IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුරුණෑගල පුංචි මන්ත්‍රී වාර්ථාවක් තබයි

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ එක් දිනක කාලයක් පමණක් නාගරික මන්ත්‍රී ධූරය හෙබැවූ ප්‍රථම පුද්ගලයා බවට පත් වෙමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අබ්දුල් සත්තාර් මහතා විය. 

කුරුණෑගල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුව හිස්වූ මන්ත්‍රීධූරය සඳහා පත් කරන ලද අබ්දුල් සත්තාර් මහතා ඊයේ  ( 17) එම තනතුරේ දිවුරුම් දීමෙන් එම වාර්තාව පිහිටුවීය. 

හිටපු නගරාධිපතිවරයෙකුද වන ගාමිණී පෙරමුණගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හෙලිකොප්ටරය ලකුණ යටතේ ඉදිරිපත් වීම හේතුවෙන් ඔහු පොදුජන පෙරමුණු සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන වල නිල කාලය අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වන බැවින් අබ්දුල් සත්තාර් මහතාට නාගරික මන්ත්‍රී ධූරය දරන්නට වන්නේ දිනක් වැනි ඉතා කෙටි කාලයකි.

මන්ත්‍රීවරයකු විදියට දිවුරුම් දීමෙන් පසුව සත්තාර් මහතා ඊයේ දිනයේ නගරාධිපති සුමේධ අරුණශාන්ත මහතාගේ (සජබ) ප්‍රධානත්වයෙන් පවත්වන ලද කුරුණෑගල මහ නගර සභාවේ අවසන් සැසි වාරයටද සහභාගි විය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීට පෙර සිවු වාරයක්ම කුරුණෑගල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති අබ්දුල් සත්තාර් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු ලෙසද සැලකේ.

ගාමිණී පෙරමුණගේ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල නාගරික මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ රජිත් ජයවර්ධන සහ බන්දු ජයසේකර යන දෙදෙනාද ඉදිරි මැතිවරණය සඳහා එම පක්ෂයෙන් තරඟ නොකිරීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කර තිබේ. ඔවුන් දෙදෙනා ස්වාධීන කණ්ඩායමක් යටතේ මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. 

 



අදහස් (0)

කුරුණෑගල පුංචි මන්ත්‍රී වාර්ථාවක් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site