IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුමාර් ගුණරත්නම් අඟුරුවැල්ලේදී අල්ලයි

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රුවන්වැල්ල අඟුරුවැල්ලේ නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහුගේ මවගේ නිවසේ සිටියදී ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවත් ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බවත් පොලිසිය පවසයි.

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.

පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය.

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ යෙදී සිටි ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය හා දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිති. 

1980 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඔහු දේශපාලනය ඇරඹීය. 



අදහස් (0)

කුමාර් ගුණරත්නම් අඟුරුවැල්ලේදී අල්ලයි

විජේතුංග Wednesday, 04 November 2015 01:29 PM

රටේ නීතිය හරි නැතැයි කියා මොරදෙන මෙවන් දේශපාලන පක්ෂ වල ඇති හරය හා වැදගත්කම වගේම නීතියට ගරුකරන ආකාරය මෙවන් පුවත් වලින් මනාවට පැහැදිලි වේ. රටක ආගමන විගමන නීතියක් තිබේ නම් එයට අප කවුරුත් ගරුකළ යුතුය. (නි)

:       0       0

ඩයස් Wednesday, 04 November 2015 01:42 PM

මොහු රඳවා ප්‍රශ්නකර නැවත ඔහු කලින් සිටි ප්‍රදේශයටම යැවීම හොඳ යැයි මම සිතමි (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 04 November 2015 01:56 PM

මෙයාලගේ පක්ෂයෙන් රටට වුණ එක හොඳ දෙයක් කියන්න බලන්න (නි)

:       0       0

ශාන්ත විදා‍නගමගේ Thursday, 05 November 2015 03:49 AM

රටේ සැබෑ ජාතික සංහිඳියාවක් ඇති කිරීමට නම් ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලනඥයින්ට ජාතික දේශපාලනයට පිවිසීමට ඉඩදිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මීටවඩා පුළුල් දර්ශනයක් සහිතව ක්‍රියා කළයුතුයි. කරුණා අම්මාන් ජාතික දේශපාලනයේ සිට ජාතිවාදී දේශපාලනයට යොමුවීම අපට ගත හැකි ආසන්නම උදාහරණයයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 09:17 PM

දැන්වත් පාඩමක් ඉගෙනගනීද? (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 04 November 2015 03:29 PM

බලාගෙනයි. දැන් සමහරු කලබලවෙන්න පුලුවන් (නි)

:       0       0

ඉශාර Wednesday, 04 November 2015 03:41 PM

ඊළඟට මොනවා වෙයිද? අපි බලමු (නි)

:       0       0

ජයනි Wednesday, 04 November 2015 09:32 AM

මට නම් හිනා යනවා. මේ ඉන්න ගමන් සරසවි වල ළමයින්ව ගොනාට අන්දවා විදි බස්සවන්න හිත හිත ඉන්න ඇති. කෙලින්ම පටවලා ආපු රටටම යවන්නයි තියෙන්නේ . (ම)

:       0       0

මංජු Wednesday, 04 November 2015 09:46 AM

ළඟදි සිදු වු සිසු කලබගෑනි පසුපස ඇති වසංගතය දැන් පැහැදිලියි. (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 04 November 2015 04:15 PM

කට්ටියක් එළියට දාන්න කියලා උපවාස කරනවා. එයාලා බලන්න තව කට්ටියක් පිටරටින් එන්න හදනවා. හැංගිලා ඉන්නේ මොකටද කියලා අපිට හිතාගන්න පුළුවන්. නැවත ලංකාවට එන්න බැරි විදියට කටයුතු සිදුවෙනවා නම් අපි හරිම කැමතියි (නි)

:       0       0

රොහාන් Wednesday, 04 November 2015 07:36 PM

තමන් වරදක් කර නැත්නම් ඉතින් බයවෙන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site