යාපනය පේදුරුතුඩුවේ සිට කටුනායක දක්වා ධාවනය කළ වෑන් රියක් කරුවලගස්වැව තබ්බෝව මී ඔය පාලම ආසන්නයේ දී අද අලුයම 2.30ට පමණ අලියකුගේ හැපී පෙරළීමෙන් කුඩා දරුවකු ඇතුළු දෙදෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි කරුවලගස්වැව පොලිසිය කියයි.
මියගිය නිමල් රාජ් කැනඩාවේ සිට නිවාඩුවට පැමිණ ආපසු කැනඩාවට යාම සඳහ කටුනායක ගුවන් තොටුපොළට යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත. තුවාල කරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරත් සමග කුලප්පූ අලියකු වාහනවලට පහදී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. පහරකෑමට ලක් වූ යුවළක් තුවාල ලබා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැනඩා යන්න ඇවිත් යන්නම යයි
සනත් ගුණවර්ධන ස්විස් Sunday, 28 August 2016 07:37 AM
කොපමණ බලාපොරොත්තු ඇතුවද මේ ගමන ආවේ , එහෙත් සිදුවූ අවාසනාව , ජීවිතය අනියතය , මරණය නියතය , එය කෙසේ , කොහේ සිදුවේද කියා අපිම නොදනී , බුදු බන සත්‍ය බව මෙයින් වැටහේ , මැරුන සියලු දෙනාට නිවන් සුවත් , රෝහල් ගතවූ අයට ඉක්මන් සුවයත් පතමි (බ)
අරුණ Sunday, 28 August 2016 09:38 AM
අයියෝ පව්! (නි)