IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


"කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම දෙන්න බැහැ"

පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නීතිවිරෝධි ලෙස කටයුතු කර ඇති බැවින් මෙරට පුරවැසිභාවය ඉල්ලා සිටීමේ අයිතියක් හෝ පුරවැසිභාවය ලබා දීමේ හැකියාවක් නැතැයි නීතිපති නියෝජිතයා අද (29) අභියාචනාධිකරණයට කරුණු දැන්වීය.

තමන්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අයැදුම්පත සලකා බලා තමන්ට පුරවැසිභාවය ප‍්‍රදානය කිරීමට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට විරෝධය දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවන මහතා මේ බව කියා සිටියේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ අද (29) කැඳවිණි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ දේශපාලන කටයුතු වල නිරතව සිටින පෙත්සම්කරු එවකට පැවති වාතාවරණය අනුව විදේශ ගතවූ බවත්, ජීවිතාරක්ෂාව පිණිස වෙනත් නමක් බාවිතා කළ නමුත් පසුව මෙරටට පැමිණි පෙත්සම්කරු මෙරට පුරවැසි භාවය ඉල්ලූ බවද කියා සිටියේය.

ඒ සඳහා ඉදිරිපත් කළ අයදුම්පත සලකා බැලීමට විෂය බාර ඇමතිවරයා කටයුතු නොකිරීම අසාධාරණ බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් සහ ව්‍යාජ නම් වලින් විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කර ඇති බවය.

එසේම නීතිවිරෝධීව මෙරට රැුඳී සිටීමද ඔහු කටයුතු කර ඇති අතර එසේම ඔහුට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුව විභාග කර අවසන් කරන තෙක් ඔහුගේ පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙසද නීතිපති උපදෙස් ලබාදී තිබෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

එබැවින් මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන ලබන මැයි 24 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස දෙපාර්ශවයටම නියම කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගණරත්නම් මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා, ආගමන විගමන් පාලක ජනරාල් නිහාල් රණසිංහ, සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන ඇතිවූයෙන් ආර්.එම්.දයාල් නමින් තමන්  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව පෙත්සම්කරු කියා සිටී.එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට  ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගත් බවද පෙත්සමේ සඳහන් වේ.

ඉකුත් ජනවාරි 29 වැනිදින තමා  ඕස්ටේ‍්‍රලියානු විදේශ ගමන් බලපත‍්‍රය මඟින් මෙරටට පැමිණි බවත්, පසුව තමන් නීතිවිරෝධිව රැඳී සිටීම චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූ බවත් පෙත්සම්කරු කියා සිටී.

පුරවැසි පනතේ 8 වැනි වගන්තිය යටතේ මෙරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළත් ඊට මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණු බවත් එම පෙත්සම මඟින් පෙත්සම්කරු පෙන්වාදේ.මෙම තත්ත්වය ඉතාම අසාධාරණ සහ අයුක්ති සහගත බවද පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, තම ඇයැදුම සලකා බලා තමන්ට මෙරට පුරවැසිභාවය ප‍්‍රදානය කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නුවන් බොපගේ මහතාගේ උපදෙස් මත නීතීඥ සුගත් කල්දේරා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ.නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.



අදහස් (0)

"කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම දෙන්න බැහැ"

උපාලි Tuesday, 29 March 2016 02:16 PM

කිසියම් රටක වීසා නීති කැඩීම නොසලකා ඒ රටේ වරප්‍රසාද ඒ පුද්ගලයාට ලබාදෙන රටක් ගැන මම නම් අහල නෑ. අපි දන්නේ නෑ ලංකාව අමුතු රටක් නිසා මොනවා වෙයිද කියල. හරි නම් ගහල පන්නන්න ඕන මිනිස්සු මේ. (බ)

:       0       0

ගයාන් නිමන්ත Wednesday, 30 March 2016 07:21 AM

මෙයාව හිටපු රටටම යවන්න. එහේ තමන්ගෙ දරුවන්ට උගන්නනවා. මෙහේ අනිත් උන්ගේ දරුවන් නැවත 88-89 භීෂණයකට යවන්න හදනවා (බ)

:       0       0

ශෂික Tuesday, 29 March 2016 02:53 PM

ඕක වෙනකෙනෙක් කළා නම් අද වෙනකොට කොච්චර කතා කියයිද ...දැන් ජවිපෙත් කටවල් වැහිලා .පෙරටුගාමින්ගේත් කටවල් වැහිලා.. (බ)

:       0       0

වික්‍රම Tuesday, 29 March 2016 03:26 PM

මෙයාව හැකි ඉක්මනින් පිටුවහල් කළ යුතුයි. මේ ගොල්ලන්ට රට විනාශ කරන්න දෙන්න ඕනද ? (බ)

:       0       0

නාලක Tuesday, 29 March 2016 03:34 PM

මෙයාට පුරවැසිකම දෙන්න ඕන අවීචි මහා නරකාදියේ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන අය (බ)

:       0       0

ශාන්ත Wednesday, 30 March 2016 06:24 AM

මේ නීතිමය තත්වය ගැන මීට කලින් මම ලියා තිබුනා. දැන් කියන්න තියෙන්නේ කබරගොයා තලගොයා කරගන්න තමයි දැන් පෙරටුගාමීන් හදන්නේ කියලයි. (නි)

:       0       0

විජේ Wednesday, 30 March 2016 06:27 AM

විශ්ව විද්‍යාලවල කලබල ඇතිකරන්න ඉස්සර මුල්වුණේ ජනතා විමුක්ති පෙරමුණ, දැන් මේ කුමාර් මහත්තයාගේ කට්ටිය බාරගෙන වගෙයි. (නි)

:       0       0

කමල් Wednesday, 30 March 2016 12:53 AM

අයියෝ! කොමියුනිස්ට්වාදයට ඔයතරම් ගරුකරන කෙනා, ගිහිල්ලා ඉල්ලා ගන්නකෝ කොමියුනිස්ට් රටකින් පුරවැසිකම. එතකොට බලාගන්න පුළුවන් කොමිනිස්ට්වාදයේ රඟ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site