(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සඳහා පත් කෙරෙන සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 3 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විවිධ කඹ ඇදීම් හේතුවෙන් කෝප් සහ කෝපා කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවිය.
මේ අතර කෝප් සහ කෝපා කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළේය.
එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදුනහොත් අනෙකුත් කමිටුවලට සහභාගිවීම සඳහා දෙවරක් සිතීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමඟ කෝප්,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.
මේ අතර අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභා 12ක් ඇතුළු කාරක සභා තවත් ගණනාවක් පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
320
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප්, කෝපා පත්කිරීම සඳුදා
Perera Saturday, 01 October 2022 01:06 AM
කෝප්, කෝපා ගැන කියවනවා. අපිට වතුර කෝප්පයක්වත් බොන්න බැරි ගාණට දැන් වැටිලා.