IMG-LOGO

කෝදුරු තෙල්ම ඉල්ලති

කුඹුරුවලට වතුර ඉල්ලා  අම්පාර ගොනාගොල්ල ඇතුළු ගම් කිහිපයක ගොවියෝ  අද උදේ සිට මහඔය අම්පාර පාර අවහිර කරමින් විරෝධයක් ඇරැඹූහ.

ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් මෙවර කුඹුරු අක්කර හැට දහසකට වඩා ජලය දිය නොහැකි බව  කන්න රැස්වීමේදී මීට මසයකට පෙර දන්වා තිබියදීත් ගොවීහු පාරට බැස සිටිති.

සේනානායක සමුද්‍රයෙන් ජලය ලැබෙන මුළු කුඹුරු අක්කර ප්‍රමාණය එක්ලක්ෂ තිස්දහසකට ආසන්නය.

සහකාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසුයේ ගොවීන්ට මේ තත්ත්වය කන්න රැස්වීම්වලදී පැහැදිලි කැර ඇති බවයි.

 

 

 

 



අදහස් (0)

කෝදුරු තෙල්ම ඉල්ලති

වාසනා Tuesday, 06 May 2014 04:56 PM

මෙතරම් තද වැසි වසිද්දිත් ගොවියන්ට වතුර නොදෙන්නේ ජල රකුසන් නේද ?? (ස)

:       0       0

අසෝකා Tuesday, 06 May 2014 05:01 PM

අහසින් වැටෙන දිය බිංදුව පවා ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදුන් මහා වීරයන් සිටි රටක අද පැත්තක ගංවතුර, පැත්තක නියඟය, තාක්ෂණය අතින් ඉතාමත් දියුණු යුගයක රටේ ආහාරවේල් ටික හරි ගස්සන ගොවියා මහ පාරේ. අහෝ ආශ්චර්යක මහත! (ස)

:       0       0

ශාන සෞදි Tuesday, 06 May 2014 05:32 PM

අහසින් වැටෙන දිය බිංදුව පවා ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යන්නට ඉඩදී, කිසිදු වාරි කර්මාන්තයකට නිසි නඩත්තුවක් නොදී, මාසේ පඩිය ගෙන, තමන්ගේ බඩ ගැන පමණක් හිතන අපගේ සමහර ඇත්තෝ ඇයි වැව් ජලාශ රොන් මඩ වලින් පිරෙන්නට හැර ඇස් පියාගෙන ඉන්නේ? ගොවීන් තමන්ගේ ගොවිතැනට ජලය ඉල්ලනවා මිස බෙන්ස් ඉල්ලන්නේ නැහැනේ (නි)

:       0       0

ප්‍රවීන් Tuesday, 06 May 2014 05:51 PM

කොච්චර අහිංසක ඉල්ලීමක්ද? මේ ඉල්ලීම ඉටු කරන්න බලන්න වෙන වැවකින් හරි වතුර ගෙනල්ලා දීලා. (නි)

:       0       0

සිංහ Tuesday, 06 May 2014 01:25 PM

ස.වා.අ. තුමනි,රටට බත බුලත දෙන්න මහන්සිවෙන මේ අහිංසක දුප්පත් ගොවි ඇත්තන්ට වතුර ටිකක් දෙන්න විකල්ප ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නදී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Tuesday, 06 May 2014 01:27 PM

කලක් යන කොට රාත්‍රී කාලයට ඉරත් පායන්න දෙන්න කියලා විරෝදය උද්ගෝෂණ පවත්වාවි.(නදී)

:       0       0

ගුනේරිස් Tuesday, 06 May 2014 02:54 PM

මෙන්න බොලේ වැඩක්. එහෙන් සමහර පළාත් වලට ගංවතුර ගලන්න වහිනවා. මේ මිනිසුන්ට දෙන්න වතුර ටිකක් නැහැ. කොටියට වැරදුනෙත් වතුර නොදීපු හින්දා. රතුපස්වලට වැරදුනෙත් වතුර ඉල්ලපු නිසා. අනේ මන්ද මේ රටට මොනවා වෙනවද කියල. (ස)

:       0       0

තේජා Tuesday, 06 May 2014 03:43 PM

ට්‍රයිකෝ රන්ජිත් වගේ අයට ගොවියාගේ දුක තේරුම් ගන්න කවදාවත් බැහැ. (දී)

:       0       0

ලියනගේ Tuesday, 06 May 2014 03:50 PM

මෙවැනි ප්‍රශ්න කෙරෙහි රජයේ අවදානය යොමු කොට ..සුදුසු /කාර්යක්ෂම ..ජල කළමනාකාරිත්වයක් ... කෙරෙහි අවදානය යොමු කලයුතු කාලයයි මේ ...වෙනත් රටවල ..තිබෙන ජල කළමණාකරන ..ගැන අදහස් ගෙන ..අපගේ ..උගත් ..තරුණ කොටස් වලින් ප්‍රොයෝජන ගත යුතු කාලය මේ ..එසේ කරනනේ නම් ..මෙසේ තරුණ අයගේ රැකියා ප්‍රුශ්න වලටද ..සාධාරණ ..පිළිතුරක් ..දෙන්න පුළුවන්..අපෙතේ යනවතුර ...නල වලින් ජලය සැපයීමෙන් ...නවීන තාක්ෂනය උපයෝගී කර ගනිමින් ..මෙයට හොඳ පිළිතුරක් සැපයිය හැකිබව ..අපි සියලු දෙනා දැනගත යුතුයි ...සෑම ප්‍රශ්නයකටම .හොඳ දීර්ග කාලින .පිළිතුරු දීම ඕනෑම රාජ්‍යයක වගකීමක් ......... (දී)

:       0       0

හේරත් Tuesday, 06 May 2014 04:05 PM

වැස්සෙන් අඩුවකුත් නෑ. ගංවතුරෙන් අඩුවකුත් නෑ. මිනිස්සුන්ට වතුරත් නෑ. කාට කියන්නද මේවා. දියටමදාන්න. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 04:32 PM

ඇයි දෙයියනේ ජලාස උතුරන්න වහිනවලු. එහෙන් ගංවතුරලු. එතකොට මේ ජලාශ වලින් පිටාර ගලන වතුර ප්‍රයෝජනයකට ගැනෙන්නේ නැද්ද?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 94 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site