IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කේපීට කරන දේ කියන්න කල් ඉල්ලයි

යුද්ධය පැවැති සමයේ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා අවි සැපයූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ පී සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අද (19) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කේපී අත්අඩංගුවට ගෙන අධිකරණය  හමුවට පමුණු වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සම  කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි ගම්ලත් මහතා එලෙස කීවේය.

ඔහු සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රකාශ කිරීමට නම් පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති හමුදාපති ඇතුළු පිරිසෙන් ඒ බව විමසා සිටිය යුතු බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඒ සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලුවේය.

 ඒ අනුව පෙත්සම නැවත කැඳවීම ලබන 26 වැනි දාට කල් තැබිණි.

මීට පෙර පෙත්සම කැඳවු අවස්ථාවේ කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැරිණි.

කුමරන් පද්මනාදන් හෙවත් කේ පී නම් කිහිපයක් භාවිත කර ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතයෙන් යාම් ඊම් කර ඇතැයි කියති.

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත්වූයේ ද ඔහුය.



අදහස් (0)

කේපීට කරන දේ කියන්න කල් ඉල්ලයි

සත්‍යපාල Thursday, 19 February 2015 06:51 AM

ඇයි පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ සන්ධානය දිනුවොත් කේ පි ව නැවත නිදහස් කරන්න හිතාගෙන ඉන්නවාද ? (හේ)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 06:51 AM

හිතලා මතලා කරන්න වේවි.දින 100ක් ඔක්කොටම මදි.(හේ)

:       0       0

සමන්ජය Thursday, 19 February 2015 06:54 AM

යහපාලනයේ වැඩ හරි මන්දගාමියිනේ .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site