IMG-LOGO

කබ්රාල්ට රට යන්න බෑ

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා , ලබන ජූනි මස 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔහුට අද (25) සිතාසි නිකුත් කළේය.

නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන්ගේ. පෞද්ගලික පැමිණිල්ලකට අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත .



අදහස් (6)

කබ්රාල්ට රට යන්න බෑ

ලක්සිරි පැරිස් Monday, 25 April 2022 03:00 PM

ටික ටික හොරු අල්ලගෙන හොඳම දඬුවමක් දෙමු...!

:       0       20

Bernard Monday, 25 April 2022 04:10 PM

හිරේ ඉන්න ඕනේ අය තමයි එළියේ ඉන්නේ. ග්‍රීසියට දුන්නු මුදල් මෙයාගෙන් අයකර ගන්න ඕනේ. මෙයාට අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       15

fairoos Monday, 25 April 2022 04:21 PM

සර් මෙයාව රටින් පන්නයි වගේ තියෙන්නේ...!

:       0       3

Bernard ll Monday, 25 April 2022 04:54 PM

වැලිකඩ, අගුණපැලැස්ස කියන්නේ පිටරටවල් නෙවෙයිනේ...!

:       0       10

ජූඩ් ඩෙන්සිල් Monday, 25 April 2022 07:44 PM

තිළිණ ගමගේට ආපහු රස්සාව ලැබිලාද?

:       0       3

Mlss. Foseka Monday, 25 April 2022 07:50 PM

ගොඩක් හොඳයි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site