(චන්ද්‍රසේන ගමගේ)
ජල අර්බුදයකට ලක්ව තිබෙන අඟුණකොළපෑලැස්ස මැටිගත්තවල කුඹුරුකට ජලය හැරවීමට ගියා මාමා සහ බෑනා අතර වූ බහින් බස් වීමකින් අනතුරුව බෑනා විසින් මාමාට කැති පහරක් ගසා බරපතල තුවාල සිදු කොට ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.
බෑනාගේ කැති පහරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 74 ක අයකු බව පොලීසිය කියයි. තුවාලකරු මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී.
උඩවලව විශේෂ මහවැලි කලාපයට අයත් මැටිගත්තවල කුඹුරු යායටද මේ වන විට ජල හිඟයක් පවතී.ජල හිඟයෙන් තම ගොයම බේරා ගැනීමට ගිය මාමා හා බෑනා අතර මෙම ගැටුම ඇතිව තිබෙන්නේ අද පස්වරු 3.30ට පමණය.
මාමාට පහරදුන් 41 වැනි වියේ පසුවන බෑනා අඟුණකොළපෑලැස්ස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුඹුරේ වතුර හබයට බෑනාගෙන් මාමාට කැති පහර