( පුෂ්පකුමාර ජයරත්න )
පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වී ආපසු එමින් සිටියදී නිවසට නොගොස් දැදුරුඔයේ දිය නෑමට ගිය ගෝනිගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි සිසුවකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව රිදීගම පොලිසිය පවසයි.
මරණයට පත්ව සිටින්නේ විදුහලේ 11 වසරෙහි ඉගෙනුම ලබමින් සිටි කවිඳු රශ්මිත් ජයසූරිය නමැති ශිෂ්‍යයෙකි. ගොකරැල්ල පොල්ගොල්ල ප්‍රදේශයේ දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක ඔහු වැඩිමල් දරුවාය.
ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් අතර පැවැත්වෙන මලල ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වීම සඳහා මෙම විදුහලේ සිසු සිසුවියන් කණ්ඩායමක් ගුරුවරුන් පිරිසක්ද සමඟ ගොකරැල්ල ප්‍රදේශයට ගොස් ඇති අතර එම තරඟාවලියට සහභාගි වීමෙන් පසුව සිසුන් පිරිස ගුරුවරුන්ද සමඟ එදිනම ආපසු නිවෙස් කරා පැමිණ ඇත.
එම පිරිස ලොරි රථයකින් නිවෙස් කරා පැමිණ ඇති අතර අතරමඟදී කණ්ඩායම බාර ගුරුවරුන් ලොරියෙන් බැස යාමෙන් පසුව ඉතිරිවූ සිසු සිසුවියන් පමණක් එහි ගමන් කර ඇත.
එසේ ගමන් කරමින් සිටි සිසුන් පිරිසෙන් අනතුරට ලක්වූ සිසුන් තිදෙනා පමණක් කෙලින්ම නිවෙස් වලට නොගොස් අතරමඟදී ලොරියෙන් බැස එම ප්‍රදේශය හරහා ගලා බසින දැදුරුඔයේ ඕගොඩපොළ මහවෙල පාලම අසල දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.
දියට බැස ඇති තිදෙනාගෙන් දෙදෙනෙකු එක් වරම දියේ ගිලී ඇති අතර කෙසේ හෝ එක් සිසුවකු බේරී ගොඩට පැමිණීමට සමත්ව ඇතත් අනෙක් සිසුවා දියේ ගිලී අතුරුදහන්ව ඇත. පසුව ප්‍රදේශවාසින් එක්ව සිසුවාගේ සිරුර ගොඩට ගෙන ගෝනිගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කළද ඒවනවිටත් ඔහු මරණයට පත්ව සිටි බවද කියයි.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා තරගෙට ගිය සිසුවා දැදුරු ඔයට බිලි