(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහරදී කඳුළු ගැස් වායු උණ්ඩ 50ක් පැහැර ගත් පුද්ගලයකු වැලිකඩ ඔබේසේකරපුර,නානයක්කාර මාවතේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
පැහැර ගෙන තිබූ එම වායු උණ්ඩ තොගය බොරැල්ල ගෝතමී පාර සැකකරු තාවකාලිකව පදිංචිව සිටී නිවසේ සඟවා තිබී සොයාගෙන ඇත.
ඉකුත් 13 වෙනි දින රාත්‍රී වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය පාලනය කිරීමට පොලිසිය සහ යුද්ධ හමුදාව එකතුව කටයුතු කළ අවස්ථාවේදී එම ස්ථානයට ත්‍රිරෝද රථයකින් කඳුළු වායු උණ්ඩ රැගෙන යමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකුට පහර දී ඔවුන් භාරයේ තිබූ මෙම කඳුළු වායු උන්ඩ පැහැර ගෙන තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
පෙදරේරු රැකියාවේ නියුතු අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව කාශ්‍යප පුර පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කදුළු ගෑස් උණ්ඩ 50 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට
sharm warn Monday, 18 July 2022 10:13 AM
කල් ඉකුත්වී ඇති මේ කඳුළු ගෑස් මහජනතාවට එරෙහිව භාවිතා කරලා ජනතාවට ශාරීරික හානි පමුණුවන පොලිසියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කවුරුවත් නැද්ද?
Lelwala Monday, 18 July 2022 11:11 AM
රටේ ඇති වුනු වෙනත් සිද්දින් ගැන ප්‍රස්න කර යුතුයි.
Janaka Monday, 18 July 2022 01:16 PM
ආයුධ අතැති පොලිස් නිලදාරීන් තුන් දෙනෙකුට තනියම පහර දීල කදුළු ගෑස් තොගය පැහැර ගත්තා නම් මිනිහා බෘස් ලී ටත් වඩා වැඩ කාරයෙක් වෙන්න ඕන. නැත්නම් මේක හැරී පොටර් ටත් වඩා රසබර නවකතාවක් වෙන්න ඕනේ. නැත්නම් මේ පෙදරේරුවා පොලිස්සියේ ලොකු මහත්තයෙක්ගේ වැඩක් නිකන් කරලා දෙන්න බැහැ කියලා තියෙනවද දන්නෙත් නැහැ.