ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ලලිත් කොතලාවල ඇතුළු වග උත්තරකරුවන් ඇප කොන්දේසි කඩ කැර ඇතැයි ද ඇප ගැනීමට පෙර තැන්පත්කරුවනට රුපියල් හාර කෝටියක් ගෙවීමට වූ එකඟත්වය පැහැර හැර ඇතැයි ද තැන්පත්කරුවන්ගේ නීතිඥ සුමුදු හෙට්ටිගේ මහතා කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතාට අද දැනුම් දුන්නේය. රුපියල් කෝටි 72ක් පමණ වන තැන්පතු වංචා කළැයි මේ නඩුව පවරා ඇත. ලලිත් කොතලාවලට අමතරව ශාන්ති කුමාර් කාවන්, මයිකල් පෙරේරා, ප්‍රසන්න සමරසේකර, සුරම්‍ය ටී. කරුණාරත්න, ජුඩ් නෙරන්ජන් ප්‍රනාන්දු, සිසිල් කොතලාවල, (පැමිණ නොසිටී) පී. කමලාදේවී රණතුංග හා වී ආර්. ධර්මසිරි වග උත්තරකරුවෝය. ඔවුන් ඇප කොන්දේසි කඩා ඇත් නම් ඇප දුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලිකරන්නැයි මහාධිකරණ විනිසුරු කීවේය. වග උත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කීවේ පැමිණිලිකරුවනට රුපියල් ලක්ෂ 12ක් ගෙවා ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොතලාවලලා ඇප කොන්දේසි කඩලා