IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කි‍්‍රකට් විනිසුරුවන්ගේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට

අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රිකට් විනිසුරුවන් පත් කිරීමේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බවට ක‍්‍රිකට් විනිසුරුවන් තිදෙනකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට කළ පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වග උත්තරකරුවන් කල් ඉල්ලා සිටි බව  එම කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පසුගිය ජනවාරි 16 වැනිදා මුලින්ම කැඳවීම් ලබා තිබුණේ එවකට ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය දැරූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති උපාලි ධර්මදාස මහතාය. අන්තර් ජාතික ක‍්‍රිකට් විනිසුරුවන් වන ගාමිණී දිසානායක, රෝහිත කොට්ටච්චි හා මොරිස් ඩිලා ද සිල්වා යන මහත්වරු මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලකින් කියවුණේ අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවට 2011 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ක‍්‍රිකට් විනිසුරුවන් නම් කිරීමේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් එමගින් සිය මානව හිමිකම් කඩවී තිබෙන බැවින් එක් අයකුට රුපියල් මිලියන පහ බැගින් වන්දි මුදලක් ද ලබාදීමට නියෝග කරන ලෙසත්ය. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළින් සිටින විනිසුරුවන් නොසලකා හරිමින් රුචිර පල්ලියගුරු මහතා ඊට නම් කිරීම, ඒ සම්බන්ධයෙන් පැවැති සම්මුඛ පරීක්ෂණය  විෂය පිළිබඳව දැනුමක් නොමැති අයකු ලවා මෙහෙයවීම, විනිසුරු ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රතිඵල ලේඛනය ප‍්‍රසිද්ධකර පසුව වෙනස් කිරීම, එවකට ක‍්‍රියාත්මක වූ ක‍්‍රිකට් විනිසුරු කමිටුව හා ක‍්‍රිකට් අතුරු කමිටුව ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි නොසලකා හරිමින් ක‍්‍රියා කිරීම ඇතුළුව තවත් අතුරු කරුණු ගණනාවක් පිළිබඳව මෙම විනිසුරුවන් විසින් මානව හිමිකම් කොමිසමට සිය පැමිණිල්ලෙන් දක්වා තිබුණි. එවකට ක‍්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ කෙන් ද අල්විස් ලේකම්වරයා ලෙස කටයුතු කළ සුදර්මා ද සිල්වා එහි සාමාජිකයන්ව සිටි පර්සි  පෙරේරා, ශ්‍රීනාත් සිල්වා, සම්මුඛ පරීක්ෂණය මෙහෙය වූ නිලධාරි උපාලි ගමගේ, ක‍්‍රිකට් ආයතනයේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ඈෂ්ලි ද සිල්වා එවකට විනිසුරු කමිටුවේ වැඩබලන කළමනාකරු ලෙස කටයුතු කළ නිශාන්ත වඩුගේ, ක‍්‍රිකට් ආයතනයේ වැඩබලන විධායක අජිත් ජයසේකර හා එවකට ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි ධර්මදාස යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ඔවුන් එම පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට ගොනුකර තිබුණි. එම පැමිණිල්ල පිළිබඳව සලකා බැලූ මානව හිමිකම් කොමිසම මීට පෙර අවස්ථා කීපයක දී වගඋත්තරකරුවන්ට ලිඛිතව කරුණු දක්වන ලෙස දැනුම්දීම් කර තිබූ බව ද වාර්තාවේ.



අදහස් (0)

කි‍්‍රකට් විනිසුරුවන්ගේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site