IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වහයි

(එම්.කේ.නන්දසේන)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම  ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසීය.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇත.

මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි  පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. 

මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතය.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසීය.

                            

 

     

 



අදහස් (6)

කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වහයි

සුපුන් Monday, 12 June 2023 12:08 PM

නොපෙනෙන දෙවියෙක්ගෙ වැඩකට ලමයින්ගෙ අධ්‍යාපනය බිලි දුන්නම වෙන්නෙ මොකක්ද. එක්කො එම ලමයි අනාගතයේ දේශපාලනය කරයි. නැත්නම් පාතාලේ.

:       2       13

ලුම්බිණි Monday, 12 June 2023 12:46 PM

කවදාවත් නොකරපු වැඩ. මෙහෙමත් මිනිසුන් අතරේ රටක් හැදෙයිද?

:       1       8

Jayakodi Monday, 12 June 2023 01:32 PM

ඹය නිළධාරීන්ට නවතින්නට වෙනත් තැන් ඇත්තේම නැද්ද?

:       1       3

සත්‍ය Monday, 12 June 2023 04:46 PM

මේකේ ඉන්න බූරුවන් හිතන් ඉන්නේ මේ දේවල් මේ අවුරුද්දේ විතරක් වෙනවා කියලා. කතරගම කලාපේ පාසල්වල අගෝස්තු නිවාඩුව අවලංගු වෙනවා කියලා නොදැන කමෙන්ට් දානවා.

:       2       2

අසත්‍යTuesday, 13 June 2023 06:36 AM

හැමදාම උනත්, මේ අවුරුද්දේ විතරක් උනත් වැඩේ වැරදියි කියල පේන්නේ නැද්ද?

:       0       0

Hela Monday, 12 June 2023 05:43 PM

අධ්‍යාපනයට වඩා දෙයියෝ ලොකු වුණාම. මේ රටවල් මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? කෝටි ගණන් තියෙන දේවාලයෙන් සල්ලි අරන් තැනක් හැදුවා නම් මොකද? ළමයින්ගේ අනාගතේ විනාශ නොකර... හැදේයි ඉතින් මේ රට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site