
( සිතුම් චතුරංග)
නිත්‍යානුකූල නොවන ආකාරයෙන් යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ කාන්තා සහ ළමා නිවාසයක් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල් මහත්මිය විසින් මුද්‍රාතැබීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ‘අභයම්‘ නැමති මහජන පැමිණිලි මධ්‍යස්ථානය වෙත මෙම කාන්තා සහ ළමා නිවාස දෙක සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලිමත සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව කාන්තා නිවාසය සහ ළමා නිවාසය මුද්‍රා තැබීමට දැනුම් දුන් බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.
කාන්තා නිවාසය අවිධිමත්ව පවත්වාගෙන යාම සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක අනිසි ලෙස සී.සී.ටී.වී කැමරා සවිකිරීම පිළිබඳව ‘අභයම්‘ ඒකකයට පැමිණිලි ලැබී තිබූ බවත් තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති බවත් සඳහන් කළේය.
එම ළමා නිවාසයේ භාරකරුවන් විසින් බාලවයස්කාර දරුවන්ගේ දර්ශන අනිසි ලෙස සී.සී.ටී.වී කැමරා ඔස්සේ නිරන්තරයෙන් පටිගතකර ඇති බවත් අනාවරණයවී ඇති බවත් පැවසේ.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා-ළමා නිවාසයක් මුද්‍රා තබයි
Weerasingha Thursday, 04 July 2024 01:07 PM
යාපනයේ පමණක් නොවෙයි අනෙක් පළාත් වලත් ඔහොම දේවල් අනන්තවත් වෙනවා. ඒත් බලන්න කෙනෙක් නැහැ .ලියාපදිංචි නොකර වැඩිහිටි නිවාස, ළමා නිවාස තියෙනවා කියලා අහන්න ලැබෙනවා
ලසන්ත Thursday, 04 July 2024 01:55 PM
මුද්‍රාතැබීම පමණක් ප්‍රමාණවත් නොවේ. සී.සී.ටී.වී කැමරා ඔස්සේ නිරන්තරයෙන් දරුවන් පිළිබඳ දර්ශන ලබාගෙන ඇත්නම් එහි අරමුණ, භාවිතය පිළිබඳවත් සොයා බලා නීතිය හමුවට පමුණුවන්න.