IMG-LOGO

“කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ : ජනපතිඳුන් සිටියේ පිළි රූ ලෙසිනේ”

හින්දුස්තාන් ශාස්ත්‍රීය වයලීන වාදනයේ පස් වැනි පරපුරේ සංගීතඥයෙකු වන මහාචාර්ය වී. බලාජී ඔහුගේ පුත් අනන්ත රාමන් වයලීන වාදනයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනපති අද මුසපත් කළ සැටියෙකි. බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ සංගීත මහාචාර්යවරයා වන බලාජි  ජනපති නිල නිවසේ බිම වාඩි වී ජනපති ඉදිරියේ වයලීන වාදනය කළේය.

මහාචාර්ය බලාජිගේ බිරියද එහි පැමිණ සිටියාය. පෙර දින පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයෙකු වූ බලාජි ප්‍රසංග කලාවේ දැවැන්තයෙකි.

වයලීනයෙන් ඔහු දැක්වූ දස්කම් විස්කම් වෙනුවෙන් භාරතයේ දී ලැබූ සම්මාන බොහෝය. බලාජිගේ සීයා වූ ශ්‍රී ක්‍රිෂ්ණා ගේ අධීක්ෂණය යටතේ බලාජි කර්ණාටක සංගීත පුහුණුව ලැබුවේ වසර පහේදීය. 1986 දී ආචාර්ය උපාධිය දිනා ගත්තේය. 1983 - 1993 දක්වා සමස්ත ඉන්දියා ගුවන් විදුලියේ සංගීතඥයෙක් ද විය.

01(1)

1421276_437597809676547_1417869658_o 1912074_423685527734442_822927814_o 10930109_579732112129782_1115223388395576893_n 12646717_670271786409147_1802316116039469268_o



අදහස් (0)

“කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ : ජනපතිඳුන් සිටියේ පිළි රූ ලෙසිනේ”

පද්මිණී Thursday, 23 June 2016 05:01 AM

ඇත්ත කියන්නත් බිම ඉදගන්නත් බිය විය යුතු නැහැලු. එතුමා එවැනි චාම් පුද්ගලයෙක්. (බ)

:       0       0

කිත්සිරි Thursday, 23 June 2016 05:23 AM

හැම දෙයක්ම මතුපිටින් බලන අයුරු මෙම දැමු අදහස් වලින් පෙනේ. සංගීතයට සවන්දීම, රසවිඳීම උසස් පෞරුෂයක ලකුණු පෙනේ. අනෙකුත් වැඩ සාර්තකව කිරීමට මේවා ඉවහල් වේ. (නි)

:       0       0

රාමනායක Thursday, 23 June 2016 10:56 AM

නැව ගිලුනත් බෑන් චූන්! අනේ පව් රටේ මිනිස්සු. (ර)

:       0       0

රසික Friday, 24 June 2016 02:12 AM

මොකක්ද මේ නිල නිවාස? ජනාධිපතිට සරල නිසා මාළිගා දෙකක්ම පාවිච්චි කරන්න වෙලා වගේ. නැවතී ඉන්න මාළිගාවයි, නිල මාළිගාවයි දෙකම නඩත්තු කරන්නේ පුද්ගලික වියදමෙන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ශානක Wednesday, 22 June 2016 01:02 PM

එච්චරයි කරන්න බැරිවුණේ (බ)

:       0       0

ප්‍රියාන් Thursday, 23 June 2016 07:02 AM

සංගීතයට ඔච්චරම කැමති නම් අපේ අය කොපමණ ඉන්නවද? වික්ටර් රත්නායක වගේ කෙනෙක් ගෙන්නුවා නම් මීටවඩා රස විඳින්න තිබුනා. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 22 June 2016 01:07 PM

රෝමය ගිනි ගනිද්දීත් සීසර් වීනා වාදනය කළාලු. අඩු තරමින් ඊට සවන් දී හිටියලු. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 22 June 2016 01:29 PM

පැදුරු පාටි දදා ඉන්න කාලයක්ද රටේ තියෙන්නේ? (බ)

:       0       0

චන්දන Thursday, 23 June 2016 12:11 PM

සමහරුන් කියනවා ඔබතුමා සරලලු අනේ මන්ද අපිට පෙන්නැහැ එහෙම එකක් (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 22 June 2016 01:32 PM

කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ : ජනපතිඳුන් සිටියේ වැට් බදු ලෝකේ (බ)

:       0       0

කරුණාපාල Wednesday, 22 June 2016 01:31 PM

ඔබ තුමා කන්කළු සංගීතය අසා එසේ මුසපත් වෙද්දී, මහා බැංකු අධිපතිගේ ගරු රඟපෑම් නැරඹු අපිට නම් ඉතින්, අප විසින්ම කණ පලා ගැනීමට හිතෙන තත්වයක් තමයි අද උදාවෙලා තියෙන්නේ? (බ)

