IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කඳානේ වෙඩි ප්‍රහාරයෙන් අයෙක් මරුට:තිදෙනෙක් රෝහලට

(තිස්ස කොටින්කඩුව සහ ප්‍රසංග පෙරේරා)

කඳාන පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

මෙසෙ මියගොස් ඇත්තේ  උපාලි කුලවර්ධන මැති 50 හැවිරිදි අයකු බවද පොලිසිය සඳහන් කරයි. සුඛෝප භෝගි මෝටර් රථයකින් යමින් සිටි පිරිසක් ඉලක්ක කර යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය ලක් වූ වෙළෙන්දියක ද  වෙඩි ප්‍රහාරය එල්ලේ වන අවස්ථාවේ එයින් බේරීමට මෝටර් රථය පිටුපසට ගනිද්දී එහි ගැටුණු තවත් අයකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය සඳහන් කර.  තුවාල ලබා ඇති පුද්ගලය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහත්ගේ පෞද්ගලික ලේකම්වරයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කඳාන පොදු වෙළඳපොළ ඉදිරිපිටදී  පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද පුද්ගලයන් රාගම රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාල ලද පුද්ගලයන් දෙදෙනා මෝටර් රථයක් තුළ සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි කියයි.

වෙඩි තැබූ බව කියන පුද්ගලයන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් හෝ වෙඩි තැබූ බව කියන ගිණි අවිය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය සඳහන් කරයි

(ඡායාරූප: ප්‍රසංග පෙරේරා)



අදහස් (3)

කඳානේ වෙඩි ප්‍රහාරයෙන් අයෙක් මරුට:තිදෙනෙක් රෝහලට

ඒ පවුල අති පිරිසිදුයි Thursday, 03 July 2025 12:49 PM

සාක්කි වහන වැඩේ දිගටම යනව වගේ

:       1       11

ගුණරත්න Thursday, 03 July 2025 01:35 PM

සාමාන්‍ය මනුස්සයෙක්ට තුවක්කුවක් තියා කම්මලෙන් ගත් පිහියක්වත් ප්‍රසිද්ධියේ අරන් යන්න බැහැ . පොලීසියෙන් ප්‍රශ්න කරනවා. එත් මුන් මෙහෙම වෙඩි තියන්නේ කොහොමද? මේ එකක් දෙකක් නෙවේ, උසාවියෙත් වෙඩි තිව්වා. ආණ්ඩුවේ සහයෝගයක් නැති නම් අහුවෙන්නේ නැතිව මෙහෙම මිනී මරන්න පුළුවන් කාටද?

:       7       6

charith Thursday, 03 July 2025 03:33 PM

කොන්ත්‍රාත් එක අරන් මිනී මරල අහු උන එකෙක්ව එල්ලන්නකො, එතකොට එකෙක්වත් කොන්ත්‍රාත් ගන්න එකක් නැ. හුරතල් කරනවනේ තාම

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site