IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය  වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-5-2 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්‍යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබේ.

උපදේශක සේවා ආයතන විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තු ගත පිරිවැය අදාල ණය මුදලට වඩා වැඩිවීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි රජය පවසයි.

එබැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ එම ව්‍යාපෘතිය නිම කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ලැබ ඇතැයි ද රජය සඳහන් කරයි.

ඒ අනුව ව්‍යාපෘතියෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන එහි සමස්ත ඇත්තමේන්තු ගත පිරිවැය  මූල්‍ය ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබේ.

එකී මූල්‍ය ප්‍රදාන බාර ගැනීමටත් ඒ සඳහා වන අදාළ ගිවිසුම් වලට එළඹීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (3)

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි

ranjith Tuesday, 30 April 2024 04:01 PM

ණය අරන් හදලා ඕකත් කාටහරි දෙන්නද හදන්නේ? අන්තිමට ණය ගෙවන්න වෙන්නේ රටේ අනාගත පරපුරට.

:       3       5

ravin Tuesday, 30 April 2024 04:53 PM

ඊටපස්සේ ලංකාවේ අහිංසක ධීවරයන්ගේ ජීවන වෘත්තීයට බඩේපහර ගහන්න ලෙහෙසි වේවිද?

:       3       4

Perera Wednesday, 01 May 2024 05:42 AM

ඊටපස්සේ ඒකත් දෙමු අදානිට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ඉන්දුනීසියාවට
2024 මැයි මස 17 22 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.


රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි
2024 මැයි මස 17 85 0

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
2024 මැයි මස 17 383 0

ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම


‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑතිලු‘‘
2024 මැයි මස 17 730 3

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.


රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
2024 මැයි මස 17 166 0

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප


මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්
2024 මැයි මස 17 449 1

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 759 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2297 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1970 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site