IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


’’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත්  ක්‍රිකට් ආයතනයේ  දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත්  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද  ප්‍රකාශ කළේය.

මේ රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බවත් ජනාධිපතිවරයා අයිපීඑල් තරගය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ  ශම්මි සිල්වා ගේ ආරක්ෂකයාවූ පාතාල කරුවකු බවත් ඔහු සඳහන් කළේය.

එම පාතාලකරු  ඒ ස්ථානයේ සිටිනු දැක  තමා බියට පත්වූ බවද  රොෂාන් රණසිංහ මහතා කීවේය.



අදහස් (36)

’’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’

චාන්දනී Wednesday, 08 November 2023 02:30 PM

මෙම අදහස නිවැරදියි කියලා හිතෙනවා...

:       7       133

DinWednesday, 08 November 2023 05:32 PM

ඔව්, එතුමා තොත්ත බබා... මහබැංකු හොරුන්ගෙනුත් එතුමාව බේරාගමු...! 

:       5       37

saman Thursday, 09 November 2023 03:37 AM

පළාත් පාලන ආයතන මෙන් දූෂකයින් පලවාහැර සුදුස්සන් පත්කරනා තෙක් ක්‍රිකට් ආයතනය නැවත දන්වන තුරු විසුරුවා හැරේ...

:       0       0

SRATHThursday, 09 November 2023 07:33 AM

මෑතක සිට පාර්ලිමේන්තුවේ මහජනත්ව පිළිබද හැගීමක් දක්වන අහිංසක අවංක පිරිසක් මතුවෙමින් සිටි.

:       1       0

de silva Wednesday, 08 November 2023 02:31 PM

ඔය කල්ලිය අපි හිතනවට වැඩිය බලවත් , ඔකේ ශම්මි යනු පොඩි චරිතයක් , ඕක මෙහෙයවන්නේ ලංකාවේ ලොකුම සුදු මුදලාලි , හැමෝම යුරෝපිය ඇදුම් ඇදන් , ඉංග්‍රීසි කතා කරමින් මහත්වරු ලෙස වැජඹුණාට පාතාලෙත් එක්ක විශාල සම්බන්ධකම් තිබෙනවා. ඔය සම්බන්ධකම් අවුරුදු 20-30 වැඩිය පැරණියි, දැනට අවුරුදු 20කට පමණ පෙර ලංකාවේ පාතාලේ අංක 1 මිනීමරුවන් එංගලන්තේ වර්ල්ඩ් කප් එක බලන්න හොර පාස්පෝර්ට් හදාගෙන එක්ක ගියා. මේවා ගැන එම දිනවල ලසන්ත වික්‍රමතුංග ප්‍රසිද්ධ මාධ්‍යවල ලස්සනට විස්තර කර ඇත. මෙම මාෆියාව පරදන්න අපි පක්ෂ පාට පැත්තක තබලා පාරට බැහැලා සටන් කරන්න ඕනේ...

:       26       92

samantha Wednesday, 08 November 2023 02:32 PM

හරි වචනය ජනපතිගෙන් ක්‍රිකට් බේරාගමු...!

:       10       137

gunarathnaWednesday, 08 November 2023 07:53 PM

කවුද එතකොට ඡන්දෙට වියදම් කරන්නේ?

:       0       0

Kazi Shajahan Wednesday, 08 November 2023 02:49 PM

සාගල...!

:       3       95

රනිල් වික්‍රමසිංහ Wednesday, 08 November 2023 05:36 PM

මගේ නෝනා ගැන කියන්නේ ඇයි? මාව නරක මිනිහෙක් කරන්න එපා හරිද?

:       6       20

Asanga Wednesday, 08 November 2023 02:50 PM

තවත් අලුත් නාටකයක්... රොෂාන්, ශම්මි ප්‍රධාන චරිත රඟපායි... ස්ක්‍රිප්ට් එක පොහොට්ටුවෙන්...

:       45       28

sena Wednesday, 08 November 2023 02:51 PM

ජනාධිපති මොකුත් නොදන්නා කෙනෙක්ද? හොරු බේරාගන්න හොඳ මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ...!

:       3       68

සාලිය​ Wednesday, 08 November 2023 02:54 PM

ඔබ වටකර සිටින​ කිහිප දෙනෙකුගේ මතයට නව කමිටුව පත් නොකරන්න​. දේශපාලනයෙන් ඇට්ටර වූ අයට වඩා සුදුස්සන් සිටිය හැක​. වෙනත් සුදුසු අය සිටීදැයි විමසීම ද​ ඔබගේ යුතුකමක්...!

:       26       27

sarath Wednesday, 08 November 2023 03:04 PM

මේ සිදුවීම් නිරීක්ෂණය කරනකොට මට විශාල සැකයක් තිබෙනවා.. තරඟ ඉන්දියාවට විකුණන්නේ ජනාධිපතිගේ අනුදැනුම ඇතුවද කියලා, නැතිනම් සංගමේ හොරකම් පිළිබඳව මෙපමණ සාක්ෂි තිබිලත් ජනපති මෙහෙම කටයුතු කරන්නේ කුමන හේතුවකටද?

