IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු කීවේය.

මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වෙයි. මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද වැසී ගොස් ඇතැයි මහාචාර්යවරයා කීවේය.

 



අදහස් (5)

කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා

Aruna Manipura Saturday, 13 January 2024 08:08 AM

මෙම කාලය තුළ සුළු වරදවල් සඳහා සිරගතවුවන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාවත් අතරත් මෙම කර්මාන්ත කඩා වැටීමත් අතරත් හොඳ සම්බන්ධයක් ඇති...!

:       0       6

Jeganathan Dhayalan Saturday, 13 January 2024 09:07 AM

අපේ රටේ නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලා සියල්ල වසා දමා, පිටරටින් ඒ දේවල් ආනයනය කිරීම තමයි අපේ රට බංකලොත් භාවයට පළමුවැනි හේතුව. මෙයට මෙතෙක් රට පාලනය කළ සියලුම දෙනා වගකිව යුතුයි.

:       0       10

Lankabarana Saturday, 13 January 2024 08:14 PM

විශේෂයෙන් විවෘත ආර්ථිකය ඇතිකිරීම මෙයට ප්‍රභලම හේතුවක් වුණා විවෘත ආර්ථිකය හරහා රටේ තියෙන එකයි, නැති එකයි රෝහල් අපද්‍රව්‍ය ඔක්කෝමයි හැම කුණුගොඩක්ම ගෙනාවා... මිනිසුන්ගේ වැඩක් අරගෙන ගමේ පාරෙ ඇලේ, දොලේ සංවර්ධන කටයුතු ජනසවිය හරහා ඉටුවුණා... ඒකට විරුද්ධව අතපය හකුලාගෙන ඔලුව දණිස්දෙක අස්සේ ගසාගෙන සියල්ලම සමෘධිමත් වෙන්න පහසුකම් සහිත රටේ ජනතාව හිඟන්නෝ බවට පත්වෙන සමුර්ධි ඇතිකළා දැනුත් නිකම්ම නිකං ඉඳගෙන කාපල්ලා කියලා අස්වැසුම ඔලුවට දාලා තියෙනවා.. ඒක ඇති හැකි එවුන්ටත් දෙනවා කියලා තමයි ආරංචිය...

:       0       0

සෞභාග්‍යයේ රටේ සංවර්ධනය Saturday, 13 January 2024 10:00 AM

බයවෙන්න එපා.. මොකද වෙනත් රටවල කර්මාන්ත සාර්ථකව කරනවා අපිට විනෝද වෙන්න IMF ණය ලැබෙනවා. උදාහරණයක් හැටියට කිව්වාම ලංකාවේ කම්කරුවෙක් දිනකට අමුදලු කිලෝ 18 නෙළා එයට ඩොලර් 1.18 ක් ගන්නවා. ඉන්දියාව වගේ රටවල් දිනකට අමුදලු කිලෝ 40-60ක් නෙලා ඩොලර් 1 කට ආසන්න ගණනක් ගන්නවා. ඉතින් කොහොමද ලංකාවේ කර්මාන්ත නොවැටී තියෙන්නේ? අනෙක් කර්මාන්ත වුණත් එහෙම තමයි. මේකට ඉතින් සමිති, සමාගම් අටවාගෙන කම්කරුවන් මත යැපෙන වෘත්තීය සමිති කාරයින් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි...

:       4       10

පිනා Saturday, 13 January 2024 01:43 PM

බයවෙන්න එපා, රනිල්ව තව දෙතුන් පාරක් ජනාධිපති කරලා IMF එකෙන් තව 20 සැරයක් විතර ණය ගත්තා නම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න විසඳෙයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 76 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකු එම පාසලේම නවවැනි ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ සිසුවා වතුපිටිවල මූ


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 623 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 325 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 153 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 666 2

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 311 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 492 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1940 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1706 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site