උපාලි තෙන්නකෝන් හිටපු පුවත්පත් කතුවරයාට හා ඔහුගේ බිරියට පහර දුන්නැයි කියන දිනයේ (2009 ජනවාරි 23) හමුදා සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම කොහුවල සිටි බවට දුරකතන සාක්කියක් ඇතැයි රහස් පොලිසිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මියට අද (23) දැන්වීය.
මහේස්ත්‍රාත්වරිය - ‘ඔබ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවෙක් ද?‘
සැකකරු - ‘නැත ස්වාමීනි, ඒ නඩුවේ සාක්කිකරුවකු පැහැර ගත්තේ මමයි‘
මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට පැවසූයේ එම නඩුව පවත්වාගෙන යනවාද සැකකරුට එරෙහිව කවර චෝදනා ගොනු කරන්නේ ද එසේ නැත්නම් මෙම නඩුව සමථ මණ්ඩලයට යොමු කරනවාද යන්න ලබන 30 වැනිදා අධිකරණයට දන්වන ලෙසයි.
උපාලි තෙන්නකෝන් මහතා හා ඔහුගේ බිරිය අධිකරණයට පැමිණ සිටියේ නැත. එම සිද්ධියෙන් පසු රට හැර ගිය ඔවුහු මෑතදී ශ්‍රී ලංකාවට පැමිණ සැකකරු හඳුනාගැනීමෙන් පසු යළි එතෙර ගිය බව වාර්තාවේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කතුවරයාට ගැසූ නඩුව සමථ මණ්ඩලයට යොමුවන පාටයි