IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කෑම බිල වැඩි කළාට මැති සබේ සේවකයෝ නොසතුටින්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීම සම්බන්ධයෙන් එම සේවකයෝ නොසතුටට පත්ව සිටිති.

තමන්ගේ දීමනා බොහොමයක් කප්පාදු කෙරුණු වටපිටාවක කෑම බිලද එකවර මෙසේ ලොකු ප්‍රමාණයකින් වැඩි කිරීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි. පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව ගත් තීරණය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩිකර ඇත.

එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිලද රුපියල් 1500 සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.

 



අදහස් (26)

කෑම බිල වැඩි කළාට මැති සබේ සේවකයෝ නොසතුටින්

athula Thursday, 22 May 2025 06:33 PM

මාසයක් කන්න දීලා රුපියල් 1000 ගන්නේ. මාර අපරාදයක්නේ. මහජනයාගෙන් පඩි අරන්.අයියෝ

:       5       84

nishantha Thursday, 22 May 2025 06:35 PM

මේක රුපියල් 10,000 කරන්න ඕනේ

:       1       74

පුංචාFriday, 23 May 2025 07:49 AM

කෑම වේල් 20 ට රු 10000 ක් ?. කොහොමද ගාන හැදුවේ. වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැද්ද

:       1       9

කෞෂි Thursday, 22 May 2025 07:00 PM

අනෙක් සේවකයෝ වගේ කෑම ගෙදරින් ගේන්න. මේ ගොල්ලන්ට විතරක් විශේෂ සැලකිලි මොකටද!

:       1       11

Sugsth - Kandy Thursday, 22 May 2025 07:01 PM

මිල දරාගත හැකියි. මේ අය ඒ ගැන පැමිණිලි කරනවාද? වරාය සේවකයින් වගේ උන් හිතන්නේ බඩ ගැන විතරයි. පරපෝෂිතයෝ. කොච්චර ලැජ්ජාවක්ද??

:       1       11

රුවන් Thursday, 22 May 2025 07:23 PM

අවුරුදු 2004 කැබිනට් ඇමති කාලේ වැව් පිළිසකර කරෙත්, මිල්කෝ එක ලාබ ලැබුනෙත්, ලංකා ඉතිහාසයේ වැඩිම හාල් නිෂ්පාදනය සිදු කලෙත් ඔහොම හැබැයි ඇමති කමෙන් ඉවත් වෙලා මාස 6ක් නෑ මහින්ද රාජපක්ෂ ලුණු, බිත්තර, කුරක්කන්, කිරිපිටි, වගෙම මියන්මාරයෙන් බාල හාල් ගෙන්වා මතක ද? අනුරට ඇත්තටම වැඩියෙන් හැබැයි කැබිනට් එකේ බහුතරයක් ඉගෙන ගත්තට මොංගල්. ඇත්තටම අපේ නෑයෙක් තමයි ඉස්සර පාර්ලිමේන්තුවට කෑම දෙන්නේ අපිට ගෙන්වා, ඒවා නිකං හිල්ටන් කෑම. හැබැයි බහුතරයක් ඇමතිලා රොස් කරපු තනි කුකුලා අරන් අන්ඩක් කලා ඔක්කොම කුණු වලට විසික් කරනවා. මේවා අපරාධ වෙමෙයි ද? ලංකාවේ ඇත්තටම පොකිරිස්සන් කාපු නැති දුප්පත් මිනිස්සු ඕන තරම්. මම කියන්නේ රුපියල් 10,000ක් කරත් පාඩු නෑ කෑම වෙලට.

:       0       7

swene Thursday, 22 May 2025 07:58 PM

මෙච්චර කල් මාසයක කෑම වෙනුවෙන් රුපියල් 1000ක් පමණක් අය කිරීම පිළිබඳව අදාළ අයගෙන් නිදහසට කරුණු විමසිය යුතුයි.

:       1       56

sunil Thursday, 22 May 2025 08:25 PM

අපිට සයිවර් කඩේකින් තෝසේ කාලා ප්ලේන්ටි එකක් බිව්වත් එක වේලකට රුපියල් 150කට වඩා යනවා. පාර්ලිමේන්තු සේවකයිනට උදේ කෑම, තේ දෙකක් සහ දහවල් කෑම මසකටම රුපියල් 1000යි. මසකට දින 20ක් වැඩ කළොත් දිනකට රුපියල් 50යි. ඔය ගන්නට කෑම දීපු අයට මොනවාද කරන්න ඕනෑ? මාර ජෝගියක් නේ කරලා තියෙන්නේ...

:       1       52

කැලුම් Thursday, 22 May 2025 08:44 PM

මාසේ පඩිය රුපියල් 2500 ද අප්පා

:       0       46

PGPTHILAK Thursday, 22 May 2025 09:15 PM

රුපියල් දාහට මාසයක්ම කන මෙවුන් පාර්ලිමේන්තු සේවකයින් නෙවෙයි මහජනතාවගේ ලේ උරා බොන ලේමාපිල්ලු!! හැම ආණ්ඩුවක් විසින්ම මහජන මුදල් මුන්ට කන්න දීලා ජනතාවට සේවය කරනවා කියලා කොකා පෙන්නනවා!!!

