IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ජෙනිසීස් බිස්නස් ස්කූල්"නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 05 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය.

සැකකාර අධ්‍යක්ෂකවරුන්ගේ නමින් මෙරට ප්‍රධාන බැංකු තුනක පවත්වාගෙන යන බැංකු ගිණුම් දොළහක විස්තර වාර්තා කැඳවීමටද නියෝග කළේය.

ටිමෝරයේ සිට මෙරටට පැමිණීමේදී පසුගිය 08 දින කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ධම්මික රණසිංහ සහ ඔහු බැලීමට කටුනායක ගුවන් තුළට පැමිණි එම සමාගමේ අධ්‍යක්ෂවරියක යැයි කියන සමුද්‍රා සුරංගි නැමති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ එරා මිරකල් නමැති සමාගමක් පවත්වාගෙන ගිය සැකකාර අධ්‍යක්ෂකවරුන් ජෙනිසීස් පිරමීඩාකාර මූල්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත්, එමගින් එක් රැස්කළ මුදල් ගිණුම් 36000ක් හරහා වංචා කර ඇති බවට විමර්ශන මගින් තොරතුරු අනාවරණය වන බවත්ය.

 



අදහස් (2)

කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්

Nimal 1 Friday, 22 November 2024 05:54 AM

මෙවන් මහා පරිමාණ වංචා අපමණ සිදුවෙලත්, මේ බොරු කාරයින්ට රැවටෙන මෝඩයෝ තවමත් අප අතරේ සිටිනවනේ...!

:       0       3

Indika Friday, 22 November 2024 09:20 AM

ගිනුම් 36000 හසුරුවන්න නම් මනුස්සයෙක් වෙන්න බැහැ කොහොමටවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site