IMG-LOGO

කම්කරු ඇමැති අඟේ ඉඳන් කන කන බව ෆීල්ඩ් මාෂල් කියයි

ඇමැති ජෝන් සෙනවිරත්න වගකීම් රහිතව කතා කරන බවත් ඔහුගේ කට ආණ්ඩුව පැත්තේ වුවත් හිත වෙන පැත්තක බවත් ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහනුවරදී පැවසීය.

මහනුවර දී දළඳා වහන්සේ වැඳපුදා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය

‘මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව මහා පෙරළියක් කර අලුත් අණ්ඩුවක් ඇති කළා. ඒ ආණ්ඩුවට එක් වී සිටින ඇමැති සෙනවිරත්න හදන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ අය ප්‍රබලයන් කර ඉදිරියට ගෙන ඒමට සැරසීමයි. ඔහුට තනිවම ඡන්දයකට එන්නට බෑ. කූඩුල්ලකු සේ කාගේ හරි ඇඟේ එල්ලී ඡන්දයට එන්නැයි ඔහු හදන්නේ.’

ප්‍රශ්නය       :        ඔබ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවාද ?

උත්තරය    :        දැන් එක්සත් ජාතික පක්ෂය සමඟ අපේ පක්ෂය සන්ධාන ගත වී සිටිනවා. පලාත් පාලන ඡන්ද ඇතුළු ජන්ද වලට එජාපය සමඟ මුහුණ දෙනවා

ප්‍රශ්නය       :  මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ආවොත් ඊට මුහුණ දෙන්න සූදානම්ද?

උත්තරය    : ඔහු බදු පනවන්නේ ඔහුගේ වාසියට නොවේ. රට ණය උගුලෙන් බේරා ගන්නයි. ඔහු ක්‍රියා කරන්නේ සත් භාවයෙන්. ඔය විශ්වාසභංගයේ අරමුණ දේශපාලන වාසි ගැනීමයි. අපි එය පරාජය කරනවා. කල්ලි ගැසී සිටින 30 කට 40 කට රජය පෙරලන්න බෑ.

ප්‍රශ්නය       : ඔබ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ලෙස මොනවද කරන්නේ?

උත්තරය    : ආයෝජකයන් මගින් මෙරට විරැකියාවට පිළිතුරක් දිය හැකි ක්‍රමයක් අනුගමනය කරනවා.

ප්‍රශ්නය       : ඇවන්ගාඩ් මැරිටයිම් ආරක්ෂක සමාගම ගැන ඔබේ ස්ථාවරය කුමක් ද ?

උත්තරය    : මම ඒ සමාගමට එරෙහින කතා කළා. ඉදිරියටත් එහෙමයි.මෑත දී රජයේ ප්‍රභූවරයෙකුගේ විවාහ මංගල්‍යට ප්‍රධාන මෙසේ පුටු 2 ක් තිබ්බා ඉන් එකක් ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතිටයි. අනික ඔහුගේ බිරියටයි. එහෙත් එහෙම කරන එම ප්‍රභූවරයා කියන්නේ ඒ මිනිහා තමා නාදුනන බවයි.



අදහස් (0)

කම්කරු ඇමැති අඟේ ඉඳන් කන කන බව ෆීල්ඩ් මාෂල් කියයි

සාමා Monday, 06 June 2016 02:01 AM

මෙන්න ජනතා වරමින් පාර්ලිමේන්තුවට පත් වූ කෙනෙක් (නි)

:       0       0

නයනා Monday, 06 June 2016 02:01 AM

ගෝඨාභය ඡන්දෙ ඉල්ලුවේ නැහැ. ජනතාව එතුමා ප්‍රතික්ෂේප කළා කියන්නේ කොහොමද? ෆොන්සේකා නම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙක් (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 06 June 2016 02:36 AM

අපි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාට ගරු කරනවා. එතුමා අපේ ජාතික වීරයෙක්. එ්ත් දැනට පාර්ලිමේතුවේ පෙනීසිටින සරත් ෆොන්සේකා මහතා ගැන ගොඩක් කණගාටු වෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 05 June 2016 12:43 PM

මත්තල ගුවන් තොටුපොළ වගේ ජාතික අපරාධ කරපු අයව නැවත බලයට ගෙනෙන්න හදනවාද. (නි)

:       0       0

සෙනෙවි Sunday, 05 June 2016 12:56 PM

ඇයි ගෝඨාට ඔයතරම් බය? (නි)

:       0       0

සුසන්ත Sunday, 05 June 2016 01:23 PM

මන්ත්‍රීකමක් සහ ඇමතිකමක් ගත්තට ඔබත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ කෙනෙක් නේද? අඩුගානේ මහින්ද මහතා පාර්ලිමේන්තු ගියා, ඔබ ජනතාව පාර්ලිමේන්තුවටවත් පත්කළේ නැහැ නේද? (නි)

:       0       0

අනිල් Sunday, 05 June 2016 01:28 PM

ඉස්සර කොහොමද කිවුවේ? අද කියනවා ඒ මුදල් ඇමති බදු ගහන්නේ සද්භාවයෙන්ලු. (නි)

:       0       0

සුසන්ත Sunday, 05 June 2016 01:30 PM

තනියම විත් ඡන්දෙන් පැරදී, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටියත් කූඩැල්ලකු සේ වෙනත් පක්ෂයක එල්ලී තනතුරු ලබාගත්තේ කවුද? රටේ මිනිස්සුත් මෝඩයින් කියා සිතාද මෙවැනි කතා කියන්නේ? (නි)

:       0       0

උපාලි Sunday, 05 June 2016 01:55 PM

දැන් වැඩිපුරම ඉන්නේ එහෙම කට්ටිය තමයි මහත්තයෝ (නි)

:       0       0

ප්‍රින්ස් Sunday, 05 June 2016 02:29 PM

දැන් ඔය කතා හොඳටම ඇති මහත්තයෝ (නි)

:       0       0

ප්‍රියා ප්‍රංශය Sunday, 05 June 2016 02:29 PM

අනේ අපොයි! එහෙ මෙහෙ කට්ටියගේ ඩබල් ගේම් අපි නොදන්නවායැ. යහපාලනයට වින නොකර අයින්වෙන්න. (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 03:58 PM

ලංකා දේශපාලන ශබ්ද කෝෂයට කූඩැල්ලාද එක්වූ වගයි! (නි)

:       0       0

සිරි Sunday, 05 June 2016 07:16 PM

අනේ ෆොන්සේකා මහත්තයෝ, ජනතාව ප්‍රතික්ෂේප කළ අය කිවුවහම තමනුන් ඒ ගොඩේ උඩින්ම ඉන්නවා නේද? උඩ බලාගෙන කෙළ ගහන්න එපා (නි)

:       0       0

ලියනගේ Monday, 06 June 2016 02:11 PM

දන් නම් හොදටම පිස්සු (බ)

:       0       0

සුදේශ් Monday, 06 June 2016 01:26 AM

එස්.එෆ්. මහත්තයා මොනවා කියවනවද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 126 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site