(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් හෙට(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.
ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, කුරුණෑගල මහනගර සභාව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පෝෂණය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයීම්,සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ 2018 මාර්තු 14 දිනැති විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශිත තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝපා කමිටුව වර්තාව හෙට මැති සබේට