IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැමරාව පිංකැටේ හොරුන් අල්ලයි

ගංගාරාම පංසලේ පිංපෙට්ටියෙන් රුපියල් 400ක් සොරකම් කළ තිදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත්හිටුවීය.

ගනේමුල්ලේ එම් ඒ නිහාල්, ජයන්ත ශාන්ත කුමාර හා තුසිත කුමාරට රුපියල් 1500 බැගින් දඩ ද නියම විය.

පංසලේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවලින් ඔවුන් අල්ලා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

කැමරාව පිංකැටේ හොරුන් අල්ලයි

සමන්ත Tuesday, 01 October 2013 12:17 PM

හොරකම අනුමත නොකරමි. (ස)

:       0       0

සමන්ත Tuesday, 01 October 2013 12:20 PM

බෞද්ධයෝ කෙනෙක් යහපත් මාර්ගයට ගේන්නේ දඩුවමින් නොවෙයි. (ස)

:       0       0

ක්,අ,සංජීව Monday, 30 September 2013 11:35 PM

රුපියල් 400 මාස 6 හිරගෙදරට ...... ලොකු මිනිස්සු ගහන ගැහිල්ලට කොච්චර කාලයක් හිර ගෙදරටද?අනේ රටට ගිය කලක්... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 01 October 2013 05:44 PM

පින් කැටයක්වත් කඩලා නිදහසේ ජීවත් වෙන්න අද බැහැ මේ කැමරා නිසා (නි)

:       0       0

නවාස් Tuesday, 01 October 2013 12:59 PM

පන්සලක මේ දේවල් වුණ නිසා 6 මසක් දඩුවමක් ලැබුණා. (නි)

:       0       0

අසෝක Tuesday, 01 October 2013 12:42 AM

අනේ ඇත්තට පන්සල් වලට ගිය කල? සසර කලකිරී සිවුරු දැම්මට මේ හාමුදුරුවරු සිල් රකින්නෙත් මෙහෙමද? අවිහිංසාවාදීව ඉන්නවා නම් සියලු සත්වයාටම මෛත්‍රී කරනවා නම් පන්සල් වලට මොකටද කැමරා? (නි)

:       0       0

දොන්සේතං Tuesday, 01 October 2013 12:55 AM

හාමුදුරුවන්ට මොකටද සල්ලි? බඩගිනි වැඩිකමටයි ෆස්රුල් ගත්තේ. (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 01:46 AM

ඇෆ්ගන් නිමල්, එච්චර ලොකු ගණන් පින් කැටවල නැහැනේ. ඒකයි අහු නොවෙන්නේ. හැබැයි, ගාමිණි කියනවා වගේ පොඩි හාමුදුරුවන්ට ඇත්ත කිව්වා නම් ඇත්තටම මේ වැඩේ දුප්පත්කමට කළා නම් මේ අයට සල්ලිත් දීලා ජීවත් වෙන්න මාර්ගයකුත් පෙන්වලා දීලයි යවන්නේ. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 October 2013 03:43 AM

රුපි 400 ට දඬුවම මෙහෙම නම් (මාස 6 කට) රටේ ජනතාවගේ මුදල් මිලියන වලින් හොරකම් කරන දේශපාලුවන්ට දඬුවම් දෙන්න ඔවුන්ගේ ආයුෂ කාලය මදි බවයි හැඟෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 October 2013 04:35 AM

අනේ පොඩි හාමුදුරුවනේ, අද කාලේ රු 400 කියන්නේ මොන තරම් සුළු ගානක්ද ? ඔබ වහන්සේ මේකට මැදිහත් වෙලා මේ මිනිසුන්ට අවවාද කරලා යවන්නනේ තිබුනේ. බඩගින්දරට වෙන්න ඇති මේ හොරකම කරන්න ඇත්තේ. මීට වඩා ලොකු අපරාද කරපු මිනීමරුවන්ට මං පහරන්නන්ට අපේ බුදු හාමුදුරුවෝ මෛත්‍රී සිතින් පිහිට වුණා නේද ? (නි)

:       0       0

අචිනි Tuesday, 01 October 2013 03:25 PM

අර කොහෙද රටක කෝටි ගාණක යකඩ වගයක් වංචා කල කෙනා නිදැල්ලේ ... එයාට මෙම තීන්දුව ආදර්ශයක් වේවා (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 30 September 2013 06:41 PM

රුපියල් 400 සොරකම් කිරීමට වඩා පන්සලේ පින්කැටය බිදීම ලොකු වරදක්. මෙම තීන්දුව වටිනවා. (නි)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 10:07 AM

පින් පෙට්ටියේ සල්ලි පිනට දෙන්ට තියෙන නිසා ඔය බඩගින්නට ඕකෙන් ගත්තට පව් නැහැ නේද හාමුදුරුවනේ? (ස)

:       0       0

ඇෆ්ගන් නිමල් Monday, 30 September 2013 08:32 PM

කොහොමත් හොරකම කිසිසේත් අනුමත නොකරමි. එතකොට මිලියන ගනන් හොරකම් කරන මිනුස්සු ඔය කැමරාවලට වලට අහූ වෙන්නැද්ද?(නදී)

:       0       0

ශෂිනි Tuesday, 01 October 2013 10:31 AM

එකඟ වෙනවා පද්මිණිගෙ අදහසට..... (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 01 October 2013 10:35 AM

දොන්සේතං - කන්න නැතුව හිටියා කියලා පින්කැටය කඩන එක සාධාරණීයකරණය කරන්න බැහැ. ඇත්ත කියලා තිබුනා නම් අර ගාමිණී - සිරි කියනවා වගේ පොඩි හාමුදුරුවෝ පිහිට වෙන බව ඒකාන්තයි. මේක කුඩු කාරයින්ගේ වැඩක් වෙන්න බැරිද? අද බඩට කන්න උවමනා නම් ඕන තරම් රැකියා තිබෙනවා කරන්න. අපේ රට සෝමාලියාව නොවේනේ? (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 01 October 2013 10:35 AM

පින් කැට වැනි දේවල් අද කඩන්නේ 'කුඩු' වලට ඇබ්බැහි වුවන්ය. කන්ටේනර් වලින් කුඩු ගෙන්වන අපේ රටේ මේ ගැන අදහස් දක්වා වැඩක් නැත. ගංගාරාමයේ 'ගලබඩ පොඩි හාමුදුරුවෝ' තරම් තරුණයන්ට අත දුන් කෙනෙක් තවත් නැත. උන්වහන්සේගේ 'ජිනරතන' අධ්‍යාපන ආයතනය හරහා නොමිලේ වෘත්තීය අධාපනය හැදෑරු දුප්පත් ළමුන් කී දාහක් අද ලෝකය පුරා සේවය කරනවා ඇත්ද? (ස)

:       0       0

ගාමිණී - සිරි Monday, 30 September 2013 09:02 PM

පින් කැටයක් කැඩීම ලොකු පාපයක්. අමාරු කම කීවා නම් පොඩි හාමුදුරුවෝ පිහිට වෙන බව ඒකාන්තයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site