IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැබැල්ලෑ පැටියාගේ පණ බේරෙයි

වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු  මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට  බාරදී  ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට  ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.

මාස දෙකක්  පමණ වන පැටවා  කිරි ආහාර  පමණක් ආහාරයට ගනී. වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට  බාර දීමට යයි.

IMG_6723[1] IMG_6724[1]



අදහස් (0)

කැබැල්ලෑ පැටියාගේ පණ බේරෙයි

සෆීන්ස් Tuesday, 15 March 2016 03:22 AM

අපිට ඉස්සර සත්තු හරියට බලාගන්න බැරි නිසා සත්තු වත්තක් හොදයි ...නමුත් දැන්..තාක්ෂණ දියුණූ නිසා අපිට ඕනෙම සතෙකුගේ පටිගත කල දර්ශන බලාගන්න පුළුවන්.. එක නිසා අපි සත්තු වත්තේ ඉන්න සත්තු වනාන්තර වලට දල නිදහසේ ඉන්න දීල වනාන්තර පරිස්සම් කරමුද ? (ම)

:       0       0

අනුර Monday, 14 March 2016 10:41 AM

ක්ෂීරපායි උරගයෙක්. නොබෙල් තෑග්ග දිනාගන්න පුලුවන් සොයා ගැනීමක්. (බ)

:       0       0

සුරංග Monday, 14 March 2016 10:59 AM

අනේ මන්දා. සිංහල නම් දාගෙන හිටියට සිංහල හරිහැටි කියවන්නත් බෑ සමහරුන්ට, (ර)

:       0       0

ලංකා Monday, 14 March 2016 07:28 PM

අනේ පවු අසරණ සතා! සත්තු වත්තට නම් දෙන්න එපා (නි)

:       0       0

සමීර Monday, 14 March 2016 06:44 AM

මේක ටිකක් විතර අමුතුයි. අම්මට මොකද වුනේ අම්මගෙන් කිරිබොන පැටියෙක් වෙන්කළේ ඇයි (බ)

:       0       0

සඳරුවන් Monday, 14 March 2016 06:43 AM

මවගෙන් කිරි බොමින් සිටියදී ඇයි පැටියව ගත්තේ (බ)

:       0       0

ලුම්බිණි Monday, 14 March 2016 06:53 AM

දෙහිවලට නම් බාර දෙන්න එපා. මේ සතා ජීවිතයටම දුක් විඳිනවා. කැලයට අත්හරින්න. (බ)

:       0       0

සේපාල Monday, 14 March 2016 09:01 PM

මෙයා ලොකු වනතෙක් සිට කැලයට පුරුදු කරන්න. සත්තු වත්තට දෙන්න එපා (නි)

:       0       0

අරවින්ද Monday, 14 March 2016 12:22 PM

කබල්ලෑවා කොහොමද අනුර උරගයෙක් උනේ. ඔබතුමා නොබෙල් තෑග්ගට ගොඩක් කිට්ටුයි වගේ. (අ)

:       0       0

මෝහමෙඩ් සිද්ධික් Monday, 14 March 2016 07:13 AM

මමත් කියන්නේ මේ සතාව දෙහිවල වේලිච්ච සත්තු වත්තටනම් දෙන්න එපා, ඊට වඩා නිකන් කැලෙට පිටකොරන්න. (ර)

:       0       0

හේරත් Monday, 14 March 2016 07:05 AM

සමීර සදරුවන් ඒ පැටියගේ අම්මා මිය ගිහින්. (ර)

:       0       0

ඉන්දු Monday, 14 March 2016 07:06 AM

ළමයිනේ කියවනකොට යමක් හරියට කියවන්න ඉගෙන ගන්න, බාගෙට නැතුව. අම්මගෙන් පැටියා වෙන් කරලා තියෙන්නේ අම්මා මිය ගිය නිසා කියලා පැහැදිලිව කියලා තියෙනවනේ... (ර)

:       0       0

සංදේශ් Monday, 14 March 2016 07:14 AM

හොදට බලන්න මියගිය මවගෙන්. (ර)

:       0       0

හේමන්ත Monday, 14 March 2016 07:23 AM

සමීර, සඳරුවන් : "මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන ..." මව් කැබැල්ලෑවා මැරිලා ඉඳලා තියෙන්නේ... හොඳ වැඩක් කරලා තියෙන්නේ. (ර)

:       0       0

ගයාන් Monday, 14 March 2016 07:19 AM

දෙහිවල සත්තු වත්තේ කියන්නේ , මේ සතාට ජීවිතාන්තය දක්වා අපායෙ යනවා වගේ , බොරුනම් සත්තු වත්තේ ඉන්න කොටියාගෙන් අහන්න. එයාට හරියට කන්නවත් දෙනවද කියල. (බ)

:       0       0

ජස්ටින් Monday, 14 March 2016 07:20 AM

මව මිය ගිහින් දෙයියනේ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 07:35 AM

ඉන්දු කියන්නා වගේ හරියට තේරුම් ගන්නේ නැතුව කමෙන්ට්ස් දානවා, මේ පැටවා කිරි බීලා තියෙන්නේ අසල්වැසි අම්මා කෙනෙකුගෙන්. (ර)

:       0       0

මුන්සීර් Monday, 14 March 2016 07:54 AM

හොද වෙලාවට උකුස්සා මරන්නට හම්බවුණේ නැත්තේ (බ)

:       0       0

ඉසුරන්දි Monday, 14 March 2016 08:18 AM

ඒ සතාගේ වාසනාව පවු කාරයෙකුට හම්බ උනේ නැත්තේ. (ර)

:       0       0

උපාලි Monday, 14 March 2016 08:26 AM

හොඳ වෙලාවට කබල්ලැවා පෙරහැරේ ගෙනියන සතෙක්වත් මහන්තත්ත කමට හදන සතෙක්වත් නොවුනේ. නැත්නම් මෙයත් දාල ගිය කෙනෙක් බවට පත්වෙනවා.(අ)

:       0       0

සුමිත් Monday, 14 March 2016 08:30 AM

අම්ම මැරිලද , මරලද, , කොහොම හරි පැටියාගේ පණ බේරුන එක ගැන සතුටු හිතෙනවා, , මම පොඩි කාලේ කබැල්ලෑව දැකල තියෙනවා , ඊට පස්සේ දැකලනම් නැහැ (බ)

:       0       0

ගුණවර්ධන Monday, 14 March 2016 01:52 PM

මෙවැනි දුර්ලබ ගණයේ සතෙක් කොහොමද ? සත්තු වත්තට යවන්නේ වනජීවී දෙපාර්තමේන්තුව එහෙනම් දෙහිවල දෙපාර්තමේන්තුව කියන්නවෙනවා තාරක මහත්මයාගේ අදහස මමනම් පිළිගන්නේ නැහැ .(බ)

:       0       0

නිශාර්ඩ් Monday, 14 March 2016 08:41 AM

හොඳ වෙලාවට සහ උගේ වාසනාවට මේ සතා හික්කඩුව පැත්තේ හිටියේ !! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site