IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුමාර් ගුණරත්නම් තෙවැනි වරටත් රිමාන්ඩ්

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කුමාර් ගුණරත්නම් දෙසැම්බර 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නඩුව ජනවාරි අට වැනි දා විභාගයට ගැනීමට තීන්දු කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ගුණරත්නම් පසුගිය හතර වැනි දා අත්අඩංගුවට ගනු ලැබීය.

2015-nov-27-Kumar-Gunaratnem-01 2015-nov-27-Kumar-Gunaratnem-02 2015-nov-27-Kumar-Gunaratnem-03 2015-nov-27-Kumar-Gunaratnem-04



අදහස් (0)

කුමාර් ගුණරත්නම් තෙවැනි වරටත් රිමාන්ඩ්

ෂෙල්ටන් Friday, 27 November 2015 08:57 AM

ගුණරත්නම් අපිත් එක්ක පාසල් ගියේ ,අපිත් එක්ක සෙල්ලම් කළේ. අපිත් එක්ක සරසවියේ සිටියේ ,මෙයා අපිත් එක්ක දේශපාලනය කළේ . මේ රටේ නිදහසේ දේශපාලනය කරන්න බැරි නිසා පිටරට ගියා. රට නිදහස් කියල හිතල අායෙත් දේශපාලනය කරන්න මෙහෙට අාවා. මෙයා දැන් ඔස්ට්‍රේලියන් කාරයෙකු නම් ...අනේ මන්ද යහපාලනයේ තරම ...(බ)

:       0       0

පරාක්‍රම Friday, 27 November 2015 09:19 AM

ඇන්ටන් , ඔස්ට්‍රේලියා පුරවැසියෙක් වූ තරමින් යමෙකු විදේශගතවී වීසා කල් ඉකුත්වීම හා යම් වරදක් සිදුකිරීම නිසා අත්අඩංගුවට ගැනුනිනම් අධිකරණ තීන්දුව දෙන තෙක් තානාපති කාර්යාලය විමසිල්ලෙන් සිටිනවා මිස ඇඟිලි ගසන්නේ නැති බවයි, තීන්දුව අනුව සහනයක් සඳහා ඉදිරිපත් වනු ඇති බවයි මගේ වැටහීම. මත කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ඔස්ට්‍රේලියානු පුරවැසි තරුණයෙකු අවුරුදු 5ක් එසේ සිට අධිකරණ තීන්දුව අනුව බාලි දූපතේදී වෙඩිතබා ඝාතනය කිරීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරින. එම දඬුවම ක්‍රියාත්මක කිරීම පෙර ඔහුව නිදහස් කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය නොගත් උත්සහයක් නැත. කිසිදු ඵලක් නොවීය. නමුත් එම නඩුවේදී එම තීන්දුවම ලැබූ මොහු සමගම මරණ දඬුවමට නියමවූ හවුලකාර පිලිපීන කාන්තාව මරණයට පැය කීපයකට කලින් නිදහස ලැබුවාය. (බ)

:       0       0

රුවන් Friday, 27 November 2015 09:42 PM

මම පුද්ගලයෙක් විදිහට මොහුට ගොඩක් ගරු කරනවා. ඉතා පුළුල් දේශපාලන දැක්මක් තිබෙන මිනිසෙක්. මොහුට ලංකාව තුළ දේශපාලනය කරන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. මොහු සිරගත කළා කියලා ඒක නැති කරන්න බැහැ. ඔය දැන් ඉන්න රතු සහෝදරයො කාටවත් මොහු සමඟ හැරෙන්නවත් බැහැ (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 27 November 2015 09:30 AM

ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වුනා කියලා විසා නැතිව රටකට ඉන්න බැනේ .(හේ)

:       0       0

සොපි Friday, 27 November 2015 11:00 AM

හිරේ ඉන්න ඉන්න තවත් ශක්තිමත් වෙනවා වගේ (බ)

:       0       0

සමන් Friday, 27 November 2015 11:40 AM

කුමාර් , රටට ආදරය කරන මිනිහෙකුට සලකන අකාරය මෙසේ වෙන්නේ මේ වගේ සමාජයක අපි ඉපදුණ නිසා මිසක් රටේ වැරැද්දකට නෙමෙයි. ඔබ ඔස්ට්‍රේලියාවට ගියේ අැයි කියල කවුරුත් අහන්නේ නැ නේද? එ්ක තමයි අපේ හැටි. මම ඔබේ දේශපාලනයට එකග නොවුනත් මේ රටේ දරුවෙක් ලෙස ඉපිද, මේ රටේ ජීවත් වීමට ඇති නැති අයිතියට ගරු කරමි. හැම දේටම දේශපාලනය ගාව ගන්න අපේ රටේ , මේ ප්‍රශ්නය දෙසත් දේශපාන කෝණයකින් නොබැලිය යුතුයි. ඔහුට තම මවට සලකාගෙන ඉන්න ඉඩ දිය යුතුයි. අනිත් අය ඔහුගේ අයිතියට ගරු කළ යුතු වෙනවා.වහාම ඔහු නිදහස් කළ යුතුයි. (බ)

:       0       0

මුරලි Friday, 27 November 2015 12:10 PM

මොන මගුලටද හලෝ ආයෙත් මේ රටට ආවේ. ආවනම් දැන් ඉතින් විදවපන් (බ)

:       0       0

ලක්මාල් Friday, 27 November 2015 12:55 PM

කමක් නෑ කොටි නිදහස් කරනවනේ. (බ)

:       0       0

ඇන්ටන් Friday, 27 November 2015 06:40 AM

මෙයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නම් මොකද ඒ තානාපති කාර්යාලය මීට මැදිහත් නොවන්නේ? (නි)

:       0       0

අමිල Friday, 27 November 2015 06:56 AM

ඇයි අපි මෙයාව එපා කියන්නේ? (නි)

:       0       0

මනෝජ් Friday, 27 November 2015 07:15 AM

ඇන්ටන්, ඕස්ට්‍රේලියාව අනෙක් රටවල සාධාරණ නීතිවලට ගරු කරනවා. වීසා කාලය අවසන්වෙලා නේද මෙයා ඉන්නේ. (නි)

:       0       0

දුමින්ද Friday, 27 November 2015 07:49 AM

ලොකුම ජාතික ගැටලුව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site