:       5       43

saliWednesday, 08 November 2023 03:30 PM

සරත්.., දකුණු අප්‍රිකාවේ ජනාධිපතිත් විකුණලා ඒ තරගය​...

:       12       14

විජිත් Wednesday, 08 November 2023 03:06 PM

"...දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය..." රටක සිදුවිය හැකි විශාලම හොරකමක් තමයි මහා බැංකුව කොල්ලකෑම. ඒ කොල්ලයේ මහා මොලකරු වන රනිල් වික්‍රමසිංහට ලංවීමට , ඔය පොඩි පොඩි හොරකම් කරන ඔවුන්ට කොහෙත්ම බැහැ. පාතාලයෝ... මේ මොන කතාද? පාතාලයේ මහා අප්පොච්චි දන්නේ නැතිද පාතාලයින් ගැන. ගෝනවල සුනිල්, සොත්ති උපාලි වගේ අය... රනිල්ගේ ගජ මිතුරෝ..

:       5       37

Amal Wednesday, 08 November 2023 03:24 PM

සමන්ත, හරි වචනය "පිං ජනපතිගෙන් ක්‍රිකට් බේරාගනිමු...!"

:       5       25

බද්රානි Wednesday, 08 November 2023 03:33 PM

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඉන්න "දියසෙන් කුමාරයා" අර්ජුන රණතුංග කියලද මේ අය හිතාගෙන ඉන්නේ..? සෑම ශේත්‍රයකම හොර තක්කඩි වංචනිකයෝ ඉන්න රටේ ක්‍රිකට් බෝඩ් එකේ පමණක් උපාසකයෝ ඉන්න විදිහක් නැහැනේ... ගැටළුව තියෙන්නේ, ලංකාවේ තියන සියලුම ආයතන හා මණ්ඩල ඒවා පාලනය කරන්නන් විසින් ඔවුන්ගේ බූදලයක් කරගෙන හිතුමතේ ගසා කෑමයි.. කෝ මේ රටේ නීතිය...? ඇයි ලංකාවේ නීති ක්‍රියාත්මක නොවෙන්නේ...? ඉගුරු දීලා මිරිස් ගන්න ජාන තියන ශ්‍රී ලාංකිකයින් දැන් මේ දඟලන්නේ, ක්‍රීඩා ඇමැතිට රිසි පරිදි ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති පත් කිරීමටයි... එතකොට, ඒක දේශපාලන පත්වීමක් නොවෙයි කියලාද හිතන්නේ...? එවිට, දේශපාලනය ක්‍රිකට් බෝඩ් එක ඇතුළටම රිංගාගෙන මේ යහමින් මුදල් ගැවසෙන ඉල්ලම හොරාකන එක නවත්වන්න පුළුවන් කාටද..? තරගයෙන් තරගයට ක්‍රීඩකයින් මාරු කරලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේත්, යටින් ඉඳගෙන අද මේ ඇතුලට රිංගන්න දඟලන උදවියම තමයි... කතා කරද්දී නම් ඔක්කොම බබාලා...

:       14       18

මැක්ස් Wednesday, 08 November 2023 04:33 PM

ක්‍රිකට්වලට විතරක් නෙවෙයි රටටම හෙන ගහන්න පටන් ගත්තේ 2015න් පස්සේ. යහපත් ආර්ථික වර්ධනයකුත් තියාගෙන..., ණය ප්‍රමාණයත් සියයට 105 සිට 70 දක්වා අඩු කරගෙන, යටිතල පහසුකම් දියුණු කරගෙන, ක්‍රීඩාවත් හොඳින් කරගෙන ගිය කාලේ විනාශ වුනේ අපේ මිනිස්සු ඉරිසියාව, වෛරය, ක්‍රෝධය මුල් කර ගත්තු තක්කඩි පිරිසකට අහුවුණු නිසා. ඡන්දෙ දීලා පත්කර ගත්තු නල්ල මලෝ ජෝඩුවක්. අන්තිමට බෝම්බ පාරවලුත් කාගෙන ඒ නාට්ටිය ඉවර වුනේ... ඉතිහාසේ කවදාවත් නැති තරමට ණය වුනේ ඒ කාලේ. කරපු වැඩකුත් නැති වුණාට තිබුණු දේවල් විකුණුවා. හම්බන්තොට වරාය වගේ රත්තරන් බිජු දාන කිකිළියක් වගේ වගක් නැතුව දීලා දැම්මා. බින්දුවට තිබුණු ආර්ථිකේ කෝවිඩ් නිසා ඉවරෙටම ඉවර වුණා. ආයෙත් පරණ බේගලයෝ ටික ජූලී චන්ග් නෝනා, බුරියානි කල්ලිය වගේ නූල් සූත්තර කාරයින්ට ඕනෑ විදිහට නටන්න ගත්තා. ආර්ථික අවපාතය නිසා මිනිසුන්ටත් මොකක්ද වුනේ කියන දේ ගැන විචාරාත්මකව හිතන්න හැකියාවක් තිබුනේ නෑ. රැල්ලට ගියා. අපනයනය වැඩි කරලා රට නිවැරැදි මාවතට ගන්න හදපු මිනිහාව ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් ඉවත් කළා. IMF යන්න කියලා බලකළ නොමේරු අඳ බාල "රෝං ජෙනරේශන්" හැතිකරේ අද ගලේ පැහැරූ බළල්ලු වෙලා ඉන්නවා.

