IMG-LOGO

කුරුණෑගල පීසී දෙන්නාට වෙඩි තියලා

කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු පැහැරගත් මැර පිරිසක් අද අළුයම  බඩගමුව රක්ෂිතයේ  ඉන් එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

අනිත් කොස්තාපල්වරයා පන බේරාගෙන ඇති බවද වාර්ථා වෙයි.

මාර්ග සෝදිසියේ යෙදී සිටි මෙම දෙදෙනා අද අලුයම තුනට පමණ පැහැරගන්නට ඇතැයිද එසේ කරන්නට ඇත්තේ සන්නද්ධ  පාතාල කල්ලියක් විය  හැකි  බවට පොලිසිය සැක කරයි.

දෙදෙනාගේම නිල ඇදුම් ගලවා ඇති බවද කියති.

 



අදහස් (0)

කුරුණෑගල පීසී දෙන්නාට වෙඩි තියලා

පාල Tuesday, 06 May 2014 09:34 AM

අනිවාර්යයෙන් මේක සෙල්ලම් පිස්තෝලයක්.... (නි)

:       0       0

සුනෙත් Tuesday, 06 May 2014 09:34 AM

ලුම්බිණි, මේවා කොටින්ට කරන්න බැරිද? (නි)

:       0       0

රකිත් Tuesday, 06 May 2014 08:47 AM

අලුයම 3 ටත් මාර්ග සෝදිසි කරනවද අපේ කොස්තාපල්වරුන්? බල්ලන්නකෝ සේවයට තියෙන කැපකිරීම. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 09:37 AM

මාර්ග බාධක සෝදිසියට හමුදාවම යෙදෙවුවා නම් තමයි රටේ අාරක්ෂාවත් තව තර වෙන්නේ. (නි)

:       0       0

අජිත් Tuesday, 06 May 2014 09:38 AM

එක සිද්ධියකින් සමස්තය විවේචනය කිරීම තමා අපේ රටේ බහුතරයක් කරන දේ.අපරාධකරුවන් කීදෙනෙක් පොලිසිය ඇල්ලුවද. ඒවත් කළේ මේ රටේ තමයි.මේ අයත් හෙට අනිද්දම කොටුවෙනවා. (නි)

:       0       0

කමනි Tuesday, 06 May 2014 08:52 AM

වැරදි දෙයක්වත් කරන්න ගිහින් මෙහෙම වුණාද දන්නෙත් නැහැ. (නි)

:       0       0

සලීම් Tuesday, 06 May 2014 09:41 AM

මේ හැම දේකටම වන්දි ගෙවන්නේ රැයක් දවාලක් වැස්ස අව්වක් නැතුව රාජකාරියේ යෙදන රණවිරුවන්. සමහරුන්ගේ අදහස් කියවන විට කණගාටුවක් ඇතිවෙනවා. (ස)

:       0       0

රුවන් බණ්ඩාර Tuesday, 06 May 2014 09:06 AM

ඇයි අපේ සමහර අය පොලිසියෙ ටික දෙනෙක් කරන වැරදි වලට මුළු පොලිසියටම දොස් කියන්නෙ. අපි රෑට නිදාගනිද්දි ඔවුන් නිදි නැතිව අපේ ආරක්ෂාවට රාත්‍රියේදි කොච්චර නම් සේවයක් කරනවද? (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 05:45 PM

පොලිසියට අත තිබ්බ හැමෝටම අත්වෙන අනිවාර්ය ඉරණම මේ කට්ටියටත් මේ සතිය ඇතුළත ලැබෙන බව මට ඉර හඳ වගේ විශ්වාසයි.මිනීමැරුම් නඩුවක තීන්දුව දෙන්න අවුරුදු 20ක් යන ඉතාමත් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් තියෙන මේ රටේ මේ සිදුවීමට වගකිවයුත්තන් උසාවි ගානේ රස්තියාදු නොකරවන එක කාගේත් වගකීමක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 10:05 AM

මම බන්දුල. මගේ නමින් වෙන බන්දුල කෙනෙක් අදහස් දාලා. කරුණාකර රැවටෙන්න එපා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 09:19 AM

අනේ බන්දුල...නොදුටු මොක්පුර.(නදී)

:       0       0

කමනි Tuesday, 06 May 2014 10:14 AM

සමන් කියනදේම මටත් හිතුණා. (ස)

:       0       0

රකිත් Tuesday, 06 May 2014 10:37 AM

ස්වාධින පොලිස් කොමිසමක් යටතේ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිය රාජකාරිය කිරීමට පොලිස් නිලධාරියාට ඉඩ ප්‍රස්ථාව ලැබෙනකල් මේ දේවල් නොවැලැක්විය හැකිය. මෙය ඉතා කණගාටුදායකය. (ස)

