IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘‘කැබිනට්ටුව අසමත් නිසා රටම අසමත්‘‘

(ඩයනා උදයංගනී)

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී ඇතැයි ජාතික උරුම සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

මේ වන විට කැබිනට් මණ්ඩලය ෆේල් බව පැහැදිලි වන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අය පත්කරගැනීම සිදුකළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද (30) පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

නව කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යාම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (29)

‘‘කැබිනට්ටුව අසමත් නිසා රටම අසමත්‘‘

මෝ Thursday, 30 December 2021 08:41 PM

සමත් එකම දේ හොරාකෑම. නුඹලා සේරම අස්වෙලා ගෙදර පලයව්....

:       0       22

senaSaturday, 01 January 2022 01:06 PM

හරියටම හරි... මේ හිස් මිනිස්සු රටම විනාශ කරා... ඒ මදිවට අපිවත් ගොනාට අන්දන්න බලනවා.

:       0       6

Bamunuarachchi Thursday, 30 December 2021 09:17 PM

මෙන්න අඟේ ඉඳන් කණ කනවා..

:       13       8

චන්දිම ෆොන්සේකා Thursday, 30 December 2021 09:54 PM

අපොයි ඕක අපිනම් තේරුම් ගත්තේ මහ ලොකුවට කට්ටිය මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දුන්න දවසේමයි. අපි එදාම කතා වුනේ දිරච්ච අඹ ලෑලි, ලුණුමිදෙල්ල වගේ ලී වලින් කොහෙද හොඳ කැබිනෙට්ටුවක් හදන්නේ කියලා. වැඩිහරියක් ඒවා ගුල්ලෝ ගහපු දිරච්ච ලී නොවැ... ?

:       1       22

මහසෙන් Thursday, 30 December 2021 09:54 PM

මේ අනික් කෙනා.... විසිල් ගහනවා. බල්ටි නෑ. ගැලරියට හැමදාම චූන් කතා දෙනවා. හොරණ ආසනේ මිනිස්සු දැන් මෙයා ගැන හොඳට දන්නවා. මෙයාගේ වැඩ නිසා ප්‍රාදේශීය සභා අයවැය දෙවන පාරත් පරාදයි. කැබිනට් එක හොඳ නැත්නම් බහින එකනේ ඇත්තේ දොට්ට...

:       0       19

Depath Naya Thursday, 30 December 2021 10:03 PM

මෙයාට තියෙන්නේ මෙයාව කැබිනට් එකට ගත්ත නැති ශෝකය. මේ ඔක්කෝටම හපන් හෙට ඡන්දයක් තිබ්බොත් ඒත් අත උස්සනවා...

:       0       16

Kumara Thursday, 30 December 2021 10:14 PM

ඇයි අල්මාරියකට දාලා බැලුවොත් මොකද?

:       0       10

de silva Thursday, 30 December 2021 10:30 PM

හිස් මිනිස්සුන්ගේ හිස් වචන.., ආණ්ඩුව සමග මොවුන් සියලු දෙනාම අතුගා දැමිය යුතුයි..

:       0       17

thushara Thursday, 30 December 2021 10:42 PM

ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න. නැත්නම් මිනිස්සු ගල් ගහල එලවන්නේ තව ටික දවසකින්...

:       2       19

Demuni Uduwara Friday, 31 December 2021 02:03 AM

විදුර, කොහොමද ඔබව විශ්වාස කරන්නේ? 20ඒ ටත් ඡන්දෙ දුන්නා..!

:       0       17

Naushi Friday, 31 December 2021 05:54 AM

අපේ ගෝටා සර් ෆේල් කියලා නොකියා කියනවා..

:       1       13

Surya Friday, 31 December 2021 05:57 AM

ඔවුන් සියල්ලෝම බොරුකාර දූෂිත රෞද්‍රයෝය. එළියේ කෑ ගැහුවත් පාර්ලිමේන්තුව ඇතුළේ අත උස්සනවා.. දූෂිත පනත්වලට සහ අයවැයට. ජනතාව කරුණාකර මේ දූෂිත දේශපාලකයින් විශ්වාස කරන්න එපා. ඔවුන්ට බොරුවට ඔබ රුවටීමටයි හදන්නේ. හොඳ, අවංක මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න කාලය පැමිණ ඇත...!

:       0       16

jayantha Friday, 31 December 2021 06:02 AM

මිනිස්සු වෙඩි ගහලා පෙරහැර යන්න පටන් ගන්නකොට මේ අය කස ගහන්න පටන් අරන්... කාලකණ්ණි රැළ පන්නන්න ඕනේ රෙදි නැතිව..

:       0       15

siri Friday, 31 December 2021 06:10 AM

කොන්ද පණ තියෙන මහජන නියෝජිතයෙක්..

:       17       2

d.upul Friday, 31 December 2021 06:58 AM

ඔබත් ඉන්නේ එකම කැබිනෙට්ටුවේ... කරුණාකර ඉවත්වෙන්න...

:       0       15

Sunil Friday, 31 December 2021 07:16 AM

කැබිනට් මණ්ඩලය විතරයිද ෆේල්? එය පත්කළ නායකයන් අසමත් නැද්ද? කැබිනට් මණ්ඩලයෙන් වැඩගන්න බැරි නියකයින් පාස්ද? මුලු රටම අසමත්...

