ශ්‍රී ලංකාව ඇතුළු රටවල සාමය හා ආරක්ෂාව ඇති කිරීම සඳහාත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙනුත් සිදු කළ මෙහෙවර අගයමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන්ට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය.
2007 වසරේ සිට බැන් කී මූන් ජගත් සංවිධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරයි.
කේම්බ්‍රිජ් සරසවිය වසර ගණනක සිට පිරි නමන මෙම ගෞරව ආචාර්ය උපාධිය මුලින්ම හිමි කර ගත්තේ යුරෝපයේ ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ ජෝන් ස්කෙල්ටන් විසිනි. ඒ 1493 වසරේදී ය.
යුද්ධය පැවැති රටවල කාන්තාවන්ට එල්ල වන හිංසනයන්වලින් ඔවුන් ආරක්ෂා කිරීමට තම නියමයෙන් විශේෂ කමිටු පත් කර ඒ පිළිබඳ සොයා බැලීම හා ඔහුගේ කාලයේ කාන්තා අපයෝජන අවම වීම ද මෙම උපාධිය පිරි නැමීමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාව, ගාසා, කින්‍යාව, පාකිස්තානය වැනි රටවල පැවැති යුදමය වාතාවරණයේ දී සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනය කිරීමට උසස් නියෝජිතයන්ගෙන් යුත් කමිටු පත් කරවීම, වාර්තා කැඳවිම, එම වාර්තාවන්ට අනුව ඒ ඒ රටවලට වගවීමෙන් කටයුතු කරන ලෙස උපදෙස් දීම ද ආචාර්ය උපාධිය පිරිනැමීමේ දී අවධානයට ලක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේම්බ්‍රිජ් සරසවියෙන් ජගත් ලේකම්ට සම්මාන උපාධියක්
ලලිත් Thursday, 04 February 2016 12:28 PM
උපදෙස් දෙන්න කාට බැරිද? උපදෙස් ක්‍රියාත්මක කිරීමනේ අමාරු (නි)
හිරන්ති Friday, 05 February 2016 03:22 AM
ලලිත් ගේ කථාව හරියටම හරි. උපදේශකයෝ ඕන තරම් ඒත් ඇත්ත තත්වය දන්නේ ඒක අත්විඳින අය විතරයි.(කෞ)