IMG-LOGO

කන්ද උඩරට ක්‍රිකට් සටන ලන්ඩනයේදී

මහනුවර ජනප්‍රිය පිරිමි පාසල් දෙකක් ලෙස සැලකෙන ධර්මරාජ සහ කිංස්වූඩ් විද්‍යාලවල එංගලන්තයේ ජීවත් වන ආදී සිසුන් ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මෙවරත් මැයි මස 24 වෙනි සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.

සෙනසුරාදා පස්වරු 1.00ට තරගය ඇරඹෙන අතර මෙවර මහා බ්‍රිතාන්‍යයේ ධර්මරාජ විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සංගමය සත්කාරකත්වය දරයි.

 ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟ අතරින් ප්‍රමුඛ තරගයක් බවට පත්ව ඇති ධර්මරාජ කිංග්ස්වූඩ් ක්‍රිකට් තරගය  මේ වනවිට එකසිය අට වතාවක් පවත්වා ඇති අතර එංගලන්තයේදී මෙය සංවිධානය වන්නේ තුන්වැනි වරට බව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ආසිරි බණ්ඩාර පැවසීය.

ලන්ඩන් නුවරදී මෙතෙක් පැවැත්වූ තරඟ දෙකෙන් දෙපිලම එක් තරඟය බැගින් ජයග්‍රහණය හිමි කරගෙන තිබීම විශේෂත්වයක් වන අතර මෙවර තරඟය ජය ගැනීමට දෙපිලම කරට කර තරඟයක් දීමට මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවද ඔහු කිවේය.

මැයි මස යෙදෙන දීර්ඝ සති අන්තයේදී මෙම තරගය පැවැත්වෙන නිසාවෙන් වෙනදාට වඩා බොහෝ පිරිසක් සහභාගි වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වෙති. විශේෂයෙන් ධර්මරාජ හෝ කිංග්ස්වූඩ් පාසල් දෙකට අයත් නොවන ඕනෑම අයෙකුට තරඟය නැරඹීම සඳහා සහභාගි විය හැකි අතර ඒ සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ. 

වැඩි විස්තර 07751671460 හෝ 07910493016 අංකයන්ට කථා කිරීමෙන් ලබා ගත හැකියි.

 

 

 



අදහස් (0)

කන්ද උඩරට ක්‍රිකට් සටන ලන්ඩනයේදී

සාරංග Monday, 28 April 2014 09:17 PM

බිග් මැච් සංස්කෘතියේ වරදක් නැහැ.සමහර පුද්ගලයන්ගේ වරදක් පමණි තියෙන්නේ.(ස)

:       0       0

සුරාජ් Monday, 28 April 2014 10:01 PM

ධර්මරාජයට ජය වේවා! ධර්මරාජ-කිංග්ස්වුඩ් සහෝදරත්වයට ජයවේවා! (නි)

:       0       0

බිසා Monday, 28 April 2014 02:18 PM

ධර්මරාජයට ජය වේවා. (ස)

:       0       0

ලාල් Sunday, 04 May 2014 08:55 AM

මොනවද අප්පේ නොගැලපෙන දේවල්? අනික බිග් මැච් එකෙන් සංස්කෘතිය පෙන්නන්නෙ නෑ..ඒක විනෝදය සහ සහෝදරත්වය සඳහා පමණයි. (ස)

:       0       0

ෂේන් Monday, 28 April 2014 02:37 PM

ධර්මරාජයට ජය වේවා (දිල්)

:       0       0

samaසාමා Monday, 28 April 2014 04:02 PM

ධර්මරාජයට ජය වේවා!!(දිල්)

:       0       0

මාෂා Tuesday, 29 April 2014 12:51 AM

සැරද!...කිංස්වුඩ් (දී)

:       0       0

සිරි Tuesday, 29 April 2014 12:51 AM

කලකට පස්සේ පුක්කුස ගේ ප්‍රතිචාරයක් දැක්කා. නරකද ක්‍රීඩා පිටිය අසල විරෝධ තාවයක් සංවිධානය කලොත්? ඒවාට පුක්කුස දක්ෂයිනේ (දී).

:       0       0

සෙනරත් Tuesday, 29 April 2014 04:00 AM

කින්ග්ස්වූඩ් පිලට ජයවේවා (දී)

:       0       0

ශාන Tuesday, 29 April 2014 06:38 AM

කින්ග්ස්වූඩ් විද්‍යාලයට ජය වේවා. නියම වෑඩක් සහෝදරත්වයට ජය. (දී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Monday, 28 April 2014 05:21 PM

උතුම් මිනිසුන් විසින් ජාතියක් යහමඟ යවන්න හැදූ මෙම පාසල් දෙකේ සමහර ආදි සිසුන් මෙවන් අවස්ථා නොගැළපෙන දේවලට යොදාගන්නවා. (නි)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Monday, 28 April 2014 06:15 PM

ලංකාවේ 'ඕල්ඩ් බෝයි' සහ 'බිග් මැච්' සංස්කෘතිය දිහා බලන මෙහෙ හැදෙන ලාංකික කුඩා ළමයින්ට 'අපේ සංස්කෘතිය' මෙයයි කියාද අපි කියලා දෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 110 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 265 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site