ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැළකීම ඉන්දීය රජය නතර කළ යුතු බව තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පි.ටී.අයි පුවත් සේවය අද (23) වාර්තා කළේය.
චෙන්නායි හි පැවති උත්සවයකදී ඔහු පැවසුවේ මෙරට යුද්ධයේදී ඇති වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දියාව මැදිහත් විය යුතු බවයි. මෙරට යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම පමණක් නොව සමූල ඝාතනයක් සිදුව ඇති බවට ද කරුණානිධි යළි චෝදනා කළා.
කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිර්දේශ මගින් යුද්ධය පිළිබඳ චැනල් ෆෝ නාළිකාව විකාශය කළ ‘‘නෝ ෆයර් සෝ න්’’ වීඩියෝ දර්ශන සනාථ වන බවයි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරුණානිධි යළි කට අරියි
ඉඳුනිල් Friday, 23 October 2015 01:41 PM
මෙයා ආයෙත් පටන් අරගෙනද? (නි)
ඇසළ Friday, 23 October 2015 02:06 PM
ඔහොම තමයි වැඩියෙන් පත්තු වනවා නිවෙන්න ලංවෙන කොට. (අ)
ලංකා Saturday, 24 October 2015 11:24 AM
හෙට අනිද්දා මැරෙන්න ඉන්න මේ මනුස්සයට පාඩුවේ ඉන්න බැරි හැටි.(රේ)
ද සිල්වා -බර්ලින් Friday, 23 October 2015 08:57 AM
ලංකාවේ ද්‍රවිඩ ධීවරයන්ගේ මලු ටික හොරා කන තමිල්නාඩු මලු මුදලාලිලා ගැන මොකවත් කියන්නේ නැද්ද ? (ම)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 09:14 AM
තමන්ගේ ජනතාවට අවම වැසිකිලි පහසුකම් හෝ ලබාදීමට නොහැකිව වෙනත් රටක ප්‍රශ්න ගැන කතා කිරීම විහිළුවක් බව තේරුම් ගත්තොත් යෙහෙකි/ (ම)
නුවරඑළියේ වසන්ත Friday, 23 October 2015 09:35 AM
කරුණානිධි කියන්නේ මොලේ අමාරුකාරයෙක්. මහා බොළඳ මිනිහෙක්. දකුණු ඉන්දියානුවොත් එහෙමය (රේ)
ලියොන් ගුනවර්දන Friday, 23 October 2015 07:45 PM
ප්‍රභාකරන්ගේ කෲර එල්ටීටී හමුදාව අසරණ ජනතාව ඝාතනය කල අයුරු දැක්වෙන වීඩියෝ පට ටිකක් කරුණානිධිට යැව්වොත් නරකද? එවිට ඔහු චැනල් ෆෝ වල පෙන්වූයේ බොරු වීඩියෝ දර්ශන බව පිළිගන්නවා ඇත (නි)