
කෝමාරික් වගාවක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ වනය එළකිරීමක් සම්බන්යෙන් සොයා බැලීමට එහි ගිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනනද සාගර හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියංවෙල ශාසන රතන හිමිවරුන් ඇතුළු පිරිසකට විරෝධය පෑමත්සමග එහි දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය.
එහි දී ගම්වාසීන් පිරිසක් භික්ෂූන් වහන්සේට සහ තවත් අයකුට පහරදීමක් සිදු කළ අතර ඔහුන් ගමන් ගත් වාහනයකට ගල් ගසා අලාභ හානි සිදු කර ඇත.
විල්පත්තු අභය භූමිය කෝමාරිකා වගාවකට යැයි පවසමින් අවස්ථා කීපයකදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේ වගකිව යුතු ආයතනවලට පැමිණිලි කළද මෙතෙක් එම කටයුතු නතර කර නැති බව පිහියන්ගල ආනන්ද සාගල හිමියෝ පැවැසූය.
මෙම පහරදීම සම්බන්ධයෙන් මහින්තලා රජමහා විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය මිහින්තලේ පොලිසියට පැමිණිල්ක් ද කළහ.
(බී.ජී.චතුරංග සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)




2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝමාරිකා වගාව බලන්න ගිය පිරිසට ගම්මු පහර දෙති
ලුම්බිණි Wednesday, 07 February 2024 09:33 AM
හරියටම විස්තරයක් දන්නේ නැහැ. ගම්මුන්ට වැඩේට මුදල් ගෙවලා වෙන්නත් පුළුවන්...!
Joe Shepherd Wednesday, 07 February 2024 11:28 AM
වීඩියෝ එක යූටියුබ් එකේ තියෙනවා. හාමුදුරුවරුන්ට කවුරුවත් ගැහුවේ නෑ.