(ප්‍රසාද් රුක්මල් )
අපොස සා.පෙළ විභාගයට මෙවර පෙනි සිටින සිසුවෙකු මිතුරන් සමඟ පස්සර මැදවෙලගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට ගොස් සිටියදී නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් තට්ටුවෙන් අඩි 27 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවිමෙන් අනතුරුව මියගිය බව පස්සර පොලිසිය පවසයි .
පස්සර රබර්වත්ත මඩුගස්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පස්සර ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දර්ශන විදුරංග (17) නැමති සිසුවා මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .
මෙම සිසුවා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින ඔහුගේ නිවසට නුදුරින් සිටින මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට තවත් මිතුරන් කිහිපදෙනක් සමඟ ගොස් ඇති බවත් ,රාත්‍රියේ හදිසි අවශ්‍යතාවයකට මොහු නිවසේ ස්ලැබ් එකට නැගිමට යාමේ දී මෙසේ ඉන් බිමට ඇද වැටී ඇති බවත් පොලිසිය සදහන් කළේය .
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොන්ක්‍රිට් තට්ටුවෙන් වැටී සිසුවා මරුට
පැරකුම් Tuesday, 23 May 2023 03:10 PM
මෙවැනි පුවත් ඉදිරියට සාමාන්‍ය දේවල්වනු ඇත. මත්‍ද්‍රව්‍ය නියාමනය නොකිරීම සහ දෙමව්පියන්ගේ නොසැලකිල්ල ඊට හේතුවයි...!
Bunny Preena Tuesday, 23 May 2023 04:25 PM
බොහෝම කණගාටුදායක මරණයක්... එහෙ මෙහේ නගින්නේ නැතිව හරි මාර්ගයේ ගියා නම් මෙවැනි අනතුරක් සිදුවෙන්නේ නැහැනේ... හෙළි නොවූ කිසියම් කරුණක්ද මෙහි සැඟවී තිබිය හැකිය...
Bunny Preena Wednesday, 24 May 2023 10:06 AM
පාඩම් කරන්න ආවානම් කාමරේට හෝ ස්තොප්පුවට වෙලා පාඩම් කරන්න එපැයි .කොන්ක්‍රීට් ස්ලැබ් අස්සේ රිංගන්න ගියේ මොන එහෙකටද?අපරාදේ තරුණ ජීවිතයක්