IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කරුණාරත්න සිසුන්ගෙන් ලොකු වැඩක්

රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාල දරු දැරියන්ගේ ‘‘සුහෘල්ලේඛා 2015‘‘ චිත්‍ර ප්‍රදර්ශනය හෙට සිට 27 දක්වා විද්‍යාලයීය ප්‍රධාන ශාලාව්දී පැවැත්වේ. ‘‘කරුණාවේ සුහද අන්තය‘‘ නම් වන  මෙම චිත්‍ර ප්‍රදර්ශනයට නිර්මාණ 275කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත. ඊට විදුරු කැබලි, රෙදි කැබලි,  වැනි විවිධ ද්‍රව්‍ය යොදාගත් නිර්මාණද මීට ඇතුළත් වේ.

307  308 309 310 311 312



අදහස් (0)

කරුණාරත්න සිසුන්ගෙන් ලොකු වැඩක්

සමන් Thursday, 25 June 2015 01:46 AM

1976 - 1982 කාලයේ මම ඉගෙනගත් පාසලේ වර්තමාන දරුවන් ගැන ආඩම්බර වෙනවා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 04:14 AM

මගේ ගමේ පාසැල. මමත් පලවන වසරේ ඉදල පස්වන වසර දක්වා ඉගෙන ගත්ත මගේ පළමු පාසල මේක. මගේ දරු දෙන්නත් යන්නේ මේ පාසලට. විසේස හැකියාවන් ඇති දරු දැරියෝ ඕන තරම් මේ පාසැලේ ඉන්න බව කිව යුතුමය. නමුත් යම් හේතුන් මත දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඩපන වන බවක් දැනගන්න ලැබෙන අතර ගුරුභවතුන් මිට වඩා තම කැප කිරීම් මේ පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යෙදෙව්වොත් මිට වඩා රටේ නමගිය පාසලක් බවට පත් කරගත හැක. (නදී)

:       0       0

වසන්ත රත්නායක Thursday, 25 June 2015 06:16 AM

මගේ පුතා යන්නෙත් මේ පාසලට - පියෙකුගෙන් සුබ පැතුම් !!! (ම)

:       0       0

නීල් Wednesday, 24 June 2015 02:55 PM

මට හරිම ආඩම්බරයි මම ඉගෙනගත් පාසලේ නංගිලා මල්ලිලාගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනවට. මම දැනට දකුණු කොරියාවේ පුසාන් වල හිටියට කවදාවත් මම මගේ පාසල අමතක කරන්නේ නැහැ. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

පහන් Wednesday, 24 June 2015 03:36 PM

ගම්පහ බණ්ඩාරනායක තවත් බෞද්ධ පාසලකින් සුබ පැතුම් !!! (නි)

:       0       0

මෝහමෙඩ් Thursday, 25 June 2015 08:05 AM

මම විභාගය ලියන අවුරුද්දේ, මාත් එක්ක එකට සහභාගිවුණු මගේ පන්තියේ අය මට තවම මතකයි. විමලසේන,ප්‍රේමදාස,ජයරත්න,නොර්මන්,සරණපාල,කරුණාරත්න,උපාලි, මාලනි,මාලා,කුසුමාවතී සහ තව බොහෝ නම් අය ඉන්නවා.... (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 25 June 2015 08:38 AM

මෙම කළා කෘති අන්තර්ජාතික තත්වයට තියෙනවනේ !! මට හරිම පුදුමයි මෙවැනි උසස් කලා කෘති පොඩි දෑත් වලින් කරලා තියෙන විදියට !! මෙම ගුරුතුමිය ඉතා ඉහලින් ප්‍රසංශාවට ලක් විය යුතුනේ !!(හේ)

:       0       0

පුබුදූ ගුණසේකර Wednesday, 24 June 2015 11:50 PM

මේ සිසු සිසුවියන්ගේ දක්‍ෂකම් ඔපවැටිලා තියෙන්නෙ චිත්‍ර භාර ගුරුතුමියගේ කැපවීම නිසා බව නොකියාම බැහැ. මීටපෙර සිටි විද්‍යාලයේදී මමත් මෙතුමියගෙන් චිත්‍ර හදාරා ලබාගත් හැකියාවෙන් අද මම ඇමෙරිකාවේදී වීඩියෝ ගේම් නිර්මාණකරණයේ යෙදෙනවා. එතුමියට සහ මේ දක්‍ෂ සිසු සිසුවියන්ට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site