(අංජුල මහික වීරරත්න)
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයට සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙසද පරිසර අධිකාරිය කියයි.
මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර බ්‍රහස්පතින්දා (26) ජුලි 10 වැනි දා තෙක් දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ස්ථාන වල පෙරහර කාල සීමාව අවසානයේ විශාල කසළ ප්‍රමාණයක් එක් රැස්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
2024 වර්ෂයේ පෙරහර සමය අවසානයේ ඝණ අපද්‍රව්‍ය ටොන් 1,500ක් ද පෙට් ප්ලාස්ටික් බෝතල් ටොන් 4ක් පමණ ද ප්ලාස්ටික් මල් මාලා කිලෝ ග්රෑම් 50ක් පමණ ද එකතු කර ගෙන තිබෙන අතර මෙය පෙර වසර වලට සාපේක්ෂව කසළ අඩු වීමක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
කතරගම එනකොට ප්ලාස්ටික් ගේන්න එපා
Deshabandu Wednesday, 25 June 2025 09:54 AM
ජීවිතයට හැදෙන්නෙ නැති, සුදු ඇඳ ගත්තු, කලු සිත් තියෙන බොරු භක්තිකයන් ඉන්න තාක්කල් , පූජා භූමිය පිරිසිඳුව තියාගන්න කරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක්.