"ඉඳිබැද්ද කාරියකරවන පටබැඳි සමරසිංහ සකලසූරිය මහවිදානලාගේ දොන් අර්ඩ්ලි නිහාල් ප්‍රනාන්දු" කියලා නළුවෙක් ගැන ඔබ කවුරුත් අහලා තියෙනවද?
හැබැයි දොන් ගයි කියලා ජනප්‍රිය නළුවෙක් ගැන නම් අපි කවුරුත් අහලා තියෙනවා. විටෙක චාලි චැප්ලින් චරිතය හරහා අපට හමුවන දොන් ගයි තවත් විටෙක හිටපු ඇමැතිවරයකු ලෙසත් අපේ සිහියට නැගෙනවා. දොන් ගයි ගේ සම්පූර්ණ නම තමයි අපි මුලින්ම සඳහන් කළේ. ඒත් මොහුට "දොන් ගයි" කියලා නම පටබැඳුනෙ කොහොමද? නමේ නම් "දොන්" කෑල්ලක් තිබුණට "ගයි" ආවෙ කොහොමද? ඒ නම හැදුන පසුබිම් කතාව හරි අපූරු එකක්.
ඔන්න මොහු උපත ලබලා අවුරුදු පහක් විතර යනකල්ම කතා කරලම නැහැ. ඒ සඳහා පිළියම් හොයන්න ඔහුගේ මාව්පියන් මේ රටේ නොගිය තැනක් නැහැලු. සමහරු කෙම් විධි ක්‍රමත් කියලා දීලා තියෙනවා. ඒත් සාර්ථකවෙලා නැහැ.
ඔන්න තවත් දවසක කෙනෙක් මොහුගෙ තාත්තට කෙමක් කියලා දීලා. ළමයා උදෙන්ම නැගිට්ට ගමන් ඔහුට වේගවත් කම්මුල් පාරක් ගහන්න කියලා. හිස් බඩ ළමයට එහෙම පාරක් ගහන්න දුක හිතුණත් තාත්තට වෙන කරන්න දේකුත් නැහැ.
එක පාරටම වැදුණු කම්මුල් පාරෙ සැරට ළමයි "ගයි" කියලා කෑගැහුවලු. පුතාගෙ කටින් මුලින්ම පිටවුණු ඒ වචනෙත් එක්ක තමයි ඔහුට තාත්තා "දොන් ගයි"කියලා එදායින් පස්සෙ කතා කළේ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්මුල් පහරින් බිහිවූ දොන් ගයි