:       0       0

බන්දුල Tuesday, 06 May 2014 10:37 AM

අනේ මමත් බන්දුල. (ස)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 06 May 2014 09:55 AM

අපේ පොලිස් මහත්වරු නිකම් ටි 56 එකක් සෙල්ලමට වගේ අරගෙන යන්න කෝ අනේ. (ස)

:       0       0

නුවන් ඩි අරා Tuesday, 06 May 2014 10:21 AM

මේ සිදුවිමට සම්බන්ධ ලොකු කතාවක් තියෙන්න පුලුවන්. (ස)

:       0       0

උමේෂ් Tuesday, 06 May 2014 11:18 AM

අද සමාජයේ විවිධ මට්ටම් වල මිනිස්සුන්ගේ මානසික පිරිහීම කොච්චරද කියලා පේනවා මේ දාන අදහස් වලින්. මහජන නියෝජිතයන්ට බනින හැමෝම එකක් තේරුම් ගන්න ඕනෑ.ඒ තමයි ඒ අයව එතෙන්ට යැව්වේ අපිම කියන එක. පොලිසිය කරන්නෙත් රටට සුළු පටු සේවාවක් නෙමෙයි. අද පොලිසිය නැත්තම් මේ රටේ කිසිම ගැහැණු ළමයෙකුට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙයි (නි)

:       0       0

ශානක Tuesday, 06 May 2014 12:32 PM

පොලිස් නිලධාරිරෙකු මරා දමලා කියන්නේ මහා බර පතල අපරාධයක් (දී)

:       0       0

සමන් Tuesday, 06 May 2014 11:48 AM

වරදක් කරන කොට පොලිස් නිලධාරින්වත් පෙන්නේ නැහැ බේරෙන්න තමයි හදන්නේ (දී)

:       0       0

ජයන්ත Tuesday, 06 May 2014 12:38 PM

වැරදි දෙකයි (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 06 May 2014 06:08 AM

පොලිසියට මෙසේ වේ නම් අපට කෙසේ වේද?මාර්ග සෝදිසියක් ආයුධ නොමැතිව කරාද? ඔය තියෙන තුවක්කු අරගන යන්ට තහනම්ද අඩු ගානේ ආත්මාරක්ශාවටවත් ?(නදී)

:       0       0

සමන් කුමාර Tuesday, 06 May 2014 05:20 AM

එතකොට දැන් සන්නද්ධ පාතාල කල්ලිද රට පාලනය කරන්නේ? (නදී)

:       0       0

රත්නායක Tuesday, 06 May 2014 06:13 AM

මැර කල්ලි සහමුලින්ම නැතිකර රටම එක නීතියකට පාලනය කරමු (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 06 May 2014 05:47 AM

මේක උතුරේ වුණා නම් කොටි තමයි. (නි)

:       0       0

මොහාන් Tuesday, 06 May 2014 07:00 AM

මොකද මේ? සෙල්ලම් පිස්තෝලයකින්ද වෙඩි තියලා තියෙන්නෙ? ඉක්මනට මේ අයව සඟවපු අවි එහෙම ඇතොත් සොයන්න ගෙනියන්න (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 06:18 AM

මේ සතිය ඇතුළත මැර කණ්ඩායම ආයුධ පෙන්වන්න අරගෙන යයි කියලා මම හිතනවා. (නි)

:       0       0

ගැමී Tuesday, 06 May 2014 07:18 AM

පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කරන අදහසින් දෙන්නා විසින්ම වෙඩිතියාගත්තා වෙන්නත් බැරි නැහැ, අද කාලේ වෙන දේවල් දිහා බලනකොට. මොකද ලංකාවේ දැන් පාතාල කල්ලි හෝ සාමාජිකයෝ හෝ නැහැ. (නි)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 06:37 AM

"එතකොට දැන් සන්නද්ධ පාතාල කල්ලිද රට පාලනය කරන්නේ? " ඔබ මෙපමණ කල් කොහෙද හිටියේ? (නි)

:       0       0

සෙනා Tuesday, 06 May 2014 06:41 AM

ඇයි මෑතක සිට ලංකාවේ මෙවැනි සිදුවිම් වැඩි? කවුද වගකියන්න ඕනෑ? (නි)

:       0       0

පද්මසිරි Tuesday, 06 May 2014 07:34 AM

දෛනිකව සිදුවන අපරාධ අතරින් තවත් එක සිදුවීමක් පමණක් වේවි. (නි)

:       0       0

නන්ද Tuesday, 06 May 2014 06:49 AM

අනේ බන්දුල, ඔය මානසිකත්වය හොඳ ගල් ගුහා යුගයට (නි)

