අවුරුද්දේ එයාගේ අලුත් චිත්‍රපටයක් ආවා මතකනේ. රෝහිත් ෂෙට්ටිගේ "දිල්වාලි"චිත්‍රපටය.
වරූන් ධාවන්ගේ පෙම්වතිය විදිහට තමයි ක්‍රිති රඟපෑවේ. ෂාරුක්, කාජල් දෙන්නත් හිටිය නිසා ගොඩ දෙනෙක්ට ඒ ෆිල්ම් එක මතක ඇති. ආයෙත් දැන් ක්‍රිති ෂැනොන්ට තවත් ඒ වගේ සුපිරි චිත්‍රපටයක රඟපාන්න ලැබිලා. සල්මාන් ඛාන් තමයි මේ පාර ක්‍රිතිගේ සිනමා පෙම්වතා වෙලා තියෙන්නේ. චිත්‍රපටය තමයි "කික්" දෙවැනි චිත්‍රපටය.
වැඩේ කියන්නේ මේ චිත්‍රපටයේ පළමු කොටස 2014 අවුරුද්දේ ප්‍රදර්ශනය වෙලා ඉන්දියාවෙන් විතරක් කෝටි 233ක් මුදල් උපයා ගත්තා. මේ චිත්‍රපටයේ සල්මාන්ගේ පෙම්වතිය විදිහට රඟපෑවේ අපේ රටෙන් බොලිවුඩ් සිනමාවට එකතු වුණ ජැකලින් ෆර්නැන්ඩේස්. ඒත්, ජැකලින් වෙනුවට තමයි "කික්" දෙවැනි චිත්‍රපටයට සල්මාන් එක්ක රඟපාන්න මේ සැරේ ක්‍රිති ෂැනොන්ව තෝරාගෙන තියෙන්නේ. ලබන අවුරුද්දේ තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. බලමු මේ චිත්‍රපටය පළමු චිත්‍රපටයට වඩා හොඳ ආදායමක් උපයා ගනියිද කියලා.
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිතිට ඉල්ලමක්