:       0       18

galapara Friday, 31 December 2021 07:23 AM

මේ කියන කතාව සහතික ඇත්ත... අද රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වුවමනා ප්‍රධාන දේවල් ගන්න පාන්දර ඉඳන් ගව්ගණන් පෝලිම්. එ්ත් අපි හැමදාම TV නිවුස්වල දකිනවා ගොඩක් දේවල් ගන්න බැරුව ආණ්ඩුවට දෙස්දෙවොල් තියතිය හිස් අතින් මිනිස්සු ගෙදර යනවා. ගෙදර දරුවන් කිරිපිටි ඉල්ලලා අඬනකොට දෙමව්පියෝ කොච්චර අසරණ වෙනවද? මුළු ලෝකෙම කොරෝනා තිබුණත් අපේ කිසිම රටක් මෙහෙම බංකොළොත් වෙනවා දැක්කේ නැහැ. වත්මන් ආණ්ඩුවේ අවිධිමත් මුදල් පරිපාලනය සහ නූගත් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී රටම කඩාවැටී ඇති බව මොනවට පැහැදිලිද?

:       2       15

ඇත්තSaturday, 01 January 2022 04:12 AM

අරක මේක නෑ කියලා හිතාගෙන හිටියට ලංකාවේ තරම් ආතල් එකේ ඉන්න අය පේන්නේ පිටරට දුක් විඳින අපිට...!

:       0       3

nadeep Friday, 31 December 2021 07:36 AM

කැබිනෙට්ටුවේ ජනපති ඇතුළු සියලු හැතිකරේ පන්නා දැමිය යුතුයි. මහ එකාට පිස්සු නම් ඇමැති මණ්ඩලේ මාරුකරලා හරියනවද?

:       0       19

සමිත සේනක අලුත්ගමගේ. Friday, 31 December 2021 08:15 AM

"කැබිනෙට්ටුව අසමත් නිසා රටම අසමත්" කතාව නම් ඉතා නිවැරදියි. ඒත්, තව කොපමණ වෙනස්කම් කළත්, මේ තත්වයේ වෙනසක් සිදුවේ යැයි කිසිසේත් විශ්වාස කරන්න අමාරුයි. අසාර්ථකත්වය ඕනෑවටත් වඩා ඔප්පු කොට හමාරයි. දැන් අවශ්‍ය වන්නේ රට වැටීඇති මහා ප්‍රපාතයෙන් ගොඩගැනීමට පක්ෂ භේදයෙන් තොරව එකාමෙන් ඒකරාශී වීමයි.

:       1       15

Lanka Friday, 31 December 2021 09:04 AM

තවත් කොන්දක් නැති පම්පෝරි කාරයෙක්..

:       2       21

Samantha Friday, 31 December 2021 09:20 AM

මෙවැනි නිර්භීතව හඬනගන ඔබවැනි සැබෑ නායකයින් රටට අත්‍යාවශ්‍යයි..

:       21       2

දාසFriday, 31 December 2021 11:30 AM

මෙයා ඩබල් ප්ලේ..., පොඩ්ඩක් මේ යෝධයා ගැන හෙව්වා නම් මේක ගැන අවබෝධ වෙයි.

:       0       18

දාස Friday, 31 December 2021 09:21 AM

මේ ඉන්නේ දවල් මිගෙල්, රෑ ඩැනියල් චරිතයක්.. එළියේ ජනහිත කාමීය.., ඇතුළේ අත උස්සනවා ඕන කුණුගොඩකට... 20ට විරුද්ධව එළියේ ලොරි ටෝක්ස්.., මෙන්න පනත සම්මත කරන්න මේ යොධයා අත උස්සලා. මේ ජාතිය කවදාවත් විශ්වාස කරන්න එපා මිනිසුනේ...

:       1       18

sharm warn Friday, 31 December 2021 10:20 AM

මේ කැබිනට්ටුව විතරක් නෙමෙයි. ඔහේ හිටිය කැබිනට්ටුවත් නිකන්ම නිකන් රාක්කයක් විතරයි. හොරුන් අල්ලනවා කියලා ඇවිල්ලා හොරුන්ව නළවලා ඔහෙලා තමයි මේ තත්වය ඇති කරන්න පාර කැපුවේ. දැන් අනිත් අයට ඇඟිල්ල දික් කරන්න එපා.. තමන් මොනවද කළේ කියලා පාපෝච්චාරණයක් කරන්න.

:       2       13

Perera Friday, 31 December 2021 10:29 AM

කැබිනට් ඇමැතිකමක් එහෙම ලැබිලා තිබුණා නම්... නේද?

:       0       14

Akila Friday, 31 December 2021 11:32 AM

මිනිසුන් අතරේ බොරු වීරයා වෙන්න නිකන් කැබිනට්ටුවට බැනලා ශේප් වෙන්න හදන්නේ.., මොකද එතැනින් උඩ ඉන්න අයට බැන්නොත් වෙන දේ දන්නවානේ... මුළුරටම දන්නවා කවුද අසමත් කියලා...

:       0       16

විපරමා Saturday, 01 January 2022 06:14 PM

මේවට වගකියන්න ඕනේ දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි පවුල් පාලනේ අයයි... ඔවුන්ගේ හොරකම්, වංචා, දූෂණ කෙරුවාවල් නිසා කැබිනට්ටුව විතරක් නෙවෙයි මුලු මහත් ජනතාවම කබලෙන් ලිපට වැටිලයි ඉන්නේ...!!!

:       0       2

fairoos Sunday, 02 January 2022 01:29 PM

සර්, ෆේල් කියලා ජනතාවට තේරිලා ඉවරයි. ඔයාලාට තේරෙන්න නම් ඡන්දයක් එන්නම ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 115 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 141 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 804 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4605 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2270 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1059 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 928 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1418 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site