:       0       0

තිස්ස Tuesday, 06 May 2014 07:37 AM

මොනවා රත්නායක? මැර කල්ලි සහමුලින්ම නැති කරන්න? එහෙම නම් ඉතින් ප්‍රාදේශීය සභා ඔක්කොම අහෝසි කරන්න සිද්ධ වෙයි! (නි)

:       0       0

සමන් Tuesday, 06 May 2014 07:45 AM

පොලිසියේ මහත්වරු පතලෙනුත් පගා ගහන්න යන්න ඇති. ඒකයි එහෙම කරලා තියෙන්නේ ...අනික නිතිය හරියට කරානම් එහෙම වෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

සරත් Tuesday, 06 May 2014 08:00 AM

අවනීතිය රජකරන සමාජයේ මේකත් සාමාන්‍ය එක් සිද්ධියක් පමණි. (නි)

:       0       0

ලලිත් Tuesday, 06 May 2014 08:02 AM

පාතාලයට සැලියුට් ගහන, කිරිපොවන, පාතාලයෙන් යැපෙන පොලිසියක් නම් අපිට ඕනෑ නැහැ කියන්න තමයි මට ඕනෑ. (නි)

:       0       0

ලලිත් කෝන්ගස්පිටිය Tuesday, 06 May 2014 08:10 AM

නීතිය රකින රණවිරුවෙකි මේ නීතිගරු... මානව හිමිකම් රැකුනොත් වෙයි නිතර මරු... දේශපාලනෙන් දෙන්නෙත් පොලිසියට පොලු.... ලොකුවුන් නැතත් පොඩි නිල දරුවන්ය මරු... (නි)

:       0       0

පතිරණ Tuesday, 06 May 2014 07:24 AM

මැර කල්ලි තමා දැන් රට පාලනය කරන්නේ! (නදී)

:       0       0

සරත් Tuesday, 06 May 2014 07:30 AM

පොලිස්පතිතුමනි, මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න (නි)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 06 May 2014 08:19 AM

පොලීසියෙ කෙනෙක් ඝාතනය කරලා බේරිලා ඉන්නවා බොරු. දැන්ම සැඟවූ ආයුධ හොයන්න යන්න සූදානම් වෙන්න. (නදී)

:       0       0

කල්ප Tuesday, 06 May 2014 07:39 AM

සෙල්ලම් පොලිස් ද දන්නේ නැහැ. හිටියේ අහරේ වගේ. අනේ රටකට ගිය කල.(නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 06 May 2014 03:39 PM

ආයුධ නැතිව හිස් අතින් වාහන පරික්ෂාවේ මෙම දෙදෙනා යෙදීම පිළිගත නොහැක.කෙසේ වෙතත් මියගිය කෙනාට නිවන් සුව ! (ස)

:       0       0

අනුර Tuesday, 06 May 2014 08:37 AM

පොලිස් පති ඔබට තුවක්කු දීල තියෙන්නේ අල්මාරි වල දමා දුම් අල්ලන්නද ? (ස)

:       0       0

නිශාන්ත Tuesday, 06 May 2014 07:54 AM

මොන අපහාස කළත් අයුධ පෙන්වන්න එක්ක යන්න ඇල්ලුවොත්. නැත්තම් සාමාන්‍ය මිනිසුන්ට දරුණු පලවිපාක විඳින්න වෙනවා මේ අයගෙන්. උතුරේ මේක වුණා නම් කොටි තමයි අනිවාරයෙන්ම.(නි)

:       0       0

අනුෂ්ක Tuesday, 06 May 2014 08:06 AM

බන්දුල නම් මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

අචල Tuesday, 06 May 2014 08:06 AM

පොලිසිය ඇයි මෙහෙම දෙයක් වෙනතුරු ක්‍රියාමාර්ගයක් නොගත්තේ? (නි)

:       0       0

චන්න Tuesday, 06 May 2014 08:53 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

චන්දන Tuesday, 06 May 2014 08:53 AM

අනේ මේ, කැත කතා කියන්න එපා බන්දුල. නිකන් ගෙදර හිටි මැරයක් නෙමෙයි,රට වෙනුවන් සේවයක් කරන්න ගිය කෙනෙක්. අද වෙනතුරු මැරුන පොලිසියේ කට්ටිය පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කරපු කට්ටිය නෙමෙයි, හොඳට රාජකාරි කළ කට්ටිය (නි)

:       0       0

ලියනගේ Tuesday, 06 May 2014 08:54 AM

පොලිසියට මොකද වුණේ? මට නම් හිතාගන්නත් බැහැ. කොටුව දුම්රිය පොළේදී එදා දාපු සෙල්ලම් දාන්න බැරි වෙලා වගේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 06 May 2014 08:57 AM

