
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර කාරක සභාවේ මතුවන කරුණු පිළිබඳව කඩිනමින් නීති පියවර ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීමට හැකිවන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අත්තිකාරම් ලබාදීමේ විශේෂ විගණන වාර්තාවත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ විගණන වාර්තා සහ කාර්ය සාධනය ගැන මේ විවාදයේදී සලකා බැලෙනවා.
කිරි ගවයන් ආනයනය කිරීමේ පළමු සහ දෙවන අදියර යටතේ කිරි ගවයන් හාරදාහක් පමණ ආනයනය කර තිබුණා.තුන්වන අදියර යටතේ කිරි ගවයන් 20000ක් ආනයනය කිරීම සඳහා 2014 සිට කටයුතු සම්පාදනය වී තිබුණා.කිරි ගවයන් පහළොස් දාහක් ආනයනය කරන්න කටයුතු කර තිබුණත් එහි සිදු වූ අලාභයන් හඳුනාගෙන නිර්දේශයන් දී තිබියදීත් ඒ ගැන නොසලකා කටයුතු කිරීම නිසා ගැටලු ගණනාවක් ඇතිවී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප් සභාවේ නිර්දේශවලට කඩිනම් නීති පියවර ඕනෑ
mangala Thursday, 19 June 2025 02:19 PM
එහෙම තමයි වෙන්න ඕන නැතුව බොරුවට ජනතාවට පේන්න ටීවී වල පෙන්නලා වැඩක්ම නැහැ. පහුගිය කාලේ උනේ එහෙමනේ. ඒක වෙනස් කරලා තුනෙන් දෙකක බලයක් දුන්නේ නීති හදලා, ජනතා මුදල් විනාශ කරලා තමන් සැප විඳපු මිනිස්සුන්ව හිරේ යවලා ඒ හොරාකාපු මුදල් ඒ ඒ අයගේ දේපල වෙනදේසි කරලා නැවත අයකරගන්න තමයි.