:       18       16

PATTA hora Wednesday, 08 November 2023 06:59 PM

ඈ බං, ඔයා ඉපදුනේ 2015 ද? යකෝ රට කන්න පටන් ගත්තේ 1977 ජේ.ආර් ගෙන් පස්සේ. ඉන් පසුව ආපු හැම එකාම රට, ආර්ථිකය කෑවා. දැන් උන් කරන්නේ උලා කන එකයි, වමාරා කන එකයි. වහෙන් ඔරෝ කතාවෙන් කියන්නේ මයිනා ටොප් එකට රට කොරා කියලා නේද?

:       0       0

සමන් විමල් Wednesday, 08 November 2023 08:51 PM

තෑන්ක්ස්... මැක්ස් ..මසුරන් ටෝක් එක...

:       0       0

RuwanThursday, 09 November 2023 08:07 AM

බේරේ වැවේ නාපු භෛයෙක් නේද ඔබතුමා?

:       0       1

amila Wednesday, 08 November 2023 05:24 PM

ඡන්දෙත් ළඟයි නේද?

:       0       8

Asanga Wednesday, 08 November 2023 06:24 PM

තවත් ඩ්‍රාමා එකක් වගේ පේන්නේ... ඔක්කොම කාලේ කන්න හොඳයි...

:       1       8

fairoos Wednesday, 08 November 2023 06:34 PM

ඔක්කොම එකයි...!

:       1       8

de silva Wednesday, 08 November 2023 07:19 PM

මැක්ස් දැන් ඉන්න පින් ජනපති රාජපක්ෂ හොරුත් එක්ක දශක කිහිපයක සිට යටින් ඩීල් දමන බව 2015 දී මිනිස්සු දැනගෙන හිටියේ නැහැ...

:       0       0

chandima Wednesday, 08 November 2023 07:47 PM

ඔයිට වඩා හොඳයි හොරුන්ගෙන් හොරු බේරාගැනීමයි කියලා දැම්මා නම්...! 

:       0       0

Kumara Wednesday, 08 November 2023 09:21 PM

නියම කෙනා බාරගන්න. පුළුවන් නම් ඔක්කොම එකතුවෙලා එයාගේ බෙල්ලට තොණ්ඩුව දාන්න.

:       0       0

චන්දිම ෆොන්සේකා Wednesday, 08 November 2023 10:33 PM

අනේ ඔව් රැකගන්නම වටින තොත්ත බබා. නිකම් ලජ්ජා නැති කතා කියන්න එපා. ජනතා මනාපෙට පයින්ම ගහලා මහා ලොකුවට පත්කරගෙන දැන් මිනිහා තමුන්ලාව සත පහකට මායිම් නොකර එයාට ඕනෑ විදියට දක්කාගෙන යනකොට අර කලුහාමි කතාවේ අශ්වයත් පන්නගෙන යන හොරාට ගමරාල කියපු කතාවම නේද මෙයා මේ කියන්නේ?

:       0       0

රටවසියෙක් Thursday, 09 November 2023 01:31 AM

ජනපතිගෙන් රට බේරාගමු....

:       0       0

janis Thursday, 09 November 2023 04:52 AM

මේ හැම වැඩක් කරන්නේ පොහොට්ටුවේ කපුටු බලු රැල...!

:       0       0

Madawala Liyanage Wimaladasa Thursday, 09 November 2023 05:54 AM

ලෝකේ ලොකුම ලොකු දූෂිතයෝ ආවත් අපේ අයට ළංවෙන්න බෑ...!

:       0       0

Sara Thursday, 09 November 2023 06:05 AM

ජාතිවාදය බැරි නිසා මේපාර, ක්‍රිකට් හදන්න කියලා ඡන්දෙට යමු...!

:       0       0

Perera Thursday, 09 November 2023 06:40 AM

ක්‍රිකට් හොරුන්ට වඩා දරුනු හොර නඩයකට ජනපති අහුවෙලා ඉවරයි. උන්ගෙන් කිසිම ගැලවීමක් නැහැ.

:       1       1

beau Thursday, 09 November 2023 07:16 AM

බැංකු හොරා දන්නව ඔක්කොම ට්‍රික්ස්

:       0       1

Asanga Thursday, 09 November 2023 08:24 AM

මැක්ස්, ඔයා තවම පොහොට්ටුවට රෙදි නැතුව කඩේ යනවැයි?

:       0       1

ජයන්ත Thursday, 09 November 2023 09:36 AM

’’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’ - අද ක්‍රීඩා ඇමති “බැංකු හොරුන්ගෙන් අගමැති බේරා ගමු“ - එදා හිටපු මුදල් ඇමති

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 363 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1705 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1613 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 181 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 378 1

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 388 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1176 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 295 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1332 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site