IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කයිට්ස් රා තැබෑරුමේ ඡන්ද කන්තෝරුවක්

යාපන කයිට්ස් දුපතේ රා තැබෑරුම ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  (ඊ පී ඩී පී )  ඡන්ද කාර්යාලයයක් බවට පත් වී ඇත.

ඡන්ද නීතී උල්ලංඝණය කරමින් මහා මාර්ගවලද,ගොඩ නැගිලි හා බිත්තිවලද  අපේක්ෂකයන්ගේ  ප්‍රචාරක දැන්වීම් අලවා ඇතැයි ප්‍රදේශවාසිහු කියති.

කයිට්ස් වැසියන් කියනුයේ යුද්ධය අවසන් වුවත් ජීවන යුද්ධය අවසන් වී නැති බවයි.

මෙවර ඡන්දයට කවුරුන් ඉදිරිපත් වී සිටීද යන්න නොදන්නා බවත් මේ දිනවල මුලික ප්‍රශ්නය  නියයත් සමග ඇති වු ජල හිගය බව කයිට්ස් වැසියෝ කිහිප දෙනෙක් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් සදහා වු ජනතා ව්‍යාපාරය සමග පැවසීය.

 

 

 



අදහස් (0)

කයිට්ස් රා තැබෑරුමේ ඡන්ද කන්තෝරුවක්

පෙරුමාල් Wednesday, 04 September 2013 08:52 PM

මේක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්නෙ, ඒකයි මෙතන තෝරගත්තෙ (දී)

:       0       0

පෙරුමාල් Wednesday, 04 September 2013 01:41 PM

තිතට මත! (ස)

:       0       0

චානක Wednesday, 04 September 2013 01:47 PM

ගහෙන් බාපු රා ටිකක් බීල අයිස් බැදලා කන්න මට ආසයි.(නදී)

:       0       0

රොහාන් Wednesday, 04 September 2013 09:28 PM

පෝස්ටර් කීපයක් ඇලවු පමණින් ඡන්ද කන්තෝරුවක්‌ වෙනවානම් මීට පෙර බස්නාහිර පළාතේ තිබුණ ඡන්ද වලදි කොළඹ තිබුන සෑම ගොඩනැගිල්ලක්ම , සෑම බිත්තියක්ම ඡන්ද කන්තෝරු වෙන්න ඕනේ නේද ?(දී)

:       0       0

අචිනි Wednesday, 04 September 2013 02:31 PM

ඊළාම් කියන නම තහනම් නම් කොහොමද මේ අය එම නම පාවිච්චි කරන්නේ ? මම නොදන්නා නිසි අහන්නේ. (ස)

:       0       0

දුමින්ද Wednesday, 04 September 2013 02:42 PM

හමුදාවෙන් වතුර ලබෙනවානේ,ඊළාම් වචනය යෙදීම?? (ස)

:       0       0

හේවා Wednesday, 04 September 2013 10:24 PM

තිතට මත.....කතිර නැත!! (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 04 September 2013 04:28 PM

ෂා දැන්ම යාපනේට යන්න හිතෙනවා. රා ටික නම් පංකාදුයි. (ස)

:       0       0

දසුනි Wednesday, 04 September 2013 04:58 PM

මේක දාලා තියෙන්නේ, රා ගැන කියන්න නෙමෙයි. පක්ෂ, පාට මොනා උනත් මේවට තියෙන කැමැත්ත නම් එකම වගේ. (ස)

:       0       0

කෞටිල්‍ය Wednesday, 04 September 2013 05:02 PM

මතට තිතද? තිතට මතද? මතට හිතද? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 04 September 2013 05:07 PM

ඔව් දසුනි, දැන්වත් තේරෙනවද අපි කොච්චර එකමුතුද කියලා (ස)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Wednesday, 04 September 2013 10:56 AM

මෙතන නම් ගම් විතරයි මාරු වෙලා තියෙන්නේ!!! (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 10:59 AM

ඉතිහාසයේ ඉඳන්ම රා අරක්කු වලට තමන්ගේ ආත්මයම පාවා දීපු ජාතියක්නේ ලංකාවේ ඉන්නේ. තැබරුමේ රා නිකන් දීලා ඡන්දෙ ගොඩ දාගන්න හදනවා ඇති. තැබරුමේ පෝස්ටර් ගැහුවම ප්‍රසිද්ධිය වැඩිනේ. (ස)

:       0       0

රයන් මර්ලෝන් Wednesday, 04 September 2013 05:28 PM

කයිට්ස් වල දෙන්නේ රා විතරයි , මාතලේ නම් කසිප්පු, අරක්කු දන්සලකුත් දාල තියෙන්නේ (දී)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 05:42 PM

රිස්වාන් ඩුබායි!! එහෙම රා බිවම ,අර දවස් 40 ක් යනතුරු ''අල්ලාහ් '' දෙවියන්ගේ පිහිට නැහැ නේද..............?මම එහෙම කතාවක් අහල තියෙනවා!! එකයි, ඇහුවේ ඔන්න තරහ වෙන්න නම් ඔට්ටු නැහැ හොදේ (දී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 04 September 2013 11:23 AM

ෂා! කිතුල් රා... දැක්කත් ඇගට සනීපයි (නි)

:       0       0

සිරියාවතී Wednesday, 04 September 2013 11:23 AM

බිත්තියක පෝස්ටර් එකක් ඇලවූ පමණින් මෙසේ වේද? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 04 September 2013 11:24 AM

වැරදුණා! කිතුල් රා නෙමෙයි, තල් රා නේද? (නි)

:       0       0

අනුර Wednesday, 04 September 2013 06:07 PM

මේවා මෙහෙට තියෙනවා (දී)

:       0       0

ධම්ම Wednesday, 04 September 2013 06:16 PM

බලන්නකෝ රා බොන එක්කේනා දිරල ඉන්න හැටි. චන්දෙ දෙන්න කෙසේ වෙතත් බීලා හොඳට නිදාගනී වගේ . (දී)

:       0       0

උදය​ Wednesday, 04 September 2013 11:45 AM

හොර කසිප්පු වලට වඩා රා ටිකක් බොන්න තිබ්බ නම් කොයි තරම් හොඳද? වියදමත් අඩුයි.. ඇඟටත් ගුණයි... (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 12:16 PM

අනේ දයෝ කයිට්ස් වල කොහෙද කිතුල් රා.එහේ තියෙන්නෙ තල් රා. (ස)

:       0       0

සෝමදාස Wednesday, 04 September 2013 12:53 PM

හප්පා තල් රා....කටට කෙළ උනනවා අප්පා....අපිට කොයින්ද පිනක් ඕවා බොන්න...නියම දේශීය පානයක්...ලුණු කැට ටිකකුයි රතු ලූණු ගෙඩි ටිකකුයි සුප් කැටේකුයි එක්ක ගත්ත නම් මරු..... (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 September 2013 01:14 PM

සෝමෙ මල්ලී, මමත් මේ කෙළ හලන්නෙ කවදද යාපනය පැත්තට යන්නෙ කියලා.අම්මපා තල් රා බොන්නමයි.හප්පා, හමන මුහුදු සුලඟේ සැප.ඇඟට වදිනවා වගෙත් දැනෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site