IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඳුළු ගෑස් සල්ලි සරසවි සිසුන්ට දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කඳුළු ගෑස් වලට වියදම් කරන සල්ලි විශ්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනයට වැඩ සඳහා යොදා ගන්නැයි සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය මැතිවරණ ඉලක්ක කරගෙන බොහෝ යෝජනා ගෙනවිත් තිබෙන බව පෙනෙන්නට තිබෙන බව කී ෆොන්සේකා මහතා  එලෙස හෝ මැතිවරණයක් තිබෙන බව දැනීම සතුටට කරුණක් බව කීය.

නඩු තීන්දුවෙන් ආර්ථික ඝාතකයන් කවුදැයි ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔවුන් මෙරට ජාති ද්‍රෝහීන්  බවට පත් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා  ඉදිරියේදී රාජපක්ෂවරුන්ට මොන මොන කර්ම පල දේවි දැයි බලා සිටින බව සඳහන් කළේය.

 



අදහස් (6)

කඳුළු ගෑස් සල්ලි සරසවි සිසුන්ට දෙන්න

රංබොඩ Tuesday, 21 November 2023 04:10 PM

ඔව් . බලයට එන්න බලාගෙන එක එක ඒවා තෙපරබානවා. හරි වැරැද්ද නෙවෙයි කතා කරන්නෙ. නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නෙ අනතරේ ඉන්න දේශපාලන උන්මත්තකයින්. ඔවුන් රටට වැඩකුත් නෑ. දෙමාපියන් ට වැඩකුත් නෑ.

:       0       1

මැක්ස් Tuesday, 21 November 2023 04:23 PM

රාජපක්ෂවරුන් කල ලොකුම පව නිකමෙක් වගේ විශ්‍රාම යන්න හිටි ඔබතුමා හමුදාපති කිරීම සහ දෙමළ ත්‍රස්තවාදී යුද්ධයට දේශපාලන නායකත්වය දීපු එක. ඒ පව තාමත් ගෙවනවානේ. ඔබතුමාත් ඒක ගෙවනවා. මොකද වැරදි කදවුරට හේත්තු වෙලා රටටම විහිළුවක් වීම නිසා.

:       0       1

Bamunuarachchi Tuesday, 21 November 2023 06:10 PM

යුද්දෙට වැය උන සල්ලි, මල්ටි බැරල්, පතුරොම්, etc etc සඳහා වැය උන මුදල්, හමුදා පතිට දීපු වැටුප් ආදියත් LTTE එකට‍ දුන්නානම් හොඳයි නේද උන්නැහේ? ශ්‍රීමත් ප්‍රේමදාස් එහෙම කලා කියා මතකයි.

:       0       1

Bamunuarachchi Tuesday, 21 November 2023 06:15 PM

කඳුළු ගෑස් ගහන්නේ සරසවි සිසුන්ට නොවෙයි. සරසවි සිසුන්ගේ අද්‍යාපනය විනාස කරන සරසවිය අරක්ගෙන සිටින ජනතා මුදල් කා දමන, ලොක්කා කාලයක් එකතුවෙන්න ලැහැස්ති උන කාලකන්නි ජෙප්පන්ට.

:       0       1

abaran Wednesday, 22 November 2023 01:23 AM

ඕව උන්නැහේ ගැලරි ටෝක් . දැන් ඔහේ හිතනවද අන්තරේ ය ඔහෙට චන්දෙ දෙයි කියල මේ වගේ මෝඩ කතා කිව්වහම ? ඔහෙටම මතක නැහැ ඔහේ කියන දේවල් . කාලෙකට කියනවා රටක ආර්ථිකයටත් වැඩේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආරක්ෂාවට කියල . දැන් ඊට හාත්පසිම වෙනස් එකක් කියනවා . දවසක් කියනවා ප්‍රමාණවත් පිරිසක් නැති නිසා කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් තනතුරට උසස් කිරීම වැරදියි කියල . දැන් කියනවා ප්‍රමාණවත් පිරිසක් නැතුවත් මිනිහව ෆීල්ඩ් මාර්ෂල් කරපු ක්‍රමේ හරි කියල . ඔයත් දැන් කුණු උන දේශපාලන චරිතයක් වෙලා ඉවරයි . කිසිම තැනක වැඩි කලක් ඉන්න බැහැ මොකද ඔයාගේ උද්දච්ච කම නිසා

:       0       2

පිටිගල මිලානෝ Wednesday, 22 November 2023 06:52 AM

වතුර බවුසර් ගොවිතැන් සදහා යොදවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site