:       0       0

සාමා Thursday, 23 June 2016 07:20 AM

අනේ මන්දා මහත්තයෝ හිතට එන ආවේගය කොහොම පිටකරන්නද කියලා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 22 June 2016 02:02 PM

අපිත් හරි ආසයි ඔය කන් කළු නද අහන්න.එ්ත් මේ අපේ රටේ දැන් තියන ආර්ථික ප්‍රශ්න අහස උසට, ඔබ තුමාට නම් මොකද.ඒවා දැනෙන්නේ පොඩි මිනිහට විතරනේ.......(බ)

:       0       0

සමන් Wednesday, 22 June 2016 02:17 PM

කව්ද ඒ ජොලි සීයා (බ)

:       0       0

නිලංග Wednesday, 22 June 2016 02:26 PM

වෙන වැඩ නැතුවද (බ)

:       0       0

බුද්ධිනී Wednesday, 22 June 2016 02:27 PM

වෙන වැඩ නැතුව වෙන්න ඇති (බ)

:       0       0

හසිත Wednesday, 22 June 2016 03:07 PM

රටේ මොන ප්‍රශ්නේ තිබ්බත් අවුලක් නැනේ .... ජනපති හරී සරලයි නේ.....(බ)

:       0       0

රුවන් Wednesday, 22 June 2016 03:20 PM

මෙතුමාලගේ දැන් තිබෙන ආර්ථික තත්වේ හැටියට රටේ ආර්ථික තත්වේ කොහොමටත් වැටහෙන්නේ නැහැ. ලංකාවේ මෙහෙම වයලින් ගහන අය නැද්ද? (බ)

:       0       0

නිම්මි Wednesday, 22 June 2016 03:54 PM

මොන මිනිස්සුද මේ? කිව්වා විදිහට රට නීතිගරුක දුෂණයෙන් තොර සුඛිත මුදිත කරලා ඉවර නිසා මෙතුමාට මේවා කරන්න බැරිද? (බ)

:       0       0

සත්‍යයා Thursday, 23 June 2016 08:02 AM

වරද නිවැරදි කර දුන් ඔබට පින්. රෝමය ගිනි ගනිද්දී වීනා වාදනය කලේ නීරෝ බව දැන සිටියත් ලියන මොහෙතේ සිත වෙනතකට ඇදී ගියා. (ම)

:       0       0

සත්‍යයා Thursday, 23 June 2016 08:03 AM

නිෂාඩ් මීට කලින් හිටපු එක්කෙනත් රටේ ප්‍රථම පුර වැසියා හැටියට කරලා ගිය හැටි දැක්ක නේ? බලයේ ඉන්න මිනිසුන්ගේ නිදහස ගැන නොව බලයක් නැති මිනිසුන්ගේ අසරණ කම ගැන ලියන්න. (බ)

:       0       0

රොෂාන් Wednesday, 22 June 2016 04:19 PM

නිම්මිත් කාගේහරි බයිලා සංගීතයක් අසලා මුසපත්වුණ කෙනෙක් වගෙයි නේද? (නි)

:       0       0

සුපුන් Wednesday, 22 June 2016 04:35 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබ සරල මිනිසෙකි. ඔබ වැනි මිනිසෙකු ලැබීම භාග්‍යයක්. ඔබට ජය! (නි)

:       0       0

ශාන්ත Wednesday, 22 June 2016 05:14 PM

අපිත් ආසයි කන්කළු නාද අහන්න. එ්ත් දැන් යන විදිහට කන් නෑසුනා නම් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

තිලක් - නුවර Wednesday, 22 June 2016 07:01 PM

මුසපත්ව අන්ධකාරෙන්... ගිලිහීයන බෞද්ධකම නොවැටහේ නම් හෙට දින... නොඑනු හෙට දින නැවතත් අප වෙත... (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 22 June 2016 08:07 PM

අනේ මන්දා අපේ කට්ටියත් කරුණු සොයානොබලා බොරුවට බනිනවා. ඒක එතුමාගේ කැමැත්තනේ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 22 June 2016 08:29 PM

හිටපු රජතුමා පිටරට යනකොට ගිය හැටි මතක නැද්ද? ඇයි මෛත්‍රී මහතාට විතරක් දොස් කියන්නේ? (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 22 June 2016 10:14 PM

අපේ රටේ මෙහෙම දේවල් වුණාට වෙන දියුණු රටවල මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 22 June 2016 10:25 PM

පන්සිළු වීණා නද පසුබැස්වූ... බලාජි වැයුවලු පිරිසට රැස්වූ... ජනපති අපගේ වැට් බදු ඉස්සූ... පැණයෙන් පැනයන ගැටයකි ගැස්වූ... (නි)

:       0       0

ජගත් Wednesday, 22 June 2016 10:28 PM

60% ජනතාව ගැන දැන්නම් ඇත්තටම දැනෙන්නේ කළකිරීමක් (නි)