:       2       13

,NPP Thursday, 22 May 2025 11:39 PM

දැන් තේරෙනවද කල පව් දුරදිග නොබලා

:       0       7

pj Friday, 23 May 2025 05:30 AM

මෙි විදිහට නම් රට හදන්න යන්නෙ ඉස්සරහට හොද හොද විගඩම් බලා ගන්න හැකි වෙිවි...කරන්න දෙයක් නැහැ මේ තමයි ඒ ගොල්ලන්ගෙ ක්‍රමය..68 ලක්ෂයකට ඔින වුනත් නැති වුනත්...

:       0       2

චතුරි Friday, 23 May 2025 06:08 AM

මේක. අද ඉයේ වුන දෙයක් නෙමේ. ගොබ්බ රැලගෙ මුලු පාලනය කාලේම වුන දෙයක් මේක ගොබ්බයන්ගෙ ඔලුව පොඩි බඩ ලොකු ඒකනේ ජනතාව බඩ ගින්නෙ. මුන් සේරම හොදට යහමින් කෑවා ඔය තරම් සුලු මුදලකට. ඉස්තරම් කෑම වේල්. ඒවගේම පිටිකිරි. වල මිල අහස උසට. පොඩි දරුවෝකහට තේ බොනකොට. මොලය නැති මීහරක්. ජනතාවගෙ මුදලින් ලෝබ නැතිව කනවා බොනවා. දැන්මේ. කෑම වේලත් සාමන්‍ය. වැසියෙක් කනවිදියට. කෑම ජාති. පාලනයක් දෙන්න. උද්ගෝශනය පටන් ගන්න කලින්. අකමැති අයට ගෙදරින් අරන් එන්න කියන්න. ඉස්සර කෙරුවේ අඩු මුදලට ගෙදරටත් අර්න් ගියඑක. රට පාලනය ක්‍රපු උන්ගේ බොක්ක ලොකුයි. ඒකයි මෙහෙම වුනේ කෑම දැකලා නැහැ. දැන් මරලතෝනී දෙන්නෙ. වැරදි හොයමින්. දැන් උන් දුක් විදින නිසා. මේ හැතිකරේට. ජිවීතේට. ඔලුව උස්සන්න දෙන්න නරකයි

:       1       6

Chinthaka Friday, 23 May 2025 08:15 AM

සේවකයො ඔහොම විරෝධය කරනවානම් ඔවුන්ගේ එක් එක් තනතුරේ වැටුප් පරිමාණයන් හා ගෙවන අනෙකුත් සියලු දීමනාත් වෙනත් වරප්‍රසාදාදියත් පුවත්පත් හා ජනමාධ්‍යවලින් ප්‍රචාරයක් කරන්න අනෙකුත් රජයේ සේවකයින්ට මේවා මොකුත්ම නැහැ ඒත් පළාත් සභාවලත් ඔහොම තියෙනවා කියල හිතෙනවා

:       2       8

හේවාවසම් Friday, 23 May 2025 08:30 AM

මං 4000/00 ක්‌ දෙන්නම් මට මාසෙම කන්න දෙනවා නම්.

:       0       6

පුංචාFriday, 23 May 2025 10:02 AM

මාසෙට වේල් 30 ම කන්න දෙනවනම් මම 10000 ක් දෙන්නම්.

:       0       6

himal Friday, 23 May 2025 08:45 AM

ඇතැම් පුද්ගලික ආයතනවලත් සහන මිලකට ආහාර ගන්න සේවකයින්ට අවස්ථාව තියෙනවා. මෙතන ප්‍රතිචාර දක්වන සමහරු නම් මේ ගැන ඉරිසියාවෙන් සිටිනා බවත් පේනවා. විශ්වවිද්‍යාල වලත්, ඇතැම් පාසැල් වලත් සහන මිලට ආහාර දෙනවා, වෙළඳපොළ මිලට වඩා අඩුවෙන්.

:       7       5

පුංචාFriday, 23 May 2025 10:09 AM

මම දන්න විදියට ඔතන කතාව මිනිස්සු හිතන තරම් සුන්දර නැහැ. මම රාජකාරී වැඩ වලට ඔතනට ගියාම ඔය කෑම එක කන්න වෙනවා. ඔතන සේවකයො කූඩුවක හිර කරන කන්න දෙනව වගේ හරිම පීඩනයකින් වැඩ කරන්නෙ. බොහොමයක් දෙනා ඔය කෑම කාල බෝ නොවන රෝග වලට මුහුණ දීල ඉන්නවා. නමුත් කෑම එකක් ගෙදරින් අරගෙන ඇතුලට එන්න අවසර දෙන්නෙ නැහැ ආරක්ෂක ප්‍රශ්ණ කියල හිර කරල තියෙන්නෙ. නමුත් දැනටත් බොහෝ සේවකයො දැනටත් ගෙදරින් කෑම ගෙනල්ල එළියෙ තියල දවල්ට එළියට ගිහිල්ල කෑම කාල එනව. සමහර රෝහල්වල රෝගීන්ට දෙනව ඔයිට වඩා හොඳ කෑම එකක්.