දැන්වත් අපක්ෂපාතීව රාජකාරිය කරමු. එහෙම නොවුණොත් ඉදිරිය එතරම් සුභ නැතිවේවි (නි)

:       0       0

අමිල Tuesday, 06 May 2014 08:16 AM

පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු පැහැරගත් මැර පිරිසක් ඉන් එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කරන්න තරම් බලපුලුවන්කාරකමක් ලබාගත්තේ කොහොමද? ලංකාවේ දේශපාලනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිට ඇමතිතුමන්ලා දක්වා බහුතරය මැරවරයෝ. කුඩු මුදලාලිලා සක්‍රිය දේශපාලනයේ යෙදී සිටිනවා. ඉතින් කොහොමද නීතිගරුක සමාජයක් ගොඩනඟන්නේ? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 06 May 2014 09:08 AM

මේ මැර කල්ලි වල බොහෝ පිරිසකට රටේ ඉන්න දේශපාලඥයෙක්ගේ හෝ බොහෝ දෙනෙකුගේ සම්බන්ධකම සහ ආශීර්වාදය තිබෙනවා. එනිසා මේගොල්ලෝ කිසිම බයක් සැකක් නැතුව ආයුධ ළඟ තියාගෙන සක්මන් කරනවා. හිතුන ඕනෑම දෙයක් කරලා බොහොම නිදහසේ කල්ගෙවනවා. කියන්න බොහොම කණගාටුයි මහජන නියෝජිතයින්ගෙන් වැඩි පිරිසක් මැරවරයෝ (නි)

:       0       0

චන්දන Tuesday, 06 May 2014 08:31 AM

රෑ තුනට කෙලින් පාරවල් වල 50/70 ට වැඩියෙන් ගියාම අල්ලලා දඩ අදායම වැඩි කරන්න. මේවයින් රජයට වඩා අදායම ලැබෙන්නේ ඉන්න රාළහාමිලට. මාර්ග වේග සීමා වෙනස් කළ යුතු වෙනවා. (ස)

:       0       0

නිලන්ති Tuesday, 06 May 2014 09:22 AM

අනේ අපේ රටට ගිය කලක්. (ස)

:       0       0

ලසන්ගිකා Tuesday, 06 May 2014 04:41 PM

මෙහෙමත් රටක් පොලිස් නිලධාරීන් මරා දමන්න තරම් (දී)

:       0       0

අබේසිංහ Tuesday, 06 May 2014 04:41 PM

අව නිතියට ඉඩ නොදෙමු ජිවිත පරදුවට තබා රට බේරා ගනිමු (දී)

:       0       0

පියල් Tuesday, 06 May 2014 04:41 PM

මේ දේ සැලසුම් කරලා කල දෙයක් මොකද පැහැරගෙන නිරුවත් කරලා මරා දමලා තියෙන්නේ (දී)

:       0       0

පුෂ්ප Tuesday, 06 May 2014 04:41 PM

අහිංසක නිලධාරියෙක් නිවන් සුව ඔබට (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 06 May 2014 09:28 AM

ත්‍රස්තවාදය විනාශ කළා කිව්වට ඔය තියෙන්නේ වයඹ පැත්තෙත් ?ඕකත් එල්ටීටීඊ එකේ වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

පෙරේරා Tuesday, 06 May 2014 04:41 PM

මේ සම්භන්දව ඉක්මනින් කටයුතු කරන්න නැතිනම් අපේ රටට හොද නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 06 May 2014 04:41 PM

නීතියට එල්ල කල විශාල මරු පහරක් (දී)

:       0       0

පෙරේරා Tuesday, 06 May 2014 04:41 PM

අදහස් ප්‍රකාශ කරපු සියලුම දෙනාම කවදාහරි කවුරුහරි යහපත් සමාජයක් හදනතුරු බලාගෙන ඉන්නවා. ඒ වගේ තත්වයන් තුල මෙවැනි සිදුවීම් තවත් එක සිදුවීමක් විතරයි. අරන් බලන්න දිනපතා පත්තරයක්. මුල් පිටුවේ වාර්තා වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ නරක දේවල් කනගාටු වියයුතු දේවල් පිලිබඳ පුවත්. අපේ ආගම් ශාස්තෘවරු කියල තියෙන්නේ තම තමන් තනි තනිවම හැදෙන්න. හැකිනම් තවත් අයත් පුළුවන් තරමකට හදන්න උත්සාහ කරන්න කියලයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විධියට මිනිස්ස්සුන්ගේ වයස අවුරුදු දහය පමණ වෙනකන් අඩුවීමට සහ සත්තු සර්පයන් වගේ හැඩගැසීමට ටිකින් ටික යොමුවෙමින් ඉන්න බවයි පෙනෙන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 493 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site