:       0       0

සිසිල් Thursday, 23 June 2016 12:21 AM

සීසර් නෙමෙයි සත්‍යා, රෝමය ගිනිගනිද්දී වීණා වාදනය කළේ නීරෝ (නි)

:       0       0

සුගත් Thursday, 23 June 2016 12:32 AM

අපේ ජනාධිපතිතුමාත් නීරෝ වගේ. රටේ මෙච්චර ප්‍රශ්න. බදු අහස උසට. ඩයස්පෝරාව එහෙන් වැඩ. මෙතුමා වයලින් වාදන අහනවා. ඉතින් කොහොමද රට ඉස්සරහට යන්නේ? (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 23 June 2016 12:38 AM

සරල බව පෙන්වන්නද මේ? කවුරුත් සංගීතය ප්‍රියකරනවා තමයි. එහෙත් මෙහෙම වැඩ? අපේ සංගීතයේ මුදුන් මල්කඩ වූ අමරදේවයන්ටවත් ආරාධනා දුන්නද? (නි)

:       0       0

සුගත් Thursday, 23 June 2016 01:43 AM

පන්සලකට ගියාම නම් අපේ දේශපාලඥයින්ට බිම වාඩිවෙන්න බැහැ. (නි)

:       0       0

හේරත් Thursday, 23 June 2016 01:40 AM

නැව ගිලුනත් බෑන් චූන්! (නි)

:       0       0

ලාලිත Thursday, 23 June 2016 02:13 AM

ඔබයි අපේ සරල ජනපති. (නි)

:       0       0

ඉන්දු Thursday, 23 June 2016 02:16 AM

බිම ඉඳගන්න පුළුවන්, සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න පුළුවන්... තව මොනවද අවශ්‍ය අපේ මිනිසුන්ට? මෙහෙම අය කලිනුත් සිටියාද? (නි)

:       0       0

උපුල් Thursday, 23 June 2016 02:30 AM

මාවත් නිකන්ම වගේ දැහැනකට සමවැදුනා (නි)

:       0       0

සෑම් Thursday, 23 June 2016 02:34 AM

රටේ මිනිසුන්ට එදා වේල කන්න නැතුව බඩගින්නේ. ජනාධිපති සහ ඇමතිවරු පැදුරු සාජ්ජ දමමින් විනෝද වෙනවා. රෝමය ගිනිගනී. පාලකයෝ විනෝද වෙති. (නි)

:       0       0

මදුසංක Thursday, 23 June 2016 02:51 AM

ඡන්දදායකයිනි, දැන් සතුටුයිද...? (නි)

:       0       0

නලීන් Thursday, 23 June 2016 02:57 AM

භාරතීය රාගධාරී සංගීතය ඉතා පුළුල් එසේම ගැඹුරු අති මාධුර්ය ශ්‍රාස්ත්‍රීය රසවින්දන විෂයක්. වාදකයාණෙනි, ඔබේ සිතාරය, සත්සර නංවන සුමිහිරි රාවය, කෙතක ගොයම් නෙලනා ළඳුන්ගේ දෙතොලේ ගීයට මුසුකළ මැනවි! (නි)

:       0       0

කිංග්ස්ලි Thursday, 23 June 2016 03:02 AM

මේවා දකිනකොට අම්මපා මට එන කේන්තියක්... (නි)

:       0       0

සමන් Thursday, 23 June 2016 03:14 AM

පෙර නායකයන් සහ පුතුන් රාත්‍රී කාර් රේස් තබමින්, දළදා මාළිගය ඉදිරිපිට විකාරරූපි රංගන රඟදක්වද්දී මේ ප්‍රතිචාර දාන අය ලංකාවේද හිටියේ? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 23 June 2016 03:23 AM

සමහරක් අයගේ කුහක අදහස් දැක්කහම හිතාගන්න පුළුවන් මොන පසුබිමක අයද කියලා. ජනාධිපති අපේ රටේ ප්‍රධාන පුරවැසියා. ඉතින් රටේ ජනාධිපතිට සංගීත රසය විඳින්නට තහනම්ද? ඒ එතුමාගේ නිදහස. අපි ඒක ගරුකරන්න අගයකරන්න පුරුදුවිය යුතුයි. (නි)

:       0       0

කණිෂ්ක Thursday, 23 June 2016 03:21 AM

රටේ දාහක් ප්‍රශ්න. මෙහෙ සංගීතය විඳිනවා. අනේ ඉතින් මෙහෙමත් රටක්! (නි)

:       0       0

යෝනක Thursday, 23 June 2016 04:52 AM

දැන් බඩුමිල ඇහුවහමත් අපි ඉන්නේ පිළි රූ වගේ තමයි (නි)

:       0       0

වසන්ත Thursday, 23 June 2016 04:52 AM

සත්‍යයා, රෝමය ගිනිගනිද්දී වීණා වාදනය කළේ නීරෝනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site