:       5       5

Bunny Preena Friday, 23 May 2025 09:29 AM

යථාර්ථය තේරුම් ගත යුතුයි. නිකන් සහ නියමිත මිලට වඩා අඩුවෙන් කන්න බලාගෙන ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් විය යුතුයි.

:       1       5

අරවින්ද මොණරවිල Friday, 23 May 2025 09:48 AM

කෙදිරි ගාන්න නොවෙයි ලැජ්ජා වෙන්න ඕනා මේච්චර කාලයක් පිනට කාලා තියෙන්නේ !

:       3       7

Hasith Friday, 23 May 2025 11:12 AM

අනිත් මිනිස්සු වගේ ගෙදරින් ගෙනල්ලා හරි එළියෙන් කන්න බැරි හේතුව මොකද්ද මෙයාලට. දුප්පත් මිනිස්සු ලෙව කාලා, බදු ගෙවලා මුන්ට රසට රජබොජුන් තුට්ටු දෙකට කන්න දෙන්න ඕනේ ද? ඔහොම කන ඒවා දිරවනවද මං අහන්නේ.

:       2       2

hasith Friday, 23 May 2025 11:16 AM

හිමාල්... ඔව් පුද්ගලික ආයතනවල සුබසාධන විදිහට කෑම දෙනවා. හැබැයි ඒවට රජයෙන් ගෙවන්නෙවත්, අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්වත් වැයවෙන්නේ නැහැ.

:       1       5

himalFriday, 23 May 2025 02:45 PM

මටත් එන්න ඕනෑ කළේ ඔන්න ඔතැනට තමයි. ඔතැන කෑම බිලක් කියවනවා. අස්වැසුම දෙන්නේ බදු සල්ලි වලින්, විශ්ව විද්‍යාලවල අඩුවට කෑම දෙන්නෙ බදු සල්ලි වලින්. පාඩු ලබන රජයේ ව්‍යාපාරවල පාඩුව පියවන්නේ බදු සල්ලි වලින්. පුද්ගලික ආයතනයක සහන මිලට හෝ නොමිලේ ආහාර දෙන්න යන පිරිවැය, ආදායම් බදු ගණනය කරද්දී අඩු කරන්න දෙනවාද නැද්ද? එතකොට ඒ පිරිවැය, රජයේ බදු ආදායමට බලපාලා තියෙනවාද? නැද්ද? පුද්ගලික ආයතනය එයාලාගේ සල්ලි වලින් කෑම දෙනවා ඒක අනෙක් අයට ප්‍රශ්නයක් නෑ කියලා ඔයාගේ තර්කය අනුව එහෙම නම් ජීවිතේට කැම්පස් ගියේ නැති මනුස්සයෙක් ඇයි ඒවායේ අඩු මිලට කෑම දෙන්න දායක වෙන්නේ? ජීවිතේට ගුවන් යානයක් ගියේ නැති මනුස්සයෙක් ඇයි පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර වල් පාඩුව පියවන්න බදු ගෙවන්න වෙන්නේ?

:       1       1

hasith Friday, 23 May 2025 11:18 AM

විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය නිසා විඳින පාඩුව මේ රටේ ජනතාව පිට පටවනවා. මේ ආයතන තුට්ටු දෙකට සේවකයන්ට කන්න දීලා ඒවායේ බරත් පොදු මහජනතාවට පටවනවා. කන අයටත්, දෙන අයටත් බඩ යන්න ඕනේ...

:       0       1

Malika Friday, 23 May 2025 11:27 AM

ඉස්සර දවසක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කීවා 2500/- මාසයක් කන්න පුළුවන් කියලා. එයාලා ඒ කාලේ පාර්ලිමේන්තුවෙන් ඔහොම කාලා ගණන් හදලා කියන්න ඇති. නැත්නම් අපට තේ බනිස් ගෙඩියක් කාලා කිරි තේ එකක්වත් බොන්න පුළුවන්ද මෙයාල‍ාට යන දවසේ වියදමින්...

:       0       5

රුවන් Friday, 23 May 2025 01:22 PM

රුපියල් 2500න් මාසයක් කන්න පුළුවන් කියන්නේ ඉස්සර ඔහොම තමයි. සමහර රජයේ ආයතනවල එදා රුපියල් 2.50ට කෑම තිබ්බා. ඒ බජට් එක යන්නේ බදු ගෙවන අහිංසක මිනිස්සුන්ට.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 656 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site