IMG-LOGO

කන්ටේනර් 800ක් වරායේ හිර වෙලා

(සුජිත් හේවාජුලිගේ )

විවිධ භාණ්ඩ කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක්  රේගු පරීක්ෂණ අවසන් නොවීම හේතුවෙන් කොළඹ වරායේ  වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සිරවී පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් වරායේ  විශාල ඉඩකඩක් ඵලදායි කාර්යයකට යොදා ගැනීමට නොහැකිවී  ඇති හෙයින් එම කන්ටේනර් කඩිනමින් ඉවත් කරන්නැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට ඊයේ (31) උපදෙස් දුන්නේය.

වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  සහ     ලංකා නාවික ඒජන්තවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී  ඊයේ (31)  පැවැත්විණ.

එම නියෝජිතයෝ  මේ ප්‍රශ්නය පිළිබඳව  ඇමැතිවරයාට මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන්හ.

මේ සිරවී ඇති කන්ටේනර් ඉවත් කිරීමෙන් වරායේ බහාලුම් සඳහා වැඩි ඉඩක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන හෙයින් වරායේ කාර්යක්ෂමතාවය වැඩි කර විශාල  විදේශ විනිමය  ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

එසේම වරාය හා වරාය අභ්‍යන්තරයේ රේගු කටයුතු වලදී  කඩදාසි භාවිතය අවම කරමින්   ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමටද  අමාත්‍යවරයා එම නියෝජිතයන්ට පොරොන්දු විය.

පවතින තත්වය යටතේ ලංකාවට පැමිණෙන නැව් ප්‍රමාණය අඩුවුවද  විශාල ප්‍රමාණයේ නැව් රාශියක් පැමිණ ඇති බැවින්,හුවමාරුව සඳහා  පැමිණෙන  බහළුම් සංඛ්‍යාව  සියයට හතරයි දශම පහකින් වැඩිවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අන්තර් පර්යන්ත අතර බහාලුම් ගෙන යාමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා  එම බහාලුම් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රථ සංඛ්‍යාව වැඩි කරන ලෙසට  නාවික ඒජන්තවරු මෙහිදී  අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.

රටේ ආනයන අපනයනය සඳහා ඉහළම පහසුකම් සලසමින්   විදේශ විනිමය සහ ආදායම් උත්පාදනය කර දෙන නාවික ගමනාගමනය මෙරට ආර්ථිකයේ  ප්‍රධාන අංශයක් හෙයින් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයන් සඳහා වරාය සහ රේගුවේ ඉහළම ප්‍රමුඛතා සහයෝගය ලබා දීම  ජාතික යුතුකමක් බව  නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට  නාවික ඒජන්තවරුන්ගේ සංගමයේ සභාපති ෂෙහාරා ඩී සිල්වා, මහලේකම් රැල්ප් ආනන්දප්පා යන මහත්ම මහත්මීන් ඇතුළු  නියෝජිතයෝ  පිරිසක්ද  අමාත්‍යංශයේ  ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා සහ  වරාය අධිකාරියේ නිලධාරීහුද සහභාගි වූහ.



අදහස් (0)

කන්ටේනර් 800ක් වරායේ හිර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 485 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site