
(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)
කැබිතිගොල්ලෑව නගරයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට පිරිස වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ප්‍රාථමික පාසල සිසුනට නොමිලයේ ටිකට් ලබා දී මව්පියන්ද සහෝදර සහෝදරියන් ද සමග සංගීත සංදර්ශනය නැරැඹීට පැමිණෙන්නැයි දැනුම් දීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශයේ මව්පියෝ පවසති.
එදාවේලවත් කන්නවත් නැති මොහොතක කුඩා දරුවන්ට පමණක් නොමිලේ ප්‍රවේශපත්‍ර දී සංගීතය නැරැඹීයට මව්පියන් සහ වැඩිහිටියන් ද රැගෙන ආ යුතු බව ගුරුවරුන් පැවැසුවේ යැයි එම දරුවන් මව්පියන්ට පවසා ඇතැයි කියති.
මේ මොහොතේ සංගීතයක් නැරැඹීමට තරම් මුදලක් තමන් සදුව නැතැයි මව්පියෝ කියති.
දරුවන් අඬනවා සංගීතය බලන්න යමු කියල.නමුත් එක් ටිකට් එකක් රුපියල් 400ක්. අපි කොහොමද රුපියල් 400 වැය කරන්නේ දරුවන් මානසිකව වැටිල ඉන්නේ. බරපතලම ගැටළුව අපි මේ පාසලට යන්න ඕනේ යකාවැව, කණුගහවැව, කහටගොල්ලෑව, වැනි දුෂ්කර ගම්මානවල ඉඳන් රෑට අලි කරදර. රෑ 8.00ට ආරම්භ කරන සංගීතය බලලා අපි මහ රැ යන්නේ කොහොමද අලි ගහයි අපට. ගුරුවරු මේ ගැන ටිකක් හිතන්න තිබුණා යැයි මවු පියෝ කියති.
මෙම පාසලේ දරුවන් 518 දෙනකු දැනට අධ්‍යාපනය ලබන බවත්
මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සහ කැබිතිගොල්ලෑව ප්‍රථමිකයේ මුරුකරු සමග එකතුව බව ද ඔවුහු චෝදනා කරති. පාසලේ මුරකරු එහි විදුහල්පතිනියේ ළඟම ඥාතියකු බව ද ඇතැම් මව්පියෝ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරී උත්පලා මහත්මියගෙන් විමසීමේදී මෙසේ කීවාය. නොමිලේ ටිකට් පත් දුන්නාදැයි තමන් දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් සොයා බලනවා.
කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනී ආරියවංශ මහත්මියගෙන් විමසීමක් කළෙමු. ඒ සම්බන්ධයෙන් මෙසේ කීවාය. මේ සම්බන්ධව මවුපියන් ලිඛිතව දන්වලා නෑ. ලිඛිතව ඇයට දැනුම් දෙන ලෙස මව්පියන් දැනුම්වත් කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළාය.
උතුරු මැද පළාත් අධාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා සහ කැබිතිගොල්ලෑව ප්‍රාථමිකයේ විදුහල්පතිනිය සම්බන්ධ කර ගැනීමට ගත් අසාර්ථක විය.

2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබිතිලේලෑව දරුවන්ට ගුරුන්ගෙන් ඇමක්
ගුණදාස ලියනපතිරණ Friday, 17 March 2023 02:02 PM
නියම පළාත් අධයාපන අධයක්ෂතුමිය. ලිඛිතිව දෙන්න කියන්නේ දෙමව්පියන් අදුරාගෙන ළමයින්ගෙන් පලිගන්න. මේ වගේ දෙයක ඇත්ත නැත්ත සොයාබලන්න ලිඛිත ඉල්ලීමක් අවශ්‍යය නැහැ.