IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’ක්‍රිකට් කණ්ඩායම වැරදි නම් මං ඉල්ලා අස්වෙනවා’’

(අංජුල මහික වීරරත්න)

2024 T 20  ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සඳහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍යන්තර මට්ටමේ පරිසාධනය සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින් ද, තවත්  තෝරා ගත්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සඳහා  මාසයකට රුපියල් 10,000බැගින් වන  දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ " ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.



අදහස් (14)

’’ක්‍රිකට් කණ්ඩායම වැරදි නම් මං ඉල්ලා අස්වෙනවා’’

B Amarasinghe Monday, 24 June 2024 05:22 PM

කොල්ලො වුනාම ජොලි කරන්න ඕනේ යයි කියපු එකා නේද මේ?

:       2       34

ගමේ එකාලා Monday, 24 June 2024 05:30 PM

ඔහොම කතා කියපු දේශපාලුවන් කී දෙනෙක් ඇත්ද? සමගි ජන බලයේ ඉඳලා රනිල් ගේ නැට්ටේ එල්ලිලා අලියා පිටේ යන්නේ..

:       1       36

අරවින්ද මොනරවිල Monday, 24 June 2024 05:46 PM

තමුන්ට රට වෙනුවෙන් කරන්න පුළුවන් එකම සේවය ඕක තමයි ඉල්ලා අස්වෙලා මදි දේශපාලනයෙනුත් ඉවත් වෙනවා නම් හොඳටම ඇති.

:       1       31

sk Monday, 24 June 2024 06:22 PM

අපෝ මේවා ඉතින් දේශපාලන විහිළු..

:       0       0

sunil Monday, 24 June 2024 06:23 PM

වත්තල කුඩු බෝනිගේ පුතාගේ කතන්දර...

:       1       21

රංබොඩ Monday, 24 June 2024 06:45 PM

මේ මනුස්සයා නම් මෙලෝ රහක් නෑ. සාගල පරපුරේ නිසා රනිල් ලොක්කාට හේත්තුව දාගෙන ඉන්නවා මිසක රටට වැඩක් නම් කෙරෙන්නේ නෑ...

:       1       26

fairoos Monday, 24 June 2024 06:54 PM

අනේ ඕනෙ නැහැ. ඊළඟ ඡන්දයෙන් අපිම ගෙදර යවන්නම්.

:       0       0

PATTA hora Monday, 24 June 2024 07:24 PM

අපෝ නෑ.. උඹ ඔහොම හිටපන්. ලොන්ත ටීම් එක හැදුවේ උඹයි, ශම්මියයි. උඹලා දැන් ලංකාවේ ක්‍රිකට් කාල, උලා කාලා, රීලා තියෙන්නේ. ටෙස්ට් තත්ත්වයෙන් පන්නන්න තව එක කඩ ඉමයි තියෙන්නේ. ඒකත් කරලාම පලයල්ලා.

:       0       0

ජගත් ලියනගේ Monday, 24 June 2024 07:31 PM

ඔයාට අපි ඉස්සර (මහා ඇමති වෙලා ඉන්න කාලේ) ගරු කරා . දැන් කියන ඒවා සත පහකට ගණන් ගන්නේ නැහැ .

:       0       0

සමන් Monday, 24 June 2024 07:48 PM

රට කොටින්ට දෙන්න ඩොලර්වලට කෑගහපු පඩංගු ගෑණියෙක්ගෙ පැටියා..

:       1       16

Rata Perata Tuesday, 25 June 2024 02:23 AM

අයිසේ, තමුසේ ට ඉල්ලා අස්වෙන්න දෙයක් නෑ. තව මාස කිහිපයකින් කොහොමත් ගෙදර. මේ වගේ අපතයෝ කොහොම ඇමතිලා උනාද මන්දා.

:       0       0

Dasun Tuesday, 25 June 2024 05:52 AM

සිකුරාදා පොසොන් පෝය දවසේ කාන්තා කණ්ඩායමට කොදෙව්සමග තරගයක් ක්‍රීඩා කිරීමට සෙනසුරාදා හෝ ඉරිදා තිබියදී බලකළ ඇමති ඇතුළු කුරුස ක්‍රීඩා පාලක මන්ඩලය බුදු දහමට වියවස්තාවට පටහැනිව සැලසුම් සහගතව නින්දා කරා නේද ?

:       0       0

වෙත්තමුණසිංහ Tuesday, 25 June 2024 12:56 PM

ඇයි මෙයා මොනවද මේ දොඩවන්නේ. විනය විරෝධී වැඩ කෙරුවනම් උන්ට දඬුවම් දෙනවා මිසක්. ටීම් එකේ විනය නම් සුපිරි බංගලියෝ හොඳයි. අපේ උන්ට මුදල් ලැබෙනකොට දක්ෂතාවය, විනය කැලේ.

:       0       4

sam Tuesday, 25 June 2024 01:08 PM

අනේ ඉල්ලා අස්වෙන්ඩ නම් එපා. මොකද ඔය රන්ජා හිරේ ඉන්නකොට වුන පොරොන්දුව තවම ඉටු කලේ නෑ නේ. ඉතින් කොහොම ඔයාව විශ්වාස කරන්නඩ ඔයත් ශම්මි වගේම තමයි දුම්මල ගැහැව්වත් තනතුරෙන් එල්ලිලා